ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි..

September 14, 2020 at 12:00 pm | lanka C news
ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි..

“වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.

2016 වසරේ අප්‍රේල් මස ඇරඹී “වියත්මග” ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය.

දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස 13 පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමුවූ ජනාධිපතිතුමා එසේ පැවසීය.

ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ. එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිතුමා “වියත්මග” විධායක සභාවට පෙන්වා දුන්නේය.

උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිතුමා පැවසීය.

“වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිතුමා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගල්ප්පත්ති මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

56,862 views

8 Comments to “ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි..”

  1. ගරසරප says:

    වියත්මග පරිසර ප්‍රශ්නය ගැන වහා බලන්න.

  2. Mekath, Maithri + Ranil patta boru pathola/samanala anduwa wage mekath patta boru anduwak weganai enne! Api, 69 lakshayak Vote kare, 19 sanshodanaya Sinhala jathiyata saha ape sundara podi Lankawata itha bhayanaka hindai. :Paski Sunday Muslim isis bomaba keliyeth, ekalaye thibba kalakani durwala pathola, pamba,samanala anduwa hinda. Namuth, den, Wimaluth kiyanawa, 19 sanshodanaya nemei wadagath, minissunta kanda denna one kiyala? Mona boru karayoda me. Me yakkuwa api wishwasa kala wedi kiyalai denna hiththenne!!

  3. අතුලසෞදි says:

    සාකච්ඡා තව දුරටත් පැවැත්වීම හොඳයි .නමුත් ඔහුන් පැහැදිලිව කියලා තියෙනවා 20 සංශෝධනයෙ සිදුවිය යුතු වෙනස්කම් .
    අපි තව දුරටත් ඉඟුරු දීලා මිරිස් ගන්න සූදානම් නැහැ .

  4. අතුලසෞදි says:

    සාකච්ඡා තව දුරටත් පැවැත්වීම හොඳයි .නමුත් ඔහුන් පැහැදිලිව කියලා තියෙනවා 20 සංශෝධනයෙ සිදුවිය යුතු වෙනස්කම් .
    අපි තව දුරටත් ඉඟුරු දීලා මිරිස් ගන්න සූදානම් නැහැ .
    ජජනාධිපතිතුමණි මේ ඔබේ අවඅවධානයට !

  5. Rohan says:

    කුමන දෙය සිදු කලත් විෂයට අදාළ විද්වත් උපදෙස් අනුව සිදු කිරීම සුදුසු බව අපගේ හැන්ගීමයි…
    කොරෝනා මර්දනයේදී මෙසේ සිදු කල අති සාර්ථක විය .
    ලන්කාගමදීද විද්වත් උපදෙස් අනුව ක්‍රියාකළයුතුව තිබුන බව මගේ අදහසයි..

  6. Neil says:

    The work progression is very slow. Need to work day and night if we were to achieve at least a satisfactory level of development. Need goals, targets and review. Catching drug smugglers, 20th amendment will not give people a better life. These are comfortable excuses to let the time go without results

  7. people says:

    මෙච්චර කල් සහය නැද්ද?

  8. m p a samaratunga says:

    Though getting a degree is a different issue and politics is different .Therefore good politician with a good vision can rule the country than for name sake so call viyath maga characters .

Main News