ජනාධිපති විවෘත කරන්න සිටි ගොඩනැගිල්ල පොහොට්ටුවේ පුංචි මන්ත‍්‍රීන් විවෘත කරති..

August 4, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති විවෘත කරන්න සිටි ගොඩනැගිල්ල පොහොට්ටුවේ පුංචි මන්ත‍්‍රීන් විවෘත කරති..

එළැඹෙන 10 වැනිදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කිරීමට නියමිතව තිබූ කන්තලේ නගර ශාලා නව ගොඩනැගිල්ල එම කන්තලේ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත‍්‍රීවරුන් විසින් ඊයේ පෙරවරුවේ විවෘත කර ඇත.

එම ගොඩනැගිල්ලේ ඊයේ දිනයේ විශේෂ සැසිවාරයක්ද පවත්වා තිබේ.

මන්ත‍්‍රිවරුන් කියා සිටිනේ මහින්ද රාජපක්‍ෂ පාලන සමයෝ කෝටි 08ක මුදලක් වියදම් කර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කර තිබුනත් වත්මන් පාලකයන් විසින් එය විවෘත කිරීම කල් දමන ලද බවයි.

කෙසේ වෙතත් මෙම විවෘත කිරීමත් සමග සභාව එකම ගාලගෝටියක් බවට පත් වූ අතර විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විරෝධය පා සභාවෙන් පිටත්ව ගියහ.

58 views
Main News