ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…

April 1, 2022 at 3:14 am | lanka C news
ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.

පසුගිය ආණ්ඩු සඳහා චෝදනා කරමින් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ මෙය විසඳා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සඳහන් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්,

“මේ මොහොත වන විට මේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ. තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, බඩු මිල අහස උසට. මේ වගේ වෙලාවක භික්ෂූන් වහන්සේලා වන අපට මිනිස්සු කෑ ගහනවා. පසුගිය කාලේ කෑ ගහපු හාමුදුරුවරු කෝ කියලා. මම මේ ආණ්ඩුවට යෝජනාවක් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඒක තමයි රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳ හරි අවබෝධයක් ලබාදෙන ආකාරයක් අපිට පේන්න නෑ. මැති ඇමතිවරු නොයෙක් කතා කියනවා. සාමූහික වගකීමක් දරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වෙලා නෑ. ඊයේ පෙරේදා ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියනවා තෙල් තිබෙනවා ඕන තරම්, බවුසර් නැවත හැරිලා යනවා කියලා. සිපෙට්කෝ ආයතනය කියනවා 30 සහ 31 තෙල් නෑ, කරුණාකරලා පෙට්‍රල් ශෙඩ්වලට එන්න එපා කියලා. මොකක්ද මේ බහුබූතේ?

අදඅපි මේ මුහුණ දෙන අර්බුදයට මුහුණ දෙන්න පෙරාතුව ගෝලීය වසංගතයක් වුණු කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. මුල් කාලයේ යම් යම් අපිළිවෙළ ආකාරයක් තිබුණත් පසුව ඒ ප්‍රශ්නය හොඳින් කළමනාකරණය කළා. ඒක අවසන් කලාට පස්සේ දැන් විශාල ජීවන අරගලයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

මිනිස්සුන්ගේ බඩගින්දර එක්ක, අවේගය සමග සෙල්ලන් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. අපි පළවෙනි යෝජනාව ආණ්ඩුවට කරනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා පුළුල් නිවේදනයක්, යම් සකච්ඡාවක් ඇතිකරගත යුතු වෙනවා. අර කාලෙට, මේ කාලෙට, පසුගිය ආණ්ඩුවලට චෝදනා කළා කියලා මේකට උත්තරයක් හොයන්න බෑ.

ඉතාම කරුණාවෙන් ආණ්ඩුවට කියනවා ඇත්තටම ලැජ්ජයි. ඒ මොකක් ගැනද? මේ වාහනවලට තෙල් දෙන එක සම්බන්ධයෙන් මොකක් හරි සිස්ටම් එකක් හදලා මේ වෙලාවට තෙල් දෙනවා කියලා කියන එක මහලොකු වැඩක්ද? ගෑස් සම්බන්ධයෙනුත් ඒක කරන්න පුළුවන්. මිනිස්සු පෝලිම්වල, සෑම නගරයකම උද්ඝෝෂණ. කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ ඇයි මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්න මැදිහත් වෙන්නේ නැත්තේ? මේ කලබලයට පත්වීම නිසා නොයෙක් ප්‍රශ්න අලුතින් නිර්මාණය වෙන්න පුළුවන්.

දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික, ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රටඅයාලේ යනවා. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව කියන්න මේ විශ්වාසය හදන්නේ කොහොමද? ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? ඒක විසඳන්න කොපමණ කාලයක් යනවාද? කියලා.

එහෙම නොවී තව තවත් අයාලේ යන්න ඇරලා, සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් සඳහන් කළහ.

– අද

101,908 views

37 Comments to “ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…”

  1. JR says:

    👉 ජනාධිපතිට නෙවෙයි අයිසේ, තමුන්ට පැවිදි කම කරන්න බැරි නිසා ගිහින් අමුඩයක් හරි ඇඳගෙන එනවා….! පිරිමියෙක් නම් තේරුනාද?☝️ අපේ සාසනය වනසන්නැතුව, කාසාවකන්ඨක නිගන්ඨයා….!!!! 🙏🙏🙏

    • SALMAL says:

      JR. Shut your fanatic hamba mouth , you idot ..Never insult buddhist monks ..This is Buddhist Country…

      • Gamarala says:

        JR නිගන්ඨයා කියපන් උබේ මිනිමරපු warlord මොහොමඩ්ට ,පාස්කු බොම්බේ තියපු උබේ මිනීමරු අන්තවාදී වහබි පරපුරට …උබලගේ කාති උසාවියේ ගෑනු හොරු ලේබ්බේලාට අබුඩේ ගස්සපන් ..අපේ රටේ කිසිම භික්ෂුන්වහන්සේ කෙනෙකුට අපහාස කිරීමට කිසිම ගිහියකුට අයිතියක් නැත

        • රටවැසියා says:

          ඥානසාර කියන මේ ජරා අවස්තාවාදී මැර මිනිහ කුණුහරුපෙන් කිරුළපන දම්මවිජය හිමිටයි රතන හිමිටයි බැනපු හැටි අහල නැද්ද.

  2. Soppy says:

    Ane palayan gnanaya yanna

  3. Sena says:

    මෙයාගේV8 එකට ඊයේ තමයි තෙල් ඉවරවෙලා තියෙන්නේ

    • cobra says:

      ගරුතර හාමුදුරුවනේ ,පසුගිය කාලේ ඔබවහන්සේ සිටියේ පොහොට්ටුව සමග නේද ? ඒ කාලේ මේ රාජපක්ෂලා අපේ රටට කරපු /කරන විනාශය දුටුවේ නැද්ද ? දැන් ප්‍රමාද වැඩියි ..බෞද්ධජනතාව ඔබවහන්සේ ගැන තිබු විශ්වාසයත් දැන් දියවී ගිහින් ..

  4. මොඩයාගේ පාළනය.. says:

    ස්වාමීන් වහන්ස මේ මීමා සහ පව්ළ රටින් හොරාකෑමට හැර නයට කන හාල්පාරුවන් සේ දර්ශණයකින් තොරව රට විණාශ කරනා බව පැහැදිළියි..
    මුං ජීවත්වී ඇත්තේ මීහරක් මඩුවකදැයි සැක සිතෙන තරමට නුගත් නිසා ආර්ථිකය ගොඩදැමට හිටපු මහබැංකු විගණකාධිපතිවරයා යටතට වහාම රට තාවකාළිකව පත්කළ යුතුයි,.!

  5. Mole nathi Baiya says:

    Thoth pala kalakanniya

  6. Felix says:

    Mee Karanne Boruwa

  7. පළමුවැනි නන්දසේන says:

    අනේ බොල අපත කහකඩයො…උඹ කණ පලාගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපිය මී හරකා

  8. Ranjan says:

    2008 / 2009 kalaye weddek nedha. Tahnn honda nehe neda. Genawa LTTE sakkiliyan

  9. 0.00069 BIYYO says:

    👉 ජනාධිපතිට නෙවෙයි අයිසේ, තමුන්ට පැවිදි කම කරන්න බැරි නිසා ගිහින් අමුඩයක් හරි ඇඳගෙන එනවා….! පිරිමියෙක් නම් තේරුනාද?☝️ අපේ සාසනය වනසන්නැතුව, කාසාවකන්ඨක නිගන්ඨයා….!!!! 🙏

Main News