ජනාධිපති විසින් මෝදිගේ පරිවාර ඇමැති ලෙස ඇමති සජිත් පත්කරයි.. සජිත් ප‍්‍රකාශයක් කරන්න යයි.. එජාපයේ කැලඹිලි..

June 9, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති විසින් මෝදිගේ පරිවාර ඇමැති ලෙස ඇමති සජිත් පත්කරයි.. සජිත් ප‍්‍රකාශයක් කරන්න යයි.. එජාපයේ කැලඹිලි..

තම දෙවැනි නිල කාලයේ පළමු විදෙස් සංචාරය අරඹමින් පැය හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමැති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි කැලඹීමක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදුකිරීමත් සමග එජාපයේ ඉහළ නායකයන් දැඩි ලෙස කැලඹීමට ලක්ව ඇතැයිද පැවසේ.

ඉන්දීය අගමැතිවරයා මෙරටට පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය නැරඹීමට යාමට නියමිතව ඇත.

පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉඟිකොට තිබුණේ මීළඟ එජාප නායකයා තරුණ නායකයකු වුවහොත් තම සහායද ලබාදෙන ලෙස සඳහන් කළේය.

මේ අතර අනුරාධපුරයේදී අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ස්වර්ණ ජයන්ති විහාරයේ චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයේදී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ස්ථිර වචනයක් ප්‍රකාශයට පත්කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

– aruna

107 views

15 Comments to “ජනාධිපති විසින් මෝදිගේ පරිවාර ඇමැති ලෙස ඇමති සජිත් පත්කරයි.. සජිත් ප‍්‍රකාශයක් කරන්න යයි.. එජාපයේ කැලඹිලි..”

  1. චන්දදායකයා, says:

    ලබන ජනාධිපති වරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෝ,
    නාම ලැයිස්තුව ගන්න චන්ද ප්‍රමාණය අනුව,
    1, ගොටභය රාජපක්ෂ
    2, ගලබොඩ ඥානසාර හිමි
    3, සජිත් ප්‍රේමදාස
    4, නගහනන්ද කොඩිතුවක්කු
    5, අනුර කුමාර දිසානායක

    • දේවක says:

      අනේ තෝ වගේ ගොන් හරකෙක් ගිය පාර ඡන්ද දාහක් ගන්න බැරිවුන නානසාර දෙක වෙන්නෙ කොහොමද? 😀

  2. මහේන්ද්‍ර විජේතුංග මාලඹේ says:

    සිරිසේන සජිත්ට මොඩිගේ පරිවාරක බෝයි වැඩේ දුන්නට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ‍තෝරන්නේ සිරිසේන හෝ මෝඩි නෙවෙයි

  3. මේඝවර්ණ අභය says:

    හැටදෙලක්ෂේ අම්බරුවන් ආයෙම මෝඩ වැඩ නොකරාවි යන්න මගේ අදහසයි

Main News