ජනාධිපති විසින් මෝදිගේ පරිවාර ඇමැති ලෙස ඇමති සජිත් පත්කරයි.. සජිත් ප‍්‍රකාශයක් කරන්න යයි.. එජාපයේ කැලඹිලි..

June 9, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති විසින් මෝදිගේ පරිවාර ඇමැති ලෙස ඇමති සජිත් පත්කරයි.. සජිත් ප‍්‍රකාශයක් කරන්න යයි.. එජාපයේ කැලඹිලි..

තම දෙවැනි නිල කාලයේ පළමු විදෙස් සංචාරය අරඹමින් පැය හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමැති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි කැලඹීමක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදුකිරීමත් සමග එජාපයේ ඉහළ නායකයන් දැඩි ලෙස කැලඹීමට ලක්ව ඇතැයිද පැවසේ.

ඉන්දීය අගමැතිවරයා මෙරටට පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය නැරඹීමට යාමට නියමිතව ඇත.

පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉඟිකොට තිබුණේ මීළඟ එජාප නායකයා තරුණ නායකයකු වුවහොත් තම සහායද ලබාදෙන ලෙස සඳහන් කළේය.

මේ අතර අනුරාධපුරයේදී අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ස්වර්ණ ජයන්ති විහාරයේ චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයේදී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ස්ථිර වචනයක් ප්‍රකාශයට පත්කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

– aruna

76,840 Viewers

15 Comments to “ජනාධිපති විසින් මෝදිගේ පරිවාර ඇමැති ලෙස ඇමති සජිත් පත්කරයි.. සජිත් ප‍්‍රකාශයක් කරන්න යයි.. එජාපයේ කැලඹිලි..”

  1. Human says:

    young leadership? lol

  2. CHANDA says:

    සජිත් කියන්නේ කාටත් හිතාගන්න බැරි උනාට රෝ එකේ මෙරට ඒජන්තයෙක්, එහෙම වෙන්න බැහැයි කියා හිතෙන එවුන් ඒ ගැන රට ඉදිරියේදී සජිත්ගේ නායකත්වය යටතේ පාලනවෙන විධියෙන් වත් දැන ගනිල්ලා.

  3. sunimal says:

    රනිල්ට පක්ෂයෙන්ම කම්මුල් පහරක් කරුණාකර ඉල්ලා අස්වෙන්න

  4. cw says:

    ” Sama Young ( Samayan) Leadership?

  5. charles says:

    If you want to show the country that you are a leader, you have challenge Ranil now. Now or never for Sajith.

  6. පොරමෝලා says:

    එක්සත් ජාතික පක්ෂය ගත යුතු තීරණ වලට ජනාධිපති වරයා මැදිහත්වීම විකාරයකි

  7. Saradiel says:

    හනුමා එන්නේ හොද කට නොවේ සිතා වෙනුවට අපේ කොලබ වරාය ගන්නයි

  8. mali says:

    Do we need another stupid one after another pabaya or gamarala. Is srilanka such a idiotic country.We need some one very patriotic who has a proven history of working towards the wellbeing of our people.We do not need a person who dug out our ancient temple’s treasures and used them for personal things or a person who destroys jungle for his political gains.This man is not Ranainghe Premadasa.Do not get fool again and destroy the unity of sinhalese if you divide minorities will again dominate and destroy the country. get the idea from India.

  9. Suren says:

    There are reports that his mother & sister & the family all have become born again Christians. Is this the family we want to select as our first family in the country? Forget politics think deeper.When MR was in power did n’t his sister write a letter citing the God in her letter.So strong in their belief ,we have no issues but not good to be the head family of a Buddhist country specially when it is being challenged from all quarters. Navin is a better young candidate from the UNP.

  10. Suren says:

    All these PSC investigations and his governance showed Sirisena is not a bright person. He can deal with run of the mill things like,tree planting,enviornment ,drug menance but not intelligent enough to be shrewd to be a President or PM. Sajith is also like Sirisena in this way.Good at house projects ,some poverty deals etc but lack the intelligence to run a country. We should be wise here.Sirisena’s upbringing is modest and Sajith falls into that category, so he likes him I think.An UNP leader is one day a country leader so all of us should use by brain when using the next UNP leader.

  11. චන්දදායකයා, says:

    ලබන ජනාධිපති වරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෝ,
    නාම ලැයිස්තුව ගන්න චන්ද ප්‍රමාණය අනුව,
    1, ගොටභය රාජපක්ෂ
    2, ගලබොඩ ඥානසාර හිමි
    3, සජිත් ප්‍රේමදාස
    4, නගහනන්ද කොඩිතුවක්කු
    5, අනුර කුමාර දිසානායක

    • දේවක says:

      අනේ තෝ වගේ ගොන් හරකෙක් ගිය පාර ඡන්ද දාහක් ගන්න බැරිවුන නානසාර දෙක වෙන්නෙ කොහොමද? 😀

  12. මහේන්ද්‍ර විජේතුංග මාලඹේ says:

    සිරිසේන සජිත්ට මොඩිගේ පරිවාරක බෝයි වැඩේ දුන්නට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ‍තෝරන්නේ සිරිසේන හෝ මෝඩි නෙවෙයි

  13. මේඝවර්ණ අභය says:

    හැටදෙලක්ෂේ අම්බරුවන් ආයෙම මෝඩ වැඩ නොකරාවි යන්න මගේ අදහසයි

Main News