ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…

April 16, 2021 at 10:26 pm | lanka C news
ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථනයෙන් දුන් අැමතුම ගැන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳව අදහස් පල කලේ මෙසේය.

‘විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය හමුව අපිත් සජීවීව නැරඹුවා. එතනදී විජයදාස මන්ත්‍රීවරයා කියනවා තමන්ට ජනාධිතිතුමා දුරකථන ඇමතුමක් ලබාදීලා තර්ජනාත්මකව කතා කළා කියලා. ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා එයට හේතුව තමන් විසින් ඊයේ සිදුකළ මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමාගේ දරුවන් සම්බන්ධයෙන් සිදුකළ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් කියලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදීලා ඉතිහාසය මතක් කරලා දීලා කියලා තියෙනවා මේක වැරදි ඔබතුමා කිව්ව දේ කියලා. එතනදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට කියලා තියෙනව තමන් ජනාධිපතිවරයාගේ දරුවන්ට කිසිදු ප්‍රකාශයක් සිදු කලේ නැහැ කියලා. ඉතින් මේ කරුණ ගැන පැහැදිලි කර ගන්න ජනාධිපතිතුමා සහ විජයදාස මන්ත්‍රීවරයා අතර දුරකථන සංවාදයක් තිබිලා තියෙනවා.

මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිතුමන්ලා සමග වැඩකරලා තියෙනවා. එහිදී ඒ ජනාධිපතිතුමන්ලා විසින් අපෙන් දුරකථන ඇමතුමක් ලබාදීලා යම් පැහැදිලි කර ගැනීම් සිදුකර තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේකත් ඒ වගේ දෙයක්.

ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන මාධ්‍ය සජීවීව ප්‍රචාරණය දෙනවා. නමුත් එතුමාගේ තිබෙන සරලකම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ, මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. එතුමා ජිවත් වෙන්නේ තට්ටු දෙකක සාමාන්‍ය ගෙදරක. පාවිච්චි කරන්නේ වාහන 03ක් විතරයි. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් බිලියන 1.7ක් ඉතුරු කරලා තියෙනවා. ඇයි මේවා සම්බන්ධයෙන් කිසිම මාධ්‍යයක් කතා කරන්නේ නැත්තේ’

262,525 views

28 Comments to “ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…”

  1. බයියා says:

    දැන් තියෙන මාධ්‍ය වලට විකුණන්න පුලුවන් නරක විතරයි. හොඳ විකුණන්න බෑ. සරලම හේතුව ඒකයි.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කාමරේකට කැදවලා කරුණු පැහැදිලි කර ගැනීමකින් පසු කණ පැලී රෝහල් ගතවූ කඩුවෙල සුසිලුන් මතක් උනා.හොද්ද පැහෙන කල් තමා සියලු කරපින්චා කියල මහින්දානන්දලත් තේරුම් ගන්න ඕනි.

    • SKF says:

      UNP ආණ්ඩුවෙන් බටලන්දෙ වධකාගාරයට ගෙනැවිත් තරුණයින්ට කරුණු පැහැදිලි කර දුන් බවත් මතක තබා ගත යුතුයි.

      ඒ වගේම ජෙප්පො කැරලි ගහනකොට, උන්ගෙ තුන්ඩු කෑලි වල එවපු පණිවුඩ වලට අවනත නොවන මිනුස්සුන්ගෙ ගෙවල් වලට මහ රෑ පැමිණ, තුවක්කු බටෙන් කරුණු පැහැදිලි කර දුන් බවත් අමතක නොකල යුතුයි.

      ඔවා දෙනු පරහට…. තමා සම්මතෙහි පිහිටා සිට.

    • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

      අපේ ආණ්ඩුව කාලේ අපිට විරුද්ධව කතා කලානම් අපි කට කපල, ලයිට් කණුවක ගැට ගහල, වධ දීල මරන්නේ.
      මිනිය කනත්තට ගෙනියන කොටත් ගෙනියන මිනිස්සුන්ගේ දනිසෙන් උඩට උස්සන්න බැහැ.

      තොපිට මතකයිනේ.

    • Jepi buster says:

      දැන් පොහොට්ටුවට ඉතුරු වෙලා ඉන්නෙ නම් කීපයකින් මෙතන කමෙන්ට් දාන අමු ගොන් බයියෝ තුන් දෙනා විතරද?

  3. Anil says:

    කොරෝනා වසංගතයත් සමග ලෝකයේ පොහොසත් දැවැන්ත රටවල් පවා පටි තදකරගෙන සිටිද්දී , අප රට අපනයන අදායම් නැවතීම , විදෙස් රැකියාවන්ගෙන් ලැබෙන විදේශ විනිමය (ප්‍රේෂණ) නොලැබී යාම , සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, විදේශ සහ දේශීය ආයෝජන නැවතීම, දේශීය ව්‍යාපාර සහ වැවිලි කර්මාන්තය කඩා වැටීම යන මෙකී නොකී විවිද ආර්ථික දුෂ්කරතා මද්‍යයේ තනියම ඇති විශාල වූ බාර දුර කටයුත්තක් වූ රට ගොඩ නැගීමේ කටයුත්තට අවන්කවම කැපවී වැඩ කරන ජනාධිපති තුමා රැක ගැනීම උගත් පුරවැසියන්ගේ යුතුකම විය යුතුය. මුළු ලෝකයම ප්‍රපාතයට වැටි ඇති මේ මොහොතේ අවස්ථාවාදී දේශපාලනය පසෙක තබා රට ඔසවා තැබීම සඳහා සියලු දෙනාම එක්වී ජනාධිපති තුමාට ශක්තියක් වය යුතුය. රෝග කාරක ආනයනයන් එදත් සිදු විය. මේ දුර්භික්ෂය අතරතුරේ අදත් සිදු වෙමින් පවතී. කැලා විනාශ කිරීම එදත් සිදු විය. අවස්ථාවාදීන් අදත් එය කරගෙන යති. මේ විනාශයන් වැලැක්වීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකසා ගැනීමට ජනාධිපති තුමාට සහය දිය යුතුය.
    ජනාධිපති තුමාගේ ජනප්‍රියත්වයට හානි කරන අතලොස්සක්වූ පිරිස් ගැන තවම එතුමාට අවබෝධයක් නැද්දැයි සිතෙන වාර අනන්තය. ජනාධිපති තුමනි දුර මෙන්ම ලඟත් බලන්න.

    • SL guy says:

      what problems do you see problems in other courtiers? most of them are doing well and economy is fast growing including the baldly hit USA. This is because of vison and leadership. SL has no leadership. SL made the mistake of completing tuning off the tourism and discrediting the foreign employees (who are also sri lankan citizens). Now it is in a big hole. It may take several more years for the recovery.

      • DHARSHANA ABEYKOON says:

        අමිමද බොල ඇත්තද? එෙහම එකක තිබිබ එකා තමයි මත්තල වි ගබඩා කලේ. ගහලා ඇමරිකාවට රට සින්නක්කර ලියන්ඩ බැලුවෙි. අසියාවෙි 2වන වෙිගවත් ආරතිකය ඇෆ්ගනිස්තානෙටත් පල්ලෙහාට දැමිමෙි. අනේ පල පල ඩෝ

    • හේනේ මාමා says:

      සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා කියල ඉස්සර මිනිස්සු කිව්වෙ කට කහනවට නෙමේ. සිංහල සෙට් එකට ගහෙන් ගෙඩි එනව වගේ සංවර්ධනයක්, ආර්ථික වර්ධනයක් පේන්න ඕන. අහෙම බලාපොරොත්තුවෙන් වැඩ කරල අන්තිමට මෝඩ තීරණ ගන්නේ. මතකනේ සුද්දට රට ලියල දීල කර ගත්ත ගොන්කම. අවුරුදු 150ක් රට කාල ගියේ කාලකන්නි. අද සිස්ටම් චේන්ජ් කරල සුද්දට ආපහු රට දෙමු කියන කාලකන්නි දන්නේ නෑ මේ සිස්ටම් එක හදල ගියේ සුද්ද කියල. තවත් එවන් ගොන්කමක් කරල මේ ආණ්ඩුව වට්ටගත්තොත් තව අවුරුදු 200ක් විතර කෙලගන්න පුලුවන්.

    • King Bull says:

      මෙහි මුල ” පොර්ට් සිටි ” .මාතෘකාවට කථා කරන්න .

    • NAK says:

      අවබෝදයක් නැති කම නොව පැහැදිලිවම රජය කඩාකප්පල් කිරීමේ ඇමරිකන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මේ බල්ලෝ සල්ලි වලට බුරන බවත් ඉතාම පැහැදිලියි නැත්නම් මේ ප්‍රශ්නය මෙච්චර විශාල වීමට අවශ්‍යම නැහැ.

  4. SKF says:

    කිසියම් ව්‍යාපාරිකයෙක් ලන්කාවෙ ආයෝජනයක් කරණවා නම් ඒකට සුදුසු නීති තියෙන්න ඕනේ.

    පිටරට ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා කෝටි 1000ක බිල්ඩිමක් ගහයිද, ගැහුව ගමන් රජයට පවරා ගන්න පුලුවන් විදිහේ නීති තිබ්බොත්?

    ඒ නිසා සින්ගප්පූරුව, ඩුබායි, හොන්කොන් වැනි ලෝකෙ අනෙක් රටවල මෙවැනි විශේෂ කලාප වලට ඇති නීති අධ්‍යයනය කරලා, ගැලපෙන ලෙස නීති වෙනස් කල යුතුයි.

    • Janaka from Matara says:

      If local laws are not good, change them. I don’t think anybody will be complaining about that.

  5. Alibaba says:

    We appreciate all savings and cut off unecssary expenses from president budget. But he should also know where the corruption as well. He should be step up and use his action as front man.dont let BR to run everything he is US citizen. I strongly believe GR is strangled by his own brothers..so family comes first country comes next…so sad

  6. නන්දේ says:

    මේ හරිම එකා තමයි ජනාධිපති සුද්ධ කරන්න. මෙයාගේ ගැන මිනිස්සු දන්නේ නැතැයි.

  7. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    අප්‍රේල් 21 ලංවෙනකොට නටන නාඩගම් වැඩි වන ලකුණු .

  8. D.Nimal says:

    We as citizens of Republic wish know that conversation between Gotaby R…of President of Sri Lanka and MP of Wijedasa Rajapakse which seems to be that Lawyer turn politician of Wijayadasa has no knowledge of Port City Bills being submitted Parliment ?
    But that Wijedasa just lawyer in court ,but he lack of understanding Economic Zones operated in world wide and its Laws behind that. .

  9. D.Nimal says:

    We as citizens of Republic wish know that conversation between Gotaby R…of President of Sri Lanka and MP of Wijedasa Rajapakse which seems to be that Lawyer turn politician of Wijayadasa has no knowledge of Port City Bills being submitted Parliment ?
    But that Wijedasa just lawyer in court ,but he lack of understanding Economic Zones operated in world wide and its Laws behind that. .
    That MP of poor reading of Laws of Economic zones by Wijayadasa blame and clam that Port City of Colombo is Chinese colony? By and large in terms of politics it is nonsense of that Wijayadasa voice is which blaming People’s Republic of China working on which fall allegation against PRC by western political interest. And New voice of wijedasa which that political interest of Indian Ocean of hegemony of US and others.

  10. ARA says:

    අනුර කුමාරට නානකබරෙදී ලකෂ 25 දුන්නා කිව මතකද ….මෙයා තමා deail කාරයා ,, කොහොමද විස්වාස කරන්නේ ….දෙපැත්තට පැනපැන ඉන්නවා ..