ජනාධිපති විසින් විනිසුරු කර ඇත්තේ නීති විභාගය අසමත් කෙනෙක්.. විනිසුරන් පත් කරන්නේ ජනාධිපති නම් ස්වාධීන අධිකරණ කොමිසම කෝ..

February 21, 2017 at 12:00 pm | lanka C news
ජනාධිපති විසින් විනිසුරු කර ඇත්තේ නීති විභාගය අසමත් කෙනෙක්.. විනිසුරන් පත් කරන්නේ ජනාධිපති නම් ස්වාධීන අධිකරණ කොමිසම කෝ..

පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

තමන්ට නඩු පවරන මෙන් උදයගෙන් රවිට අභියෝගයක්.

ආණ්ඩුවට රුපියල් බිලියන 6.5ක් පාඩුවක් සිදු වන වාහන ජාවාරමකට මුදල් ඇමති රවි කරුණානායක අනුග්‍රහය දක්වන බවට ටොප් ටෙන් දූෂණ ව්‍යාපෘතිය යටතේ අපි හෙලි කලා. අපි එතැනින් නැවතුණේ නෑ. රවි කරුණානායක ඇමතිතුමනි, මේ කාරණයේ වංචාවක් නෑ කියලා ඔබතුමා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට කියලා අභියෝග කළා. එතුමා මට පිලිතුරු දෙන්න මාධ්‍ය හමුවක් පවත්වා කියනවා මා සමග විවාදයකට එන්නේ නෑ කියලා. මම මොකද්ද කිව්වේ? මේ කාරණයේ වංචාවක් නෑ කියලා ඔබතුමා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට. එතුමා විවාදයට එන්නේ නෑ කියන්නේ එතැන වංචාවක් සිදු වෙලා තිබෙනවා කියන එකයි. ඒ පණිවිඩය රටට දුන්නාට රවි කරුණානායක ඇමතිතුමනි, ඔබට බොහොම පිං.

ඇමතිතුමා තව අපූරු කතාවක් කියලා තිබුණා. මගේ ප්‍රකාශයෙන් එතුමාට අපහාස වුණු නිසා මට නඩු පවරා හොඳ පාඩමක් උගන්නනවාලු. අනේ වාසනාවන්. එහෙම නඩු පැවරුවොත් රූපවාහිනි විවාදයේ දී පෙන්වන්න හිටපු දේවල් උසාවියටවත් පෙන්වන්න පුළුවන්. නමුත් මට එරෙහිව අපහාස නඩු ගොනු කරනවා කියලා තර්ජනය කරපු කිසිවෙක් මේ දක්වා නඩු ගොනු කරලා නෑ. රවි කරුණානායක ඇමතිතුමනි, නොවරදවා මේ නඩුව නම් ගොනු කරන්න. ඔබතුමාව උසාවියේ දී හමු වෙන්න මමත් හරිම ආසාවෙන් බලා ඉන්නේ.

අධිකරණයට ජනපති මැදිහත්වීම බරපතල වරදක්

ජනාධිපතිවරයා විසින් මඩකලපුව අධිකරණයේ සේවය කළ පෞද්ගලික නීතිඥයෙකු වන රාමනාදන් කන්නන් මහාධිකරණ විනිශ්චකාරවරයෙකු ලෙස 2017.01.31 දින පත් කලේ සමස්ත නීති ක්ෂේත්‍රයම විස්මයට පත් කරමින්. 2004 දී 2007 දී මහෙස්ත්‍රාත් විභාගය දෙවරක් අසමත් වුණු කෙනෙක්. සමත් වුණු අය තවමත් මහෙස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කරන අතරේ ඊ ලඟ උසස්වීම වන දිසා විනිසුරුත් ඉක්මවා කෙලින්ම මහාධිකරණයට පත් වුණා.

මේ පත්වීම පිලිබඳ අධිකරණ සේවා සංගමය අගවිනිසුරුගෙන් ප්‍රශ්න කලාම අගවිනිසුරු කියනවා ජනාධිපතිගේ ඉල්ලීමක් නිසා කන්නන් මහතාගේ නම අධිකරණ සේවා කොමිසම නිර්දේශ කළා කියලා. ජනාධිපති කියනවා නීතිඥ සංගමයේ ඉල්ලීමක් මත තමන් අගවිනිසුරුට කතා කළා. නමුත් නීතිඥ සංගමයේ ලේකම් කියනවා අපි නම් එහෙම නමක් ජනාධිපතිට යෝජනා කලේ නෑ කියලා. ඒ අතරේ අධිකරණ ඇමති කියනවා දේශපාලන පක්ෂයක් විසින් කන්නන් මහතාව මහාධිකරණයට පත් කරන්න කියලා ඉල්ලීමක් කලා මම ඒක ප්‍රතික්ෂේප කළා කියලා.

මහාධිකරණ විනිසුරුවරුන් තෝරන්නේ ජනාධිපති හෝ දේශපාලන පක්ෂයක් නම් කෝ අර 19 සංශෝධනයෙන් ස්වාධීන කලා කියූ අධිකරණ සේවා කොමිසම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ ජනාධිපතිට තියෙන්නේ පත්වීමේ ලිපිය අත්සන් කරන්න විතරයි. අධිකරණ සේවා කොමාසම තමයි නීතිපතිගේත් අදහස් විමසලා නමක් නිර්දේශ කරන්න ඕන. අධිකරණ ඇමතිතුමා කියන කතාවත් නීතිඥ සංගමය කියන කතාවත් පැත්තකින් තබා අපි ජනාධිපතිව මොහොතකට විශ්වාස කරමු. ඇත්තටම නීතිඥ සංගමය විසින් මහාධිකරණයට පත් කරන්නජනාධිපතිට නමක් යෝජනා කළා නම් ජනාධිපති මොකද කළ යුත්තේ? ජනාධිපතිතුමාට කියන්න තිබුණේ “මට අධිකරණයට මැදිහත් වෙන්න බලයක් නෑ. අපි 19 සංශෝධනයෙන් අධිකරණය ස්වාධීන කරලයි තිබෙන්නේ. සංගමයේ අදහස කෙලින්ම අගවිනිසුරුතුමාට කියන්න“. නමුත් ජාතියේ අවාසනාවට එහෙම වුණේ නෑ.
මෙම පත්වීමේ බරපතල වැරදි 4ක් වෙලා තිබෙනවා.

  1. අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම කළ යුතු නිර්දේශයක් සඳහා ජනාධිපති මැදිහත්වී අගවිනිසුරුට උපදෙස් දීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම
  2. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක නිර්දේශය මත මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම
  3. දෙවරක් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අසමත් වුණු අයෙකු මහාධිකරණයට පත් කිරීම හරහා එම අවස්ථාවන්හි පරීක්ෂණය සමත් වී තවමත් මහෙස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කරන අයට අසාධාරණයක් සිදු කිරීම
  4. වසර 26කට පසු පෞද්ගලික නීතිඥයෙකු මහාධිකරණයට පත් කිරීමෙන් ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරුන්ට අසාධාරණයක් සිදු කිරීම

පෞද්ගලික නීතිඥ වරුන් මහාධිකරණයට පත්කර නැහැ. අභියාචනා අධිකරනයට පත් කරල නෑ. ශ්‍රේෂ්ඨාධිකරනයට පත්කරල තියෙනවා. ප්‍රේමදාස ජනපතිතුමන්ගේ කාලයේ පත්කිරමක් කලා කියල තොරතුරු තියෙනව. නමුත් එසේ කරල තියෙන්නේ එවකට සිටින සියළුම විනිසුරුවරුන්ට වඩා ජේෂ්ඨ නීතිඥයෙක් තමයි පෞද්ගලික නීතිඥයන්ගෙන් ගේන්නේ. එතැන යම් දේශපාලන බලපෑමක් තිබුනත් අර ඉන්න විනිසුරුවන්ට අසාධාරනයක් වෙනවායැයි කියන තර්කය එතනදී මතුකරන්න බරි වෙනවා.

ජනාධිපතිවරයා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් බරපතල වරදක්. මීට කලින් ජනාධිපතිවරුන් අධිකරණයට බලපෑම් කරන බවට කටකතා තිබුණා මිස මේ වගේ සාක්ෂි සහිතව ඔප්පු වී නෑ. ඒ නිසා අධිකරණය පිලිබඳ විශ්වාසය යලි ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා තමන් අතින් වුණු වරද පිලිගෙන යලි එසේ නොකරන බවට ජාතියට ප්‍රතිඥාවක් දෙන්න ඕනෑ. එහෙම නොවුණොත් නීතියේ ආධිපත්‍ය පිලිබඳ ලෝක දර්ශකයේ ලංකාව තව දුරටත් පල්ලම් බැසීම කාටවත් නතර කරන්න බෑ.

– අරවින්ද අතුකෝරල

40 views

5 Comments to “ජනාධිපති විසින් විනිසුරු කර ඇත්තේ නීති විභාගය අසමත් කෙනෙක්.. විනිසුරන් පත් කරන්නේ ජනාධිපති නම් ස්වාධීන අධිකරණ කොමිසම කෝ..”

  1. Kolitha says:

    Bra eka galewwata madu waluge gannawa kiwwa…dan thamangema redi galawagenama anith ayata hoo kiyanawa neda hitan.

  2. දෙශප්‍රෙමියා says:

    මෙයා ආපු දවසේ ඉදන් කලේ බොරු කොමියුනිස්ට් පත් කරපු එකයි හොර කොමිටි දාල කාලේ ගන්න එක විතරයි. අපේ රට කනපිට හරවා රට විනාශ කලා.

  3. රාහුල කොලුවා says:

    ඕනම කෙනෙක් තීන්දු තීරණ ගන්නේ තම තමන්ගේ බුද්ධිය අනුවය… එව්වා හරි වෙන්නත් පුළුවන්… වැරදි වෙන්නත් පුළුවන්… අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගන්න තීන්දුවක් වැරදුනොත් වරදින්නේ අපිටමයි… ඒකෙන් වෙන කෙනෙකුට පාඩුවක් වෙන්නේ නෑ.. හැබැයි ඡනාධිපතිවරයෙක් වැරදි තීන්දුවක් ගත්තොත් ඒකනේ වරදින්නේ රටට… රටේ ඡනතාවට…

  4. සේතං අප්පු says:

    නීති විභාගෙත් පාස් කොරාල නැත්තං පංකාදුයි බොලංල. ඌට කියාල ඕනැ පක්කලි වැඩක් කොරා ගන්ට පුළුවන් නෙව.

  5. Dickie Bird says:

    නීති විභාගෙ has no meaning to Brapathiya and what does he know about exams?

Main News