ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…

February 21, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි.

පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.

නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.

185,224 views

54 Comments to “ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…”

  1. විද්‍යාත්මකවremu says:

    වැඩියෙන් ම ගොවි “උද්ගෝෂණ ” තිබ්බේ අනුරාධපුර, පොළොන්නරුව අම්පාර ඒවගේ තමයි රසායනික පෝර වැඩියෙන් ම භාවිත කරලා පස විනාශ වෙලා තියෙන්නේ ඒකයි ඒවා නැතිව අස්වැන්න අඩු වුනේ. කොළබ, ගම්පහ කළුතර කෑගල්ල මාතලේ ගාල්ල වගේ තෙත් කලාපයේ රාසායනක පෝර අඩුවෙන් භාවිත කරේ ඒ නිසා පස විනාශ වුනේ අඩුවෙන් ඒ නිසා යම් කාබනික පෝර සමග අස්වැන්න සාමානය ප්‍රමාණයට ආසන්නව දැන් ලැබෙනවා ඒ සත්‍ය කාටත් දැක ගන්න පුළුවන්

    • Shan says:

      Mewa serama Gota athulu pohottuwe gata. Minissunta salli gewala prashna assala, balan inna gonnunwa andanawa.
      Organic pohora walin kisima ratak 50% wath waga karalath ne, hari aswannakuth ne. Lankawe gonnu yanawa eka sare organic pohora use karanna.
      Gota kiyanne buruwek.

  2. Anonoy says:

    රටේ ජනතාව තුට්ටු දෙකට දාපු පාලකයො දැක්කමයි. අපි ජන්දෙ දීල අපිටම මුන් ගරහනවා. අපේ සල්ලි වලින් කනවා බොනවා. 😡😡😡😡😡

Main News