ජනාධිපති සමග සාකච්චා අසාර්ථකයි.. යාපනය සරසවියේ සියලු සිසුන් වර්ජනයක් අරඹති..

October 20, 2017 at 12:40 pm | lanka C news
ජනාධිපති සමග සාකච්චා අසාර්ථකයි.. යාපනය සරසවියේ සියලු සිසුන් වර්ජනයක් අරඹති..

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමග පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීටයන්හි සිසු සිසුවියන් එක්ව 25 වන දා දක්වා පංති වර්ජනයක නිරතව සිටිති.

මේ අතර විද්‍යා පීඨයේද සිව් වන වසරේ විභාගය අද දිනයේදී පැවත්වීමට නියමිතව තිබුනු අතර සිසු සිසුවියන් විභාගයද වර්ජනය කිරීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කොට ඇත.

අද උදෑසන 7.30 සිට 9.30 දක්වා යාපනය විශ් ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රැස්වීමක් කැඳවා ඊයේ (19) දිනයේදී දේශපාාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපති සමග පැවති සාකච්ඡාවේ තොරුතරු පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර අවසානයේදී සිසුන් තීරණය කොට ඇත්තේ අදාල විසඳුම් පිළිබඳව සැහීමකට පත් විය නොහැකි බැවින් සරසවියේ සියලුම සිසුන් පංති වර්ජනයක නිරත වන බවටයි.

මේ අනුව ලබන 25වනදා ජනාධිපති  විසින් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති හෙයින් 25 වනදා දක්වා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සියලු දෙනා පංති වර්ජනයක නිරත වන අතරම 25 වනදා යහපත් විසඳුමක් ජනාධිපති තුමන් විසින් ලබා නොදෙන්නේ නම් ඉන්  පසුව යාපනය සරසවි සිසුන් සියලු දෙනා එක්ව උපවාසයකට සූදානම් වන බවටද අද පැවති රැස්වීමේදී යාපනය මහා ශෂ්‍ය සංගමය තීරණය කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views

11 Comments to “ජනාධිපති සමග සාකච්චා අසාර්ථකයි.. යාපනය සරසවියේ සියලු සිසුන් වර්ජනයක් අරඹති..”

  1. raawana says:

    Thileepan wage upawaasa karala makabewelaa palayawu sakkili heththa.koheda yakune me rate deshapaalana hirakaruwo inne.ratata erehiwa yudha wedunu kaalakanni misak.niyapoththen kadanna thibena deya porowen kadanna ida thiyanna epaa.adhikarana niyogaya keduwata Sivaajiyata monawada deepu danduwama?Dakune neethiya uthurata nedda?

Main News