ජනාධිපති සමඟ මෙවර UN සමුළුවට ලංකාවෙන් 67ක් ගිහින්.. පසුගිය වසරේ 20යි..

September 22, 2016 at 12:00 pm | lanka C news
ජනාධිපති සමඟ මෙවර UN සමුළුවට ලංකාවෙන් 67ක් ගිහින්.. පසුගිය වසරේ 20යි..

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසි වාරය ඊයේ ආරම්භ වූ අතර ඊට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දූත පිරිසක් සහභාගී වී සිටිති.

ඊයේ රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා විශේෂ දිවා භෝජනයක් පිරිනැමූ අතර එහිදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පැවැත්වුන බැව් වාර්තා වේ.

ශ්‍රී ලංකා දූත පිරිසට මංගල සමරවීර, ෆයිස් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, මහින්ද සමරසිංහ, අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන ඇමැති සහ නි.ඇමැති වරුන්ද, නාලක කොලොන්නේ, විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරුන්ද, අයත් වෙති.

ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළු මාධ්‍ය වලින් පිරිසක් මෙන්ම , ආරක්ෂකයන්ද, රාජ්‍ය නිලධාරීන්ද ඇතුළු 67 දෙනෙකු මෙවර සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වී සිටිති.

පසුගිය වාරයේ සංචාරයට ජනාධිපතිවරයා සමග සහභාගී වූයේ 20 ක පමණ දූත පිරිසක් වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී සහභාගි වූ පලමු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය එය විය.

189 views
Main News