ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය හමුවක් කැදවා ජනාධිපති මාධ්‍ය අංශයේ පතුරු අරී.. ජනපතිටත් දැඩි චෝදනා..[Video]

October 15, 2017 at 12:11 am | lanka C news
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය හමුවක් කැදවා ජනාධිපති මාධ්‍ය අංශයේ පතුරු අරී.. ජනපතිටත් දැඩි චෝදනා..[Video]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් විසින් පසුගියදා කොළඹදී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකින් සහ සංහිදියා ආණ්ඩුවේම එජාප පාර්ශවයේ නායකයින්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් ව්‍යාජ පුවත් පළ කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධව ක්‍රියාත්මක වන වෙබ් අඩවි විසින් කටයුතු කරන ආකාරය පිළිබඳව එහිදී ඒ මහතා විශේෂ හෙළිදරව්වක් කලේය.

ජනාධිපති මාධ්‍ය අංශය වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වෙමින් විරුද්ධවාදීන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වන බවට අනාවරණය වී තිබේ.

කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ සිට ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමක් හරහා වෙබ් අඩෙවියක් පවත්වාගෙන යමින් ජනාධිපතිවරයා විසින් සෘජුව හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සමාජිකයින්ට, විපක්ෂ දේශපාලකයින්ට සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක නියැලී සිටින බවටද ඕෂල හේරත් මහතා එහිදී චෝදනා කලේය.

කලකට ඉහතදී ලොව උසම නත්තල් ගහ ගාලු මුවදොර ඉදිකිරීමේදී ඇතිවූ ගැටලුවේදී තමන් විසින් කරගෙන යනු ලබන UPFA – Brighter Future ෆේස්බුක් පිටුව හරහා කාදිනල් මැල්කම් රංජිත්ව විවේචනය කල බවත්, එම අවස්ථාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ අඥානයින් තමන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නොවන බවට මාධ්‍ය නිවේදන නිකුත් කල බවත් පැවසූ ඕෂල හේරත් මහතා, මේ කතාකරන මොහොතේදීත් තමන් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව ප්‍රකාශ කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය වෙලාගෙන ඇති මාෆියාව ගැන දැඩිව කරුණු අවධාරණය කල ඔහු, සිය ජන්දයට උදව් කිරීම මත බිලියන ගණන් ඉපයීමට අවස්ථා ලබාදීම පිළිබඳවද ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කලේය. වීඩියෝව මෙතනින්

– colomboxnews

25 views

One Comment to “ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය හමුවක් කැදවා ජනාධිපති මාධ්‍ය අංශයේ පතුරු අරී.. ජනපතිටත් දැඩි චෝදනා..[Video]”

  1. asaranaya says:

    රෙද්ද ගැලවුනත් වැඩැක් නැහැ, ඒවා පුස්වෙලා දැන්, නිඝන්ඨනාද පුත්‍ර වෙලා, ගානක් නැහැ

Main News