ජනාධිපති සමාව ඉල්ලා රන්ජන්ගෙන් ජනාධිපතිට ලිපියක්.. රන්ජන්ට නිදහස…?

April 25, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති සමාව ඉල්ලා රන්ජන්ගෙන් ජනාධිපතිට ලිපියක්.. රන්ජන්ට නිදහස…?

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ වරදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි.

ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය. එහිදී තමන් දෙන ලිපියක් ජනාධිපතිතුමාට බාරදිය හැකිදැයි නාමල් අමාත්‍යවරයාගෙන් රන්ජන් විමසා ඇත.

ඒ අවස්ථාවේ අමාත්‍ය නාමල් රන්ජන්ට කියා තිබුණේ එවන් ලිපියක් තමන් හරහා නොව බන්ධනාගාර බලධරයන් මගින් ජනාධිපතිතුමාට යොමු කරන ලෙසය.

– deshaya

61,959 views

38 Comments to “ජනාධිපති සමාව ඉල්ලා රන්ජන්ගෙන් ජනාධිපතිට ලිපියක්.. රන්ජන්ට නිදහස…?”

  1. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    මේ නළු මිනිහව නිදහස් කරන ගමන්ම දුමින්ද සිල්වාවත් එළියට දාන්න. දිගින් දිගටම අල්ලන නිසා රට තුල දැන් බඩු අඩුවෙලා තියෙන්නෙ

  2. " රාත්‍රි ආර්ථිකය " says:

    ” මාර පරාජය ” කරනු පිණිස ටී පණස් හය එව්වා කිහිපයක්ම ආවාස කාමරේ තියන් ඉඳලා ඇතුලට ගිය ඩයනගෙ තට්ටයත් ලියුමකින් ඉල්ලීමක් කලාද දන්නෙ නෑ

  3. කෙතේ අලියා says:

    බලන්න මල්ලී මූණෙ මල්ලී බයක්වත් ගෑවිලාවත් තියනවද කියල මල්ලී……පව් ඕයි මූ…..දීපු පොරටොක්වල හැටියට මං හිතුවෙ මූ දඩුවම ඉවරවෙනකල් කාගෙන ඉඳියි කියල…මාස දෙකක් යනකොට ඇතිවෙලා.

  4. sumudu says:

    බදුර්දීන් ටත් ඕකම තමා . එකේ පෙරහුරුව රන්ජන් වගේ ……………………………..

  5. Ayotallah says:

    This person is the dirtiest sex megalomaniac in the parliamentwith a foul mouth that caused numerous problems for the society. He was sentenced to Jail for 4 Years RI and Why Presidential pardon now. Let him stay in the Jail for 4 years and if released then the other MP choka Malli also has to be released which creates a chain reaction. Hope our President who is a Straight forward character will decide the outcome. The main culprits are the People of Wayamba who elected him

Main News