ජනාධිපති සාමකාමී ජන ජීවිතයට තර්ජනයක්.. ඔහු ආරක්‍ෂක ලේකම් කාලයේ බිහිසුනුයි..- SJB

January 12, 2021 at 2:50 pm | lanka C news
ජනාධිපති සාමකාමී ජන ජීවිතයට තර්ජනයක්.. ඔහු ආරක්‍ෂක ලේකම් කාලයේ බිහිසුනුයි..- SJB

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

– ප්‍රවෘත්ති නිවේදනය –

ජනාධිපතිවරයාගේ වගකීම් විරහිත ප‍්‍රකාශය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම සාමකාමී ජන ජීවිතයට තර්ජනයකි.

යක්ෂයා දත් විලිස්සන තෙක් ඔවුන්ගේ බාහිර ස්වරූපය මානුෂිකය. මෙහි භයානකත්වය බොහෝ දෙනෙක් වටහාගන්නේ යක්ෂයා දත් විලිස්සූ පසුවය. එතෙක් වැඩි දෙනෙක් කැමති වන්නේ තත්වය දෙස පරිබාහිරව බලමින් එය විනිශ්චය කිරිමටය. මෙම පූර්විකාව පසුගියදා ජනාධිපතිවරයා විසින් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය වෙනුවෙන් කරන ලද අර්ථදැක්වීමකි.

පොදු ජනතාවගේ ආරක්ෂාව, නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී ක‍්‍රියා කරන සමගි ජන බලවේගය මෙරට විපක්ෂය වශයෙන් මෙය දකින්නේ භයානක අනතුරු ඇගවීමක් ලෙසය.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය කිසිදු අවස්ථාවක පක්ෂයක් ලෙස පෙනී සිටින්නේ හෝ අනුමත කරන්නේ නැත. පක්ෂයක් ලෙස එය හෙළා දකින අතර ත‍්‍රස්තවාදී නායකයෙක් මරා දැමීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලඥයෙකුට එල්ල කරන තර්ජනය සමාන කිරීම කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකිය.

තමාට චරිත දෙකක් තිබෙන බව ජනාධිපතිවරයා පැවසීම ව්‍යංගයෙන් කළ අනතුරු ඇගවීමකි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙක්ට තරම් නොවන ප‍්‍රකාශයකි. ජනාධිපතිවරයා විසින් එසේ අදහස් කරන්නේ විරුද්ධ මතධාරීන් මැඩලීමට අවශ්‍ය නම් තමා සූදානම් බවය.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි සමයේදී විරුද්ධ මතධාරීන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට අත්විදීමට සිදුවූ අතිශය බිහිසුණු අත්දැකීම් යළි යළිත් මතක් කළ යුතු නැත.

ජනාධිපතිවරයාගේ මෙම ආවේගශීලී තර්ජනාත්මක ප‍්‍රකාශයෙන් ඔහුගේ පාක්ෂිකයින් අමන්දානන්දයට පත් වුවත් ඉන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ජන සමූහය තැති ගැන්මට ලක් කරයි. නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපතිවරයා ලෙස මෙරට ජනතාව සිය ඡන්දයෙන් පත් කරන ලද්දේ ද්විත්ව චරිතයක් රගපෑමට නොවන බව අපගේ අදහසයි.

ඒ අනුව රටේ පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා, ස්වකීය තනතුරේ අභිමානය මෙන්ම වගකීම්ද නිසි ලෙස වටහාගෙන ඇත්ද යන්න පිළිබද අපට ඇත්තේ විශාල සැකයකි. සම්මත ක‍්‍රමවේදය අනුව ජනාධිපතිවරයා සිය ධූරයේ කාර්යයද, ආරක්ෂක ලේකම්වරයා තම ධූරයේ කාර්යයද ඉටු කළ යුතුවේ.

රටේ මුල් පුරවැසියා ලෙසත්, විධායක ජනාධිපතිවරයා ලෙසත්, රටවැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමත්, සාමකාමී ජන සමාජයක් නිර්මාණය කිරීමටත් ඇති වගකීම ඔහු වටහාගත යුතුවේ.

හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිදුකළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයක් තුළ හිමිවන ප‍්‍රධාන අයිතිවාසිකමක් වන අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය තුළ මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයට ප‍්‍රති උත්තර ලබාදීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් තර්ජනය කිරීමට කිසිදු අයිතියක් නැත.

හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සහ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සැමවිට පෙනී සිටිමු. එසේම දිගින් දිගටම ගැලරිය පිනවන ප‍්‍රකාශ නොකර මෙරට ජන ජීවිතයේ ආරක්ෂාව හා අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බලකර සිටිමු.

රංජිත් මද්දුමබණ්ඩාර,
මහලේකම්,
සමගි ජන බලවේගය

34,897 views

39 Comments to “ජනාධිපති සාමකාමී ජන ජීවිතයට තර්ජනයක්.. ඔහු ආරක්‍ෂක ලේකම් කාලයේ බිහිසුනුයි..- SJB”

  1. යූඇන්පී දේශපාලන නිවටුන් ලෙස සියලු දෙයට ම හිස නමාගෙන සිටීමේ සිරිතක් රංජිත් මද්දුම බණ්ඩාරට තිබුනත් අපි ඒ අයට පුදුම නොවනු ඇත.රාජ්‍ය නායකයා සිවිල් වැසියන් ගේ වැසියන් ගේ ආරක්ෂකයා ය.අපි ඔහුව හොඳින් විශ්වාස කරන්නෙමු.යූඇන්පී ආණ්ඩුව සමයේ සාමාන්‍ය ජන ජීවිතයේ ආරක්ෂාව හෑල්ලුවට ලක් කර ජීවිත යන්ගෙන් වන්දි ගෙවූ අහිංසක ජීවිත අපට අමතක නොමැත.ඒ සියල්ලටම හේතුව යූඇන්පී නායකයින්ගේ නිවට කම ය

  2. USK says:

    එ ක ඇත්ත , ගැලරිය පිනවන කතා එපා Harin

    • ක්‍රිමිනල් says:

      රාජ්‍ය නායකයා ජන ජීවිතයට මරණ බය ගෙනැල්ල දුන්නේ තොගේ අප්පා ජනාධිපති වෙලා ආන්ඩුව කරපු කාලේ නෝ කැපෑසිටි 8 ෆේල් පෑඩ් සජිත් බූරු පුතානෝ කම්බ හොරෝ 🤣🤣🤣🤣🤣🤣.

  3. PULATHISI says:

    රංජිත් මද්දුම බංඩාර මහත්තයෝ, අතිගරු ජනාධිපතිවරයාට නොයෙකුත් ආකාරයෙන් අභූත චෝදනා සහ බාධක ඉදිරිපත් කරන්නේ ඔබලාය. එතුමා ජනතා අපේක්‍ෂා ඉටුකරමින් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියා කරන බව සැමට පැහැදිලිය. ජනාධිපතිවරණය දිනා ගැනීමට නොහැකිවූ ඔබලා “ස්විස් නාඩගම” “කිඹුල් නාඩගම” ලිපිගොනු සමග රහස් පොලිස් පරීක්‍ෂකවරයෙක් ජිනීවා වලට පැනයාම, ආදී වශයෙන් දේශද්‍රෝහීන් විසින් ක්‍රියාත්මක කරන රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළෙහි තවත් පුරුකකි ඔබලාගේ “පත්කළ මන්ත්‍රී” හරින් ප්‍රනාන් දු.
    පාර්ලිමේන්තු වර ප්‍රසාදවලට මුවා වෙමින් ඔහු අතිගරු ජනාධිපතිතුමා හෑල්ලුවට ලක්කරමින් ඔහුගේ “පාදඩ” ක්‍රමයේ වාචාලත්වය ගෙනහැර පාන්නේ ඔහු “මහා පොරක්” ලෙස රඟ පාමිනි.
    පසුගිය රජයේ ඔහුට පවරා තිබුණු සියල්ල අසාර්ථකය. එසේම ඔහුගේ දුරාචාරයෙන් පිරුණු චරිතය විසින් හත්පොලේ ගාගන අවසානය. පාස්කු ප්‍රහාර සිද්ධිය දැන දැන ජනතාව බිල්ලට දී ඔහු පමණක් ගැලවී “මහා කාලකන්නි වින් දනයක් ලැබීමට තරම් නීචයෙකු විය. එපමණින් නොනැවතී අතිගරු කාදිනල්තුමාට අපහාස කිරීම. එය පුනරුච්චාරණය කිරීම ඔහුගේ නිච නින්දිත භාවයේ සලකුනුය.
    එහෙත් වසර තිහකට ආසන්න කාලයක් අපේ මව්බිම සහ ජනතා විනාශ කළ මිනීමරු ප්‍රභාකරන්ගෙන් අපේ රටත් ජනතාවත් බේරා ගැනීමට, එදා අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජයේ ආරක්‍ෂක ලේකම් වරයා ලෙස වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජාතික සේවය පිළිබඳ සලකා බැලීමේදී, අපට හරීන්ව දර්ශනය වන්නේ පිස්සු බලු කුක්කෙකු ලෙසය.

  4. Dilshan says:

    We Love Gotabhaya. We are confidant about his presidency.Any ruler should have more than one quality. He can be Nandasena “the one who would bring Hapiness” or Gotabhaya the one who would protect us from any harm.
    SO WHATS WRONG WITH THAT?
    Sajith Premadasa is just a empty talk joker nothing more. Sajith cannot even run a Maranadhara samithiya that’s the truth.

  5. සමන්ත says:

    අපි බලාපොරොත්තු වුනේ ඉස්සර ආරක්ෂක ලේකම් වෙලා හිටිය මනුස්සයා ඒ විදිහටම හෝ ඊට වඩා.. ඉකිං ඒකයි 64 ලක්ෂයක් ඡන්දය දුන්නේ. මිනිස්සු කැමැති ඒ විදිහට ඉන්න අයෙක් මිසක් හිටන් හුටන් වගේ පැකනිල් වගේ කෙනෙක් නෙමේ.

  6. Jepi buster says:

    සාමාන්‍ය ජනතාවට පාස්කු බෝම්බ ගහපු උන් කියනවා ජනාධිපති සාමාන්‍ය ජනතාවට තර්ජනයක්ලු. හික්ස් :))

    • CITIZENS says:

      The people in our motherland have not forgotten that during your UNP governments ,you all didnot take proper actions to curb Prabhakarenr’s brutal terrorism which could have nipped in the bud ,people feel,due to your greediness to come to power with minority votes.As a result ,it dragged on for nearly 30 years.

    • RATA WESIYO says:

      It is ridiculous to observe that SJB flanked with racialist politicians ,say that President do not have rights to take actions against the racialist separatists and religious extremists and also against other evil elements to the nation.

    • JANATHAAWA says:

      Yes,Yes ,during 88-89 period it was very peaceful and had a very conducive atmosphere.

  7. Hema Prema says:

    So how about leader of opposition. Do you know what was he doing during Ranasinghe Premadasa regim. Probably, these people also playing a part of those activities.

  8. saman says:

    හරි පුදුමයි අර ක්‍රියාවන් කියන මීන්ගල්ල වහල් මොට්ට මේකෙ තවම මුකුත් කොටල නෑනෙ…පඩි අරන් ගෙදර ගිහින් ඇති මගෙ හිතේ…

  9. Gamunu says:

    Then how about J.R. Jayawardana when he became executive president made the famous statement the only thing he is not able to do is “to make a woman a man and vice versa”. what did he mean then? Is Gota’s statement worse than that?

  10. Gini says:

    You guys are waist of time and money.

Main News