ජනාධිපති සිංහරාජයේ.. ලංකාගම මාර්ගය හදන්නැයි කියයි..

August 29, 2020 at 3:00 pm | lanka C news
ජනාධිපති සිංහරාජයේ.. ලංකාගම මාර්ගය හදන්නැයි කියයි..

පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිතුමා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය.

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියයි. තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වේ. සියවසකට අධික කාලයක සිට ගැමීහු සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යති.

නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් විය. ඊට පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පිරිසක් කළ චෝදනා හේතුවෙන් ප්‍රතිසංස්කරණ නවතන ලෙස ජනාධිපතිතුමා නියෝග කළේය.

මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිතුමා තරයේ අවධාරණය කළේය.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ. තම කුඩා පුතණුවන් කරේ හොවාගත් පියෙකු “අප විඳි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන” ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

මූලික ජීවන අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ජනාධිපතිතුමා ගත් තීරණයට මහා සංඝරත්නය ආශිර්වාද කළහ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා , සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

82,121 views

42 Comments to “ජනාධිපති සිංහරාජයේ.. ලංකාගම මාර්ගය හදන්නැයි කියයි..”

  1. vidhuli yaka says:

    kale kapala pittaniyakuth hadamu!

  2. sana says:

    President should not spend valuable time on these things. Instruct relevant officers to take action. Use your valuable time to find way to bring foreign income, stop go out our money & suppress anti social activities. Many other problems we talk are just symptoms of deep errors. Media supported pompous has no value.

    • RED BULL says:

      නොදන්න දේවල්වලට උඹේ කාලය නාස්ති කරන්න එපා.ඒ මිනිස්සු ඉල්ලන්නෙ පරම්පරා ගනනක් ජීවත් වෙච්ච ගමට යන්න පාරක්.මොනව හරි කාල පන්සිල් අරන් නිදාගනින්.

    • Janaka from Matara says:

      Sena: ඔබ හරි.
      ජනාධිපති තුමාට පරිසර කැබිනට් ඇමති ගැන තඹ දොයිතුවක විස්වාසයක් නෑ. මෙහෙම හැම තැනම තියෙන ප්‍රස්න එතුමා ම විසඳන්න ගියොත් නං ප්‍රස්න ගොඩක් ඇති වෙයි.

  3. saman says:

    පරිසරයට හානි නොකර වැඩේ කරන්න ජනදිපතිතුමා උපදෙස් දුන්නා නියමයි. හැබැයි කරන විදිහ කියලා නෑ

    • Pakanil says:

      හා

    • Covid18+ says:

      කරන විදිහ කියලා නෑ??? උඹ එතන හිටියද? අනේ ගොනෝ, කරන විදිහ කිව්වෙ නෑ නෙවෙයි කරන විදිය මේ ලිපියෙ දාලා නෑ. උඹ වගේ උන් හොඳයි ලපයගෙ පච අහන්න.

    • ධනූ says:

      වෙච්චවිදිය හොඳයි. දැන් ජනාධිපතිතුමා ගම්මුන්ටත්, රක්‍ෂිතයටත් අහිංසක ස්ත්තුන්ටත් සාධාරණයක් වන විධිහට මේ වැඩේ කරයි. නත්තං එක එකා ලංකාගම පාරේ දෙපැත්තේ ඉඩං අල්ලගෙන තැඹිලිවල ඉඳලා රා දඩමස් ගංජා දක්වා විකුණන්න ගත්තොත්නං තිබුන විධිය හොඳයි කියලා ඔඩ්ඩි දෙවියොත් හිතයි.

  4. Aurora says:

    පාර කපනවිට ඉවත්කරණ පස් පාරෙන් පසෙකට තල්ලුකර නොදමා ඇතට ගෙනගොස් පරිසරයට අවම හානිය සිදුවන ලෙස බැහැර කිරීම ඉතාමත් සුදුසුයි. පරිසරය කියන වචන අවභාවිතා කරන්න බොරු පරිසරවේදීන්ට ඉඩ නොදිය යුතුයි. පාර නොකපුවනම් ලංකාගම ජනතාව නොසලකා හැරියා කියා අඬන ජවිපාවුන් අපට බලන්න තිබුණා.

    • ගරසරප says:

      මේවා කරන්න අවුරුදු 72 ගියා . චිකේය්යා.

  5. Saradiel says:

    බහුතර ජනතාවගේ ඉල්ලීම් වලට කන්දීම වටිනා දෙයක් ඔබතුමාට තුති

  6. Manjual Matarage says:

    Lanka Gamae paul 700 re location karana berida?

    • RED BULL says:

      පුළුවන් උඹලගෙ ගේ වටේට?

    • chandrapala jayawardana says:

      Relocation කරන්න කියන්නේ වලගමබා රාජසමය දක්වා දිවෙන ගමක් …… එතකොට ඒ මිනිස්සු හ්ගේ දෛනික ආදායම සපයන තේ වතු කිතුල් වගා Relocation කරන හැටි කියල දෙනවද ? ඉස්කෝලේ ගිහින් නැත්නම් ඔය ලංකාගම ඉස්කෝලෙට ගියා නම් දැනුවත් වෙයි.දැන් ලබන සැරේ විපක්ෂ දේශපාලකයින්ට ගිහින් කියන්න බෑනේ ඊළඟ චන්දෙදි අපිට චන්දෙ දෙන්න .අපි පාරක් කපල දෙන්නම් කියල

  7. වස්කෝදගාමා says:

    අනේ ඔය මල ඉලව් ලෝක උරුමය යුනෙස්කෝවටම තියා ගන්න කියන්න. අපි කැලැ හොඳට කපමු.

  8. දුෂ්කරතා විඳි ලංකාගම ජනතාවට පාර ..! says:

    පරිසරයට හානි නොකර වැඩේ කරන්න ජනදිපතිතුමා උපදෙස් දුන්නා නියමයි.!
    පරිසරයට හානි නොකර දුෂ්කරතා විඳි ලංකාගම ජනතාවට පාර නියමයි…!!!

  9. නයා says:

    අයියා විල්පත්තුව කෑව
    මල්ලි සිංහරාජය කනවා

    දවසක munge වලවල් වලටත් හෙන gahai

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹ වගේ තව මී ගව පැටව් දෙන්නෙක් උඹේ මෑණියන් වහන්සෙ බිහි කලා නම් පුරන් කුඹුරු ඉතුරු වෙන්නෙ නෑ බං.

  10. බූරු පුතානෝ සජීයා says:

    මීට අවුරුදු 100 කට ඉස්සර ලංකාවේ භූමියෙන් 80%ක් වනාන්තර තිබුණ. 2005 වෙනකොට ඒක 20% විතර වුනා අද වනාන්තර තියෙන්නෙ 16% විතරයි. ගෝඨා අවුරුදු 10 ක් ජනාධිපති වෙලා හිටියොත් ලංකාව කාන්තාරයක් බවට පත්වෙන එක වලක්වන්න බැහැ.

    • Boo says:

      ඔය අරාබිය කාන්තාරයක් වෙලා තියෙන්නෙ ගෝට ඒකෙ ජනාධිපති වෙලා හිටිය නිසා.

Main News