ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…

November 4, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නතර වී සිටි ස්කොට්ලන්තයෙ ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලයේ දොරටුව අසලට රැස් වූ කොටි හිතවාදීන් පිරිසක් හෝටලය තුළට කඩා වැදීමට දැරූ උත්සාහය පොලිසිය විසින් වළක්වා තිබේ.

මෙම කොටි හිතවාදීන් හෝටලයේ දොරටුව අවහිර කරමින් දේශගුණික සමුළුවට සහභාගිවන විදේශ නියෝජිතයන්ට ද බාධා පමුණුවා තිබේ.

ලන්ඩන් නුවර සිට බස්රථ වලින් ග්ලාස්ගෝ නුවරට පැමිණි එම කොටි හිතවාදීන් ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලය වටකර සිටියදී පොලිසිය ඔවුන් විසුරුවා හැර නැත.

ග්ලාස්ගෝ නුවර ශ‍්‍රී ලාංකිකයකු ඊයේ (3දා) අප අමතමින් පැවසුවේ දේශපාලන රැුකවරණ ලබාගත් හිටපු කොටි ක‍්‍රියාකාරීන් ග්ලාස්ගෝ නුවරට පැමිණ අත්අඩංගුට ගනු, අත්අඩංගුවට ගනු යැයි කියමින් දැඩි ආවේගයකින් කෑ ගැසූ බවය.

පසුව ඔවුන් හෝටලය අසල සිටි ස්කොට් පොලිසියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

107,827 views

38 Comments to “ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…”

  1. Roshan says:

    පොඩි පොඩි සිගිති කොටි හිපාටුවො……😂😂
    ලංකාවෙ ඇතුලෙ රගන්න බැරි නිසා එංගලන්තෙ සරනාගත හිගන්නො වෙලා එහෙදි කොඩි උස්සගෙන ලතෝනි දෙනවා….😂😂
    අන්න ඒකයි රාජපක්‍ෂලා මොනවා වුනත් අපේ රටට ඕනේ

    • Truth says:

      වැරදියි. ඒකට රාජපක්ෂ වරුම අවශ්‍ය නෑ. සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර වුනු කොන්ද පණ ඇති නව නායකත්වයක් බිහිවෙන්න ඕනෙ. නමුත් එහෙම නායකත්වයක් පේන තෙක් මානෙක නෑ. Sorry.com තමා. ජාතිවාදයෙන් බිහි වෙන නායකත්වයක පැවැත්මත් ජාතිවාදයම තමා

    • Amaris says:

      2009 LTT යුද්ධයේ අවසාන සතියේ යුද්ධය තිබුනේ මුලතිව් වල නොව ලන්ඩනයේ. එවිට මම හිටියේ ලන්ඩනයේ. කැනඩාව ඇමරිකාව ජර්මනිය ප්‍රන්ශය වගේ රටවල සිටින සියලුම දෙමල ඩයස්පෝරාව ලක්ශ ගානක් ලන්ඩන්වලට පැමින උද්ගෝශණ ආරම්බ කලා. මේ උද්ගෝශණ මොනතරම් ප්‍රභලද කියනවානම් ලන්ඩන් ජනජීවිතය සම්පූර්ණ අඩාල2උනා.ලන්ඩන්වල කොටසක වාහන ගමනා ගමනය නතර2උනා. දිනක පාඩුව ප්වුම් බිලියන ගානක් උනා. බැරිම තැන තමා මිලිබෑන්ල ලන්කාවට ඇවිත් ගෝටාබය ඉදිරියේ බැගෑපත් උනේ . යුද ජයග්‍රහණයෙන් පසු සමහර තරුණ පිරිස් සෑම් චිකන් වගේ අපේ සිංහල ව්‍යපාරිකයන්ගේ ව්‍යපාරික ස්තාන වලට පහර දුන්නා.ප්‍රභාකරන්ගේ මරණය ඔහුන්ගේ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් හැටියට තමා සැලකුවේ3. මම මෙතනදී දකින්නේ ද්‍රවිඩයන් අතර සමගිය. අද ගෝඨාබයට විරුද්ධව දෙමල ඩයස්පෝරාවා උද්ගෝශණ කරද්දී ලංකාවේ සිංහලයෝ ප්‍රීතියෙන් පිනා ගොස් හුරේ දානව .මුන්ට ඕනෑ කෙසේ හෝ බලය ලබා ගෙන හොරා කන්ඩ .

    • Saleem says:

      ඔය මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. රාජපක්ෂලව මරාගෙන කන්න තරම් තරහකින් අද මුළු රටම ඉන්නෙ? ඒ වගේ දෙමළ මිනිස්සුන්ටත් අවි ගත් අරගලයක් කරන්න ඕන තරම් දේවල් සිංහලයන්ගෙන් සිංහල නායකයින්ගෙන් සිද්ධ වුණා. ඒ මිසක තමන්ගේ මවිබිම අත්හැරල යන්නයි සිංහල නායකයො ඒ රටවලට ආවම තමන්ගෙ රස්සාවල් වැඩරාජකාරි අත්හැරල මේ වගෙ කලඛල කරන්නයි ඒ අයට පිස්සු නෑ.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවාරෙන් රාජපක්ෂල නැත්නම් මේරට ඉවරයි. රජය පෙරලන්න කුමන්ත්‍රන කරන රජය ඇතුලේ සහ පිට සියලු දෙනා අත් අඩන්ගුවට ගන්න.

    • Neranja says:

      රාජපක්ෂලා කොටි තරම්ම මේ රට විනාශ කරා තාමත් ඉන්නවනේ උන්ට කඩේ යන උන් මේවා දැක දැක කොටි රටේ බාගයක් ඉල්ලුවා උන් රටම විකුනන් කනවා කාලකන්නි ආංඩුව මොකෙක්ගේ හරි උංඩයක් ඕකුන්ගේ ඔලුව පසාරු කරන් යන්න ඕන මේ රට බේර ගන්නනම් නැතුව මේ වහල්ලු ඉන්නකම් බෑ

      • MD says:

        විනාශ කරන්න හරි ලංකාවක් කියලා දෙයක් ඉතුරු වුනේ රාජපක්ෂ රෙජිමයට පින් සිද්ද වෙන්න කියන ඵක අද ඉතින් සජියගේ අනුරගේ කල්ලි වලට අමතක වෙලා.ඵ්කට හරියන බත් බැලයෝ පිරිලා ඉතිරිලා ගිහින්.ලෝකෙටම ව්‍යසනයක් වෙලා තියෙන කෝරෝනා නිසා ආර්ථිකය ශක්තිමත් කරගන්න සැහෙන කාලයක් යනවා. ඉවසීමෙන් සැනසීම ලබමු.

        • aniwa says:

          අනිවා මචෝ මේ බත් කන හරක් ට තේරෙන් නෑ ..
          අඩුම ගානේ තව අවුරුදු දහයක් වත් යනවා රට ගොඩ ගන්න.
          බැසිල් සර් පටන් ගනී .
          ඊළඟට නාමල් ස හොඳ තැනකට ගනී .

          අන්තිමේදී රට එක්සේසත් කරන්නේ අපේ චිචි ස ගේ දරුවා තමයි ..
          ඕන්නං බොරුද බලන්න මේං මං කිව්වා !

  2. Satan says:

    කඩා වැදිලා බැරිනම් උස්සගෙන ගියත් අපිට කමක් නෑ . මොකද ඕක හිටිය කියල ඇති වැඩකුත් නෑ නේ

  3. dev says:

    koti tama prabalai unge ratawal wala

  4. Saman says:

    දැන් පේනව ජෙප්පො , පියතුමන්ල, සජබ , වුර්තිය සමිති කාරයො කොන්ට්‍රෝල් කරන්නේ , උන් පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල.. උන්ට ඉක්මනට ලංකාවට පැනගන්න ඕනෙ. ඒ රටවල් තවදුරටත් රැකවරණ දෙන්නෙ නැති වුනාම උන්ට එහෙ ඉන්න බෑ…සිංහලය රටින් එලවන්න ක්‍රියා කරකරන්නේත් උන්ම තමයි ..

  5. අම්බරුවා says:

    ජන අප්‍රසාදය ඇති වෙනකොට නාට්ටිය හදනවා …වියදම් ලංකාවේ ජහමනයාගෙන්..

  6. Amaris says:

    2009 LTT යුද්ධයේ අවසාන සතියේ යුද්ධය තිබුනේ මුලතිව් වල නොව ලන්ඩනයේ. එවිට මම හිටියේ ලන්ඩනයේ. කැනඩාව ඇමරිකාව ජර්මනිය ප්‍රන්ශය වගේ රටවල සිටින සියලුම දෙමල ඩයස්පෝරාව ලක්ශ ගානක් ලන්ඩන්වලට පැමින උද්ගෝශණ ආරම්බ කලා. මේ උද්ගෝශණ මොනතරම් ප්‍රභලද කියනවානම් ලන්ඩන් ජනජීවිතය සම්පූර්ණ අඩාල උනා. ලන්ඩන්වල කොටසක වාහන ගමනා ගමනය නතර උනා. දිනක පාඩුව ප්වුම් බිලියන ගානක් උනා. බැරිම තැන තමා මිලිබෑන්ල ලන්කාවට ඇවිත් ගෝටාබය ඉදිරියේ බැගෑපත් උනේ යුද ජයග්‍රහණයෙන් පසු සමහර තරුණ පිරිස් සෑම් චිකන් වගේ අපේ සිංහල ව්‍යපාරිකයන්ගේ ව්‍යපාරික ස්තාන වලට පහර දුන්නා.ප්‍රභාකරන්ගේ මරණය ඔහුන්ගේ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් හැටියට තමා සැලකුවේ . මම මෙතනදී දකින්නේ ද්‍රවිඩයන් අතර සමගිය. අද ගෝඨාබයට විරුද්ධව දෙමල ඩයස්පෝරාවා උද්ගෝශණ කරද්දී ලංකාවේ සිංහලයෝ ප්‍රීතියෙන් පිනා ගොස් හුරේ දානව .මුන්ට ඕනෑ කෙසේ හෝ බලය ලබා ගෙන හොරා කන්ඩ .

  7. කැපුවත් පොහොට්ටුවට says:

    අනිවාරෙන් රාජපක්ෂල නැත්නම් මේරට ඉවරයි. රජය පෙරලන්න කුමන්ත්‍රන කරන රජය ඇතුලේ සහ පිට සියලු දෙනා අත් අඩන්ගුවට ගන්න..

    • MD says:

      ජනපතිතුමනි ඔය යන්න වගේ ඉන්න අයට යන්න දෙන්න.සියලු දේ අනිත්‍යයි.ඔබ අවංකවම රටට ආශිර්වාදයක් වන කාලය කෙමෙන් කෙමෙන් ළඟා වෙයි.ඵතෙක් ඉවසීමෙන් කටයුතු කරනු.තෙරුවන්!!!

  8. saman says:

    රටේ ජාතික සම්පත් කුණු කොල්ලෙට කොමිස් මත චීනෙට, ඇමරිකාවට, ඉන්දියාවට විකුණන්න ගත්තා.
    එක රටක් එක නීතියක් කියලා ඇමතිවරුන්ටයි, රාජපක්ෂ පවුලේ උන්ටයි වෙනම නීතියක් ක්‍රියාත්මක කලා.
    රාජපක්ෂ පවුලේ උන්ව ඉහල තනතුරු වලට පත් කලා……………………..කඩා වැදිලා බැරිනම් උස්සගෙන ගියත් අපිට කමක් නෑ . මොකද ඕක හිටිය කියල ඇති වැඩකුත් නෑ නේ PARAYA.

  9. lankaputha says:

    This news confirmed it was not a Diplomatic visit to Glassgow… Fun rides…

  10. Dosa says:

    කොටි යුද්ධය කාලයේදී ගුවන් යානා නාශක අවි මෙන්ම මෝටාර් පද්ධති තිබුණේ යාපනයේ කතෝලික පල්ලිය ඇතුලේ බවත් වැරදිලාහරි බෝම්බ දැම්මා නම් ඒ වෙනුවෙන් යුද්ධ කරන්න රටවල් කීපයක් බලාගෙන හිටපු බව කියවුනා. එතකොට මේ යුද්ධය කරේ බෞද්ධයන්ට එරෙහිව කතෝලික පල්ලිය විසින්ද කියලා ප්‍රශ්නයක් ඒ කාලෙ තිබුණේ. යුරෝපයේ කරන්නේ ඒකමද?

    • harsha says:

      මම දන්න තරමින් 1995 සිට යාපනය තිබුණේ හමුදාව යටත‌ේ.

Main News