ජනාධිපති සියළු වගකිම් රාජිතට පවරයි..

March 4, 2018 at 8:02 am | lanka C news
ජනාධිපති සියළු වගකිම් රාජිතට පවරයි..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝනොවන රෝග පාලනය කිරීම සදහා වූ ප්‍රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපතිධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇත.

එවැනි සම සභාපතිධූර 05 ක් පිරිනමා ඇති අතර, පින්ලන්ත ජනාධිපතිවරයා, උරුගුවේ ජනාධිපතිවරයා, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පාකිස්ථානයේ විශ්‍රාමික අමාත්‍යවරයෙකුට මෙම සම සභාපති ධූර පිරිනමා ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් සම සභාපති ධූරයේ සියලු වගකීම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවරා ඇත.

තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීම සදහා බෝනොවන රෝග පාලනය කිරීම සදහා ප්‍රායෝගික නිර්දේශ යෝජනා කිරීම මෙම ස්වාධීන කොමිසමට පැවැරී ඇති වගකීම වෙයි.

එහි පළමු අධියර යටතේ සමසභාපති ධූර හොඹවන සාමාජික රටවල් සමග සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය සිකුරාදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ බෝනොවන රෝග පාලනය පිළිබද තොරතුරු හුවමාරු කර ගන්නා ලදි. එම තොරතුරු හුවමාරුව මෙහෙය වන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය මගිනි

– ප‍්‍රසන්න අධිකාරී

10 views

3 Comments to “ජනාධිපති සියළු වගකිම් රාජිතට පවරයි..”

  1. GMC says:

    Engreesee bari hinda nemei neda hitan

  2. Aaanna hondai. Kelaweeegena Yana ekata thawath aluth jawayak. Kunu dathaata Dena hema ekakma uu anaagena niyametama naa gannawa vitharakye novei, kole iraagena engeth halaa gannawa. Ithin, braapathiya e Gena Danna nisaa venna ethi newu horaatama ekath Dunne.

  3. Podi saadu says:

    Akuru 26 piliwelata kiyaganba beri unata kauda English be kiyanna. Me halo English beri kanata nenei hode. Weda wedi nisai

Main News