ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන පොලිස් අත්අඩංගුවට ගනී.. රිමාන්ඩ්..[Video]
September 10, 2017 at 9:20 am | lanka C news![ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන පොලිස් අත්අඩංගුවට ගනී.. රිමාන්ඩ්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/lll.jpg)
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ලාල් සිරිසේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී පොලොන්නරුව ඇතුමල්පිටියේදී ඔහු පැදවූ ජීප් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මිය යාම නිසාය.
අනතුර සිදුවූ අවස්ථාවේ පලාගියද පසුව පැමිණි ජනාධිපති සොහොයුරා පොලීසියට බාර වීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.