ජනාධිපති හා අගමැති අතර සීතල යුද්ධයක්…

February 22, 2020 at 10:12 pm | lanka C news
ජනාධිපති හා අගමැති අතර සීතල යුද්ධයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව පා.ම.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කලේය.

ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ රටේ ජනතාවද කබලෙන් ලිපට වැටී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,

‘යහපාලන ආණ්ඩුවේ දින 100 තුළ පාර්ලිමේන්තුවේ ආසන 45ක් තියාගෙන අපි රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළා. භාණ්ඩවල මිල පාලනයක් ඇති කළා. 19වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් මන්ත‍්‍රීවරු 45ක් තියාගෙන අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත්තා. එහෙම කරන්න පු`එවන් වුණේ අපේ නිසි කළමණාකාරිත්වයක් තිබුණ නිසා. නමුත් මේ ආණ්ඩුවේ දින සියය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සියයට සීයකින් ඉහළ ගිහින්. අපි රැකියා දුන් අය පවා ඉවත් කරලා. මෙහෙමයි මේ අය ආණ්ඩු කරන්නේ.

මේ ආණ්ඩුව මුදල් නැහැ කියලා මාස 03ක් යන්න කලින් පාර්ලිමේන්තුවේදි කෝටි 1088කට ඉල්ලීමක් කළා ණය ගෙවන්න. සංවර්ධන සහ ණය වශයෙන් කොටස් දෙකක් තිබුණා. අවසානයේදි ආණ්ඩුව ඒක ඉල්ලා අස්කරගත්තා. අපි පැරැද්දුවේ නැහැ. තව තව ණය ගන්න අපේ ඡුන්දය දෙන්න අපි සූදානම් නැහැ.

සති දෙකකට කලින් අගමැතිතුමා ඉන්දියාවට ගිහින් අවුරුදු 03ක ණය විරාමයක් ඉල්ලූවා. අපි 2020 වසරේ අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් වලට අවශ්‍ය මුදල් වෙන්කරලයි ගියේ. සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මය, විදුලි බල හා පොහොර සහනාධාරය වැනි සෑම අංශයකටම අවශ්‍ය මුදල් වෙන්කළා. මැතිවරණයට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත් අපට පැවසුවා ලබන වසරේ අපේ රට ගෙවීමට ඇති සිය`එම ණය මුදල් වෙන්කර අවසන් බව.

අපේ කාලයේ ජීවන වියදම් කමිටුවක් තිබුණා. සතියකට වරක් භාණ්ඩ මිල පිළිබඳව අපි සාකච්චා කරලා ජනතාවගේ ජීවත් වීමේ ප‍්‍රශ්ණ වලට අවධානය යොමුකළා. නමුත් අද ජනතාව කබලෙන් ලිපට වැටිලා. මේ ලගදී බැදුම්කර පිළිබද විවාදයක් තිබුණා. පසුගිය ආණ්ඩුව 2015ට කලින් බැදුම්කර සමඟ සෙල්ලම් කරලා මිලියන ගණනාවක පාඩුවක් කළා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේදි කතාකළා. අද පොහොට්ටුවට නැවත ඡුන්දයක් ඉල්ලන්න පු`එවන් කිසිම වැඩක් මේ වන තෙක් කරලා නැහැ. බොරුවට රැකියා ඉල්ලූම්පත‍්‍ර බෙදනවා විතරයි. ඉදිරි මැතිවරණයේදි අපිට මේ සියල්ල නැවත වෙනස් කරන්න පු`එවන්.

අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර සීතල යුද්ධයක් තිබෙනවා. මොකද 19වන ව්‍යවස්ථාව හරහා වැඩි බලතල හිමිවන්නේ අගමැතිතුමාට. ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂක ලෙස හිටපු හමුදා නිලධාරියෙක් පත්කළා. නමුත් අගමැතිතුමා දවස් දෙකෙන් එයාව අස්කළා. පැහැදිලිවම ආණ්ඩුව තුළ සීතල යුද්ධයක් ඇති වී තිබෙනවා’

– මාධ්‍ය ඒකකය

36,687 Viewers

14 Comments to “ජනාධිපති හා අගමැති අතර සීතල යුද්ධයක්…”

  1. Eiffel says:

    තෝ දැන්ද නැගිට්ටෙ.ඇයි ආප්පයා ටතාපිත් එක්ක ඩීල් දලො 2/3 අරංදීලා රටට හෙනයක් උන ටතාපේ 19 සම්මත කළා මතක නැද්ද….

    • Rdy says:

      What’s wrong with 19th amendment
      Very soon you will realize the value of it

      • ඩපයා says:

        අයියා දෙනවා මල්ලි අහෝසි කරනවා. සිරා පොනිල් නාඩගමේ දෙවෙනි කොටස 😀 😀

    • 😡😡😡😡😡 says:

      බලය නැතිවුනා විතරයිනේ බලපන්කෝ පෙනුම…
      හැකිලිලා වැරහිලා ගිහිල්ලා නේද හලෝ..!
      උඩරට හම්බයට ගැති එකා….! ඔය දකුණු අතේ
      ගැටගහගෙන ඉන්න ලනු කෑල්ල ගලවල දාගනින්..
      ඒක හෑල්ලුවක්….! ගිරිඇල්ල තුහ්.. මා

    • Dubba says:

      මගේ අප්පා! උඹලගේ ඇඟේ තියන ප්‍රශ්න ටික ඉවර කර ගනිල්ලකේ මුලින්ම. පහුගිය දවස් ටිකට කොච්චර පත් කරපුව ගැන ප්‍රශ්න ඇති උනාද? එව්වට විසඳුමක් දීපල්ලකෝ. අනුන්ගේ තැරිය බලන්න යන්නේ.

    • harsha says:

      ඒකට‌ විරුද්ධ වුණේ සරත් වීරසේකර විතරයි. ඒකට ඡන්දය දුන්නේ ආප්යාගේ උවමනාවට නම් විමල් වීරවංශත් ආප්පයාගේ පැත්තට යන්න ඇති්‍

  2. සනත් ඉතාලිය says:

    කිසිම දැක්මක් නැති ඔහේ උම්බෑ කියන පින් ගොනෙක්

  3. සනත් ඉතාලිය says:

    කිසිම දැක්මක් නැති ඔහේ උම්බෑ කියන පින් ගොනෙක් සීතල් යුද්ධය තියෙන්නෙ ඔහේලගෙ පක්ශෙ තවම නායකයෙකු නැහැ නමක් නැහැ ලකුනක් නැහැ

  4. ගිගිරි says:

    උගෙ පක්ශෙට ලකුණක් හොයා ගන්න බැරුව තටමන අතරේ අනුංගෙ මගුලක් ගැන කට මැත දොඩවනවා බූරු කිරා

  5. Aurora says:

    ආණ්ඩුවක් පත්වුණාම රට ආණ්ඩුකරන්න ඕන. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වුනාට තවම ආණ්ඩුකරන්න බැහැ. මොකද මුල්‍ය පාලනය තියන පාර්ලිමේන්තුව සහ විධායකය අතර ඒකමිතියක් නැතිකම නිසා පුර්ණ වශයෙන් රට ආණ්ඩු කරන්න නොහැකි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ දැන්. කවදා හෝ යම් පාර්ලිමේන්තුව සහ විධායකය අතර ඒකමිතියක් ඇතිවෙලා එකට තීරණ අරන් වැඩ කරනතෙක් රට එකතැන තමයි. අයවැයක් නැතිව ආණ්ඩුවට මුදල් වැය කරන්න බැහැ. කිසිම නීතියක් අලුතෙන් හදන්න බැහැ. ගැසට් එකෙන් කරන්න පුළුවන් සීමාව තුල පමණයි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තියෙන්නේ. මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ 19 ආණ්ඩුක්‍රම අටමගල නිසා. 2015 දී 19 වන කුමන්ත්‍රණය ක්‍රියාත්මකවෙලා නොතිබුන නිසා අලුතින් පත්වුන ජනාධිපතිට ප්‍රශ්නයක් නැතිව ආණ්ඩුව ගෙනියන්න පුළුවන් වුණා. ඔහොම තත්වයක් තියෙද්දී මේ පාදඩයෝ තවත් කුහක කතා කියනවා.

  6. Araliya says:

    Ammo meya danna dewL. Ara amu the kola kilo ekak in 20/= k kagedo diyaniyak comis gaththe Bawa danne nehe, egena katha karranneth nehe.

  7. 77 UNP says:

    සෑම අංශයකටම අවශ්‍ය මුදල් වෙන්කළා. කියල කිව්වට හරියන්නේ නැහැ ගොනෝ. මුදල් වෙන්කළාට කොන්ත්‍රාත්කරයන්ට ගෙවන්න මුදල් බැංකුවලින් ගන්න ඕන. ඒකට මහ බැංකුවෙන් හරි වෙන බැංකුවෙන් හරි මුදල් ගන්න ඕන. ඒ මුදල් ගන්න වෙන්නේ නයට නිසා නය සීමාව වැඩි නොකර ආණ්ඩුවට බැංකුවලින් මුදල් ගන්න බැහැ. ඕක නොදන්න ගොනෙකුට උම්බෑ කියනවා ඇරෙන්න කියන්න දෙයක් නැහැ. දැන් කොන්ත්‍රාත් කාරයන්ට තමුන්ගේ සේවකයන්ට අවුරුද්දට පඩි, OT, බෝනස් ආදී මොනම ගෙවීමක්වත් කරන්න බැහැ. ඒ අසරණ සේවකයෝ අවුරුද්දට පස් කාල හුලං බොන්න ඕන. තොපි කාලකන්ණි ආණ්ඩුවට නොවෙයි ගැහුවේ කොන්ත්‍රාත් කරුවන් ළඟ වැඩ කරපු අසරණ මිනිස්සුන්ට. උප කොන්ත්‍රාත් කාරයන්ට. තොපිට ශාප වෙනවා.

  8. David Milli-banda says:

    Highway Km ekak thanimata gaana kiyada toge kaalay ?

  9. gamarala says:

    උටරට විනාසකර දැන් දකුණ විනාසකරන වසලයා

Main News