ජනාධිපති හා අගමැති අපට දුන් පොරොන්දු කැබිනට් සංසෝධනයෙන් පසු ඉටු කරන බව දැන්වූවා..- TNA
April 27, 2018 at 3:50 pm | lanka C news
ජාතික ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව තව දුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමග එකගතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ සෙල්වනායගම් මහතාගේ 41 වන ගුනානුස්මරණ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනය අසල පිහිටි සෙල්වනායගම් පිළිරුව ඉදිරියේදී ඊයේ දන ගුනානුස්මරණ උත්සව අවස්ථාව පැවති අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.
උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍ය සක්ච්ඡාවට සහභාගී වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,
‘රජය සමග එකගවීමෙන් තොරව හෝ දෙමළ ජනතාවගේ ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරියට යාමට සූදානම් බව අපි අපගේ පක්ෂ මහ සමළුවේදී ප්‍රකාශ කළා එය 2015 තයිපොන්ගල් දිනයේදී ආරම්භ කරන බවත් ප්‍රකාශ කලා නමුත් ඊට පෙර රටේ ආණ්ඩු පෙරලියක් සිදු වුනේ අපේ ජනතාවගේද සහය ඇතිවයි එම ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා ඒ නිසාම ආණ්ඩුවට කාලය ලබා දීමට සිදු වුනා නමුත් ඒ කාලය අවශ්යා කාලයටත් වැඩිය ලබා දීලා තියනවා ඒ නිසා අපි දැන් කියන්නේ තවදුරටත් ප්‍රමාද නොකර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවටයි.
එසේ නොවුනහොත් ආණ්ඩුව සමග ඉදිරියේදී එකගතාවයකින් කටයුතු කිරීමට අපිට හැකි වන්නේ නැහැ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය වරයා අපිට පොරොන්දු වී තිබෙනවා මේ කැබිනට් සංසෝධනයෙන් පසුව එය ආරම්භ කරන බවට අපිත් දැන් මේ බලන් ඉන්නේ කැබිනට් සංසෝධනය සිදු වන තුරු.
– වන්නි රොමේෂ් මධුෂංඛ
How can ranil give promises to overcome a No Confidence Motion without parliamentary approval??
Sumanthiran idiot you very well know that personal promises are null & Void.
හවස් වෙලා මන්දිරය පැත්තේ ආවා නම් …..වේට්ටිය පුරා ගෑ ගෙන යත හැකියි.
Sumanthiran,
You and fellow tamil politicians are day dreaming.
Please stay n your dreams, which are dreams only forever.