ජනාධිපති හා චීන ආරක්‍ෂක ඇමති හමුවේ වූ දේ මෙන්න…

April 28, 2021 at 1:20 pm | lanka C news
ජනාධිපති හා චීන ආරක්‍ෂක ඇමති හමුවේ වූ දේ මෙන්න…

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

74,701 views

49 Comments to “ජනාධිපති හා චීන ආරක්‍ෂක ඇමති හමුවේ වූ දේ මෙන්න…”

  1. චිනය සැමදා අපේ අර්ථිකයේ සහ ආරකෂාවේ ,නෙසැලෙන සහකරැවා..! says:

    චිනය සැමදා අපේ අර්ථිකයේ සහ ආරකෂාවේ ,නෙසැලෙන සහකරැවා..!
    ලෝකයේ බලවතා චිනය සැමදා අපේ අර්ථිකයේ සහ ආරකෂාවේ අද්වීතීය ,නෙසැලෙන සහකරැවා..! බටහිර ත්‍රස්තවාදීන් ඉන්දියානු කුඨ කුමනත්‍රණ කරැවන් නපුංසක කළු සුද්දන් මර්ධනය කොට.,ආරකෂාවෙන් පරිපුර්ණ රටක්, ශ්‍රීලංකාවට සෞභාග්‍යමත් හෙටක්…!
    මාත්‍රෘභුමියට ඡයවේවා..!
    ඡය ශ්‍රී..!!!

    • දම්සෝ says:

      කෙටි කාලීන විසදුම සඳහා දැනට චීනයෙන් ආධාර සහ ණය අරගෙන,72වසරක අසමත්බවින් මිදෙන දිගු කාලීන විසදුම සඳහා වහාම චීන මොඩලයේ සමාජවාදී පාලනයක් ඇතිකර ගැනීම එකම විසදුමයි.
      අද චීනයෙන් ණය හිගන බංකොලොත් පෙරේතයින් හෙට රටට නියත දියුණුව උදාකරණ චීන මොඩලයේ පාලනයක් ලංකාවේ ඇති වනවාට කොහෙත්ම කැමති නැත.ඒ උන්ට තැන නැතිවන නිසාය.සමාජවාදය යටතේ ආගමට තැනක් නැති බව හෝ අද චීනයේ සමාජවාදය නැති බවට තම ඇම්බැට්ටයන් ලවා එවිට ඔවුන් කුහක ලෙස පවසනු ඇත.ඊයේ බටහිර සපත්තු ලෙව කෑ මොවුන් අද චීනයේ දෙපතුල් ලෙවකන්නේ චීනයට හෝ සමාජවාදයට ඇති හිතවත්කමක් නිසා නොව තම පැවැත්ම සඳහා වෙන විකල්පයක් නැති නිසාය.

  2. polgahawela says:

    අනේ අපේ රටේ ගොන් හරක් උබලා සතුටු වෙයල්ලා අද ? නමුත් හෙට අපිට අඩන්න තමා දැන් ඉතිරිකරලා … අපි හැමදාම වාහල්ලු

  3. david milibanda says:

    God has passed Judgement on බටහිර ත්‍රස්තවාදීන් ඉන්දියානු කුඨ කුමනත්‍රණ කරැවන් නපුංසක කළු සුද්දන් මර්ධනය

  4. Darshana abayakoon says:

    ප්‍රතුගීසි, ලන්දේසි, ඉන්ග්‍රීසි, චීන.
    චීනාට රට පාවාදුන් නායකයා ලෙස රාජපක්ශ නාමය ඉතිහාස ගත වනු ඇත.

    • Buruwa says:

      Who are we now. We are slaves of so called western liberal democracy. In other word followers of USA and EU dictated policies.

  5. ච්ං චුං බයියා says:

    කෝ අර වොයිස් කට් දේශප්‍රේමී වහල්ලු .

Main News