ජනාධිපති හැමදාම පාර්ලිමේන්තු කැදවන්න වෙනවා..- කතානායක

November 30, 2021 at 11:20 am | lanka C news
ජනාධිපති හැමදාම පාර්ලිමේන්තු කැදවන්න වෙනවා..- කතානායක

අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර දීම සඳහා කිසිදු ඇමතිවරයකු නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ආණ්ඩු පාර්ශ්වය ප‍්‍රශ්නවලට උත්තර දීම සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

එනිසා ඉදිරියට සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙසද ඔහු ආණ්ඩු පක්ෂ සංවිධායකගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා පැමිණෙන දිනට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැඩක් නැති බවද පැවසූ ඔහු එසේ නම් හැමදාම ජනාධිපතිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඉල්ලා සිටීමට සිදුවන බව පැවසීය.

35,720 views

6 Comments to “ජනාධිපති හැමදාම පාර්ලිමේන්තු කැදවන්න වෙනවා..- කතානායක”

  1. හෙළ බොදු රාවණාගේ නැගිටීම says:

    දසිස් රාවණ නොහොහොත් හිස් දහයක් ඇති හෙල බොදු රාවණයන් 2050 සිහි මූර්ජාවෙන් අවධි වී මේ රට සක්විති මහ රජු වෙන තුරු කවුරුන් මේ රට පාලනය කලත් ඇති වෙන්නෙ අරාජික පාලනයක්. ඔබ සැමට ශිව දෙවි පිහිටයි ! රාවණා සරණයි !

  2. 3% ට බය බයියා. says:

    බොරුවෙන් වංචාවෙන් රට පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරමින් සිටිනවා පොහොට්ටුවේ කට්ටිය .

  3. COOL says:

    මේ 3/2 තියන අණ්ඩූවේ වැරදි, පඩි ගන්නවා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි.

  4. 0.00069 BIYYO says:

    බොරුවෙන් වංචාවෙන් රට පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරමින් සිටිනවා පොහොට්ටුවේ කට්ටිය
    ඔබෙ වටිනා චන්ද කතිරයට දියවන්නාවෙ මොළේ නෑති. ගොබ්බ සෙනලාගෙ පිලිතුර ,දැන් සනිපද? .

  5. DC says:

    ‘ ප්‍රශ්නවලට උත්තර දීම සඳහා කිසිඳු ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණ නැත. ‘

    මෙහෙම දේවල් අහන්න තරම් මේ රට කාලකණ්නිද? මොකටද පාර්ලිමේන්තුවක්.

  6. Gamarala says:

    හොරුන්ට දැන් මුණ පෙන්වන්න ලැජ්ජයි ලු.

Main News