ජනාධිපති හෙලිකොප්ටර දෙකකින් යන්නේ ආරක්ෂාවට..- චමල්
March 10, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන ඇතැම් අවස්ථාවල හෙලිකොප්ටර් දෙකක් යන්නේ ආරක්ෂාවට යයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා යන බොහෝ තැන් වලට හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන්නේ මන්දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
අද වන විට ජනාධිපතිවරයා පෙර සම්ප්රදාය වෙනස් කර ඇති බවත් ඔහු සිටින්නේ තමන්ගේම නිවසේ බවත් ආරක්ෂාව ද වෙනස් කර ඇති බවත් චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාරේ යද්දී යන්නේ වාහන තුනක් පමණක් යයිද ඇමතිවරයා පැවසීය.
ජනාධිපතිවරාට උඩින් යන්න බැරිනම් කොහෙන්ද යන්න දැයි විමසූ ඔහු හෙලිකොප්ටර් දෙකක් යන්නේ ආරක්ෂාවට යයිද සඳහන් කළේය.
ඒ අතින් බලනකොට ඇමෙරිකාවේ ජනාධිපති යන්නෙත් එක හෙලිකොප්ටර් එකකනේ. අනෙක මේ මනුස්සයා යන විදියට ඕවයේ තෙල් වතුරවත් බලන්න වෙලාවක් නැතිව ඇති. දෙකක් නෙමෙයි පහක් තිබුනත් මුන්ගේ සල්ලි නෙමෙයිනේ.
රනිල්ගෙ මහින්දගෙ බැසිල්ගේ චමල්ගේ සහ මහ ඵවුන්ගේ අඩිපාරේ ගමන් කරමින් නන්නත්තාර වී සිටින නාමල්ගේ., වඡිරගේ, අනුරගේ රිශාඩ්ගේ සුමන්දිරම්ගේ පකෂ පාට වලින් ඹබ්බට යන ලද ”රහසිගත” ‘වන්චනික බිඡ්ඡන්ගේ සංගමය..!’ රහසේ හැංගිහොරා බිඡ්ඡේ ක්‍රිඩාව සිදුකරමි්න් සිටියද රහසි ගතව පහත් විදනය ලැබුවද.. සියල්ල නිරීෂණය කරමින් පටිගත වනුයේ අනාගතයේ දවසක ‘වංචනික බිඡ්ඡන්’ ග්රී ලාංකික සමාඡයට නිරාවරණය කිරීම සදහාම බව ”බිඡ්ඡේ දේශපාලනයයේ න්යායාචාර්යන්ට නොවැටහිම හාස්‍යට කරැණකි !”පැමිනෙන තිරණා්මකම ඡන්දයේදී පාවාදෙන්නන්ගේ, කුමන්ත්‍රණ කරැවන්ගේ, රහසිගත බිඡු ක්‍රීඩාව සමාඡයට නිරාවරණයකර බිඡ්ඡේ හොර දේශපාලුවන් අතුගා දැමිමට ඡාතිකවාදී බලවේගයන් ඉවසිල්ලෙන් ස්ථානගතව සිටිනබව දේශපාලන නපුංසකයන්ට දැනුම්දී සිටින වගයි෴
ඔය දෙකටම හදිසියේම ප්‍රහාරයක් එල්ල උනොත් දෙක මදි නැද්ද? තව දෙකක් දැම්මොත් නරකද? මොකද ජාතික ආරක්ෂාව තහවුරු කරලයි කිව්වට මහ එකාටම සැකයි ආරක්ෂාව තහවුරු කරලයි කියලා ඒකනේ දෙකක් යන්නේ අනික බදියුදින් දැන් විමල්ට විරුද්ධව නඩු පවරන කාළයක් අබුද්දස කාලේ ලබ්බත් තිත්තයිලු
ඒ කියන්නේ එකකින් යනකොට, අනතුරක් සිදු වෙලා කඩාගෙන වැටෙන්න ගියොත්, අනිත් එකෙන් ගිහිල්ලා අල්ලගන්ඩ ද? එහෙම නැත්තං අනතුර සිද්ධ කරලා ඉවරවෙලා, කඩාගෙන වැටුණුතැනට ගිහිල්ලා අනිත් එකෙන් එකතු කරගෙන එන්ඩද? ඒ අතරතුර කලේ ඇතුළතදී කඩාකප්පල්කාරී කණ්ඩායමකට පුළුවන් නේද, ඇටෑක් එකක් කරන්න. ඒක දෙවෙනි හෙලිකොප්ටරයෙන් මග ඇරෙනවා ද? ලංකාව වගේ පුංචි රටක පළවෙනි හෙලිකොප්ටරය ඉතාමත් දුෂ්කර ප්‍රදේශයකට කඩාගෙන වැටුනොth, ඉතා සුළු කාලයක් ඇතුලත, දෙවැනි හෙලිකොප්ටරයක් යවන්ඩ පුළුවන්කම තියෙද්දි, දෙවෙනි එක එක්ක යන එකේ තියන තේරුම මොකක්ද? ගහන්ඩ ඕනේ එකෙක් ඉන්නවනම්, හෙලිකොප්ටර් දෙකටම ගහන්ඩ පුළුවන් නේද? අනිත් එක කොටි යුද්ද කාලේ වත් නැති විශේෂ තත්වයක් අද කාලේ තියෙන්නේ කොහොමද? ඒක නිසා මීට වැඩිය සාධාරණීයකරණය කළ හැකි, රජයට ප්‍රසාදයක් ඇති වෙන විදිහේ පැහැදිලි කිරීමක් කරානම්, රජයේ ප්‍රතිරූපයට ඒක හොඳයි නේද?