ජනාධිපති හේනට යයි..
December 27, 2020 at 2:10 am | lanka C news
අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට 26 පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය.
සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපතිතුමා සමඟ කියා සිටියහ.
වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.
වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.
මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වැඩම කර සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Barida mekath paniyakin godadaaganna ?
no point in visiting people and show off that he is concerned about people.Now people are far ahead of politicians,he should stop this non sense and do the way he promised.N need to go to people if he does his duty properly.He is doing this he knows he is a failure.If he can not do this he should resign and give people the choice to appoint a uncorrupted president rather than dancing according to the tune of Basil.he is destrying all the people like wimal gammanpila ,Channa,Sarath weerasekara whom people thought as saviours of sinhala nation.
Very True and 100% agree with you.