ජනාධිපති හෝ අගමැති අමතන තුරු මනෝ බලා සිටී..

September 16, 2020 at 3:50 pm | lanka C news
ජනාධිපති හෝ අගමැති අමතන තුරු මනෝ බලා සිටී..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් පත් කර ඇති විශේෂඥ කමිටුවට කදුකර දෙමළ ජනතාව නියෝජනය කරමින් සමාජිකයෙකු පත් කිරීම හා වතුකම්කරුවන්ට ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීම් වලට ආණ්ඩුව හා ලංකා කම්කරු කොංග‍්‍රසය පිළිතුරු ලබාදිය යුතුව ඇතැයි දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසයි.

ඔහු චෝදනා කරන්නේ තමන් ආණ්ඩුවෙන් හා රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් කිසිදු පාර්ශවයක් පිළිතුරු ලබාදී නොමැති බවයි.

මනෝ ගනේෂන් මහතා මේ පිළිබදව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායකයා වශයෙන් මා පසුගිය සතියේදි කදුකරයේ ජීවත් වන ජනතාව වෙනුවෙන් ප‍්‍රධාන ඉල්ලීම් දෙකක් ආණ්ඩුව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා. එම එක් ඉල්ලීම් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබු අතර අග‍්‍රමාත්‍යවරයා වෙත දුරකථනයෙන් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා.

පළමු ඉල්ලිීම වුණේ කදුකරයේ ජීවත් වන දෙමළ ජනතාව නියෝජනය වන පරිදි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළ විශේෂඥ කමිටුවට සමාජිකයෙකු පත් කිරීමයි. පාඩු ලබන වැවිලි වතු කැබලි කර වතුකම්කරුවන් වෙත ලබාදී ඔවුන් කුඩා වතු හාම්පුතුන් බවට පත් කර වැවිලි කර්මාන්තය ලාභ ලබන තත්ත්වයට නගා සිටුවීමයි.

එහෙත් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙන්ම ලංකා කම්කරු කොංග‍්‍රසයත් නිහඩ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි. ලංකා කම්කරු කොංග‍්‍රසය ආණ්ඩුවේ පාර්ශවයක් වන බැවින් ඔවුන් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා හා සාකච්ඡුා කරන බවක් නොපෙනෙයි.

ලංකා කම්කරු කොංග‍්‍රසය කදුකරයේ ජනතා ඉල්ලීම් පිළිබදව පාර්ලිමේන්තුවේදි හෝ ඉන් පිටතදි කතා කරන බවක්ද නොපෙනෙයි. ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව පොරොන්දු වුයේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔවුන්ට දෛනිකව රුපියල් දහසක වැටුපක් ලබාදීමට කටයුතු කරන බවයි.

නුුදුරේදීම මැතිවරණය ක‍්‍රමය වෙනස් වී සුලූදේශපාලන පක්ෂ මුලූමනින්ම විනාශ වි යනු ඇත. එම අවස්ථාවේදීත් ලංකා කම්කරු කොංග‍්‍රසය නිහඩ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇද්දැයි යන්න මේ අවස්ථාවේදි ප‍්‍රශ්න කිරීමට කැමැත්තෙමි.

මෙම ගැටලූ සම්බන්ධයෙන් කදුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති, කම්කරුවන්, සේවකයින් ජනතාව, සංවිධාන, මාධ්‍යවේදීන් , විදෙස් සංවිධානය මෙන්ම හැකි සෑම පාර්ශවයක්ම හඩ අවදි කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් මග පෙන්වීමට අප සුදානම්ය.

– මාධ්‍ය අංශය

25,793 views

15 Comments to “ජනාධිපති හෝ අගමැති අමතන තුරු මනෝ බලා සිටී..”

  1. Herath Banda Karaliyada says:

    Mano Ganaish is going too far,he is Tamil Chauvinist ,seek certain line anti-Sovereignty policies of politics by his deeds. We do not give much attention to Mano Ganask voice, that voice of foreign forces.
    He(M ano Ganash ) is working against an Independence , Territorial integrity,Sovereignty and Democracy of Ours Republic.
    He has NO right to be appear before that Plantations Tamil of Workers of upcountry !

  2. කොන් ඩොකා says:

    ජන වර්ගය හෝ ආගම නමට දාගත්ත කිසිම පක්ෂයක් ජාතික කටයුත්තක් සඳහා එක් කර නොගන්න.

    • සුදුපරවියා says:

      නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළ විශේෂඥ කමිටුවට සමාජිකයෙකු පත් කිරීමයි. පාඩු ලබන වැවිලි වතු කැබලි කර වතුකම්කරුවන් වෙත ලබාදී ඔවුන් කුඩා වතු හාම්පුතුන් බවට පත් කර වැවිලි කර්මාන්තය ලාභ ලබන තත්ත්වයට නගා සිටුවීමයි.—-
      මොකද්ද මේ ජාතිවාදී කල්ලතොනියා කියන බහු භුත ?මේ රටේ සිංහල ජනතාව නැතුවටද ?
      මේ සිංහලයන්ගේ මව් බිමේ ඉඩම් නොමිලේ ඉන්දියා වෙන් ආපු කල්ලතොනින්ට ලබා දෙන්නේ කුමකටද ? මේ රටේ මහජාතිය සතුව තිබු ඒ ඉඩම් බලෙන් අරගත්තේ සුද්දෝ.. ඒ ඉඩම් නැවත ලබා දිය යුත්තේ සිංහලයින්ට ..සුද්දෝ තේවතුවල වැඩට ගෙනාපු වහල්ලුන්ට නොවේ ..මනෝ ගනේෂන් කතා කරන්නේ කදු රට දමිලයින් සතු රාජ්‍යක් වගේ ….නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී කිසිම සුලුජතිකයන්ගේ සාමාජිකයින් අවශ්‍ය නැත ..මේ සිංහලයින්ගේ මාතෘ භූමියයි ..අපේ රට පිලිබදව තීරණ ගැනීමට සුළු ජාතිකයින් අවශ්‍ය නොවේ ..ඒ බව ජාතිවාදී ගනේෂන් තේරුම් ගත යුතුයි. ..පසුගිය කාල වල රට පාලනය කල දේශද්‍රෝහීන් නිසා ගනේෂන් වැනි ජාතිවාදී සුලුජාතින්ට රටේ ඇමතිකම් ලැබුනා ..ඒ නිසා තමයි මොහු දැන් කෙරුමෙක් වගේ කතා කරන්නේ ..ගනේෂන් මේ සිංහල මව් බිම ….ගෙදර බල්ලෝ ගෙදර ස්වාමියා පාලනය කරන්න උත්සහ කිරීම නිෂ්ඵල වැඩක් …අපේ රට ගැන තීරණ ගැනීමට සුලුජාතින් අවශ්‍ය නොවේ

Main News