‘ජනාධිපති ෆේල්.. මං රට බේරාගන්නවා..’ මුරුගන් දෙවියන්ට සජිත් පොරොන්දු වෙයි…

January 13, 2022 at 12:40 pm | lanka C news
‘ජනාධිපති ෆේල්.. මං රට බේරාගන්නවා..’ මුරුගන් දෙවියන්ට සජිත් පොරොන්දු වෙයි…

අන්තවාදය මෙරටින් තුරන්කරන වැඩපිළිවෙල සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නල්ලූර් ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේ (12) සවස පවසා සිටියේය.

ඊයේ දිනට යෙදී තිබුණු විපක්ෂ නායකවරයාගේ 55 වන ජන්ම දිනය නිමිත්තෙන් විපක්ෂ නායක වරයා විපක්ෂ නායක වරයා පළමුව යාපනය නාග විහාරයට ගොස් ආගමික වතාවත් සිදුකොට නාගවිහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමයන්ගෙන් ආශිර්වාද ලබාගත් අතර පසුව යාපනය රදගුරු නිවසට ගොස් යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබාගැනීම සිදුවිය.

අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත් සිදුකොට දේව ආශිර්වාදය ලබාගත් අතර මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මියද සහභාගී වූවාය.

අනතුරුව සමගි ජන බලවේගයේ පක්ෂ ක්‍රියාකාරීන් විසින් නල්ලූර් යොවුන් ශාලාවේදී සංවිධානය කොට තිබූ ජනහමුවක් අමතමින් ඊයේ සවස මෙලෙස නල්ලූර් ප්‍රතිඥාව ලබා දෙන ලදි.එහිදී විපක්ෂ නායක වරයා වැඩිදුරටත් පවසා සිටියේ,

“ රටේ මේ මොහොත වනවිට ආහාර ආම්පන්නවල බරපතල හිගයක් තියනවා අම්මලට දූදරුවන්ට කිරිපිටි ටික නැහැ. ඉන්ධන ටික නැහැ. රට අන්ධකාරයේ තබන ආණ්ඩුවක් මේ තියෙන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ආණ්ඩුව ෆේල්. ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩලය මේ ඔක්කම ෆේල්. අද දින මේ උතුම් නල්ලූර් පුදබිමේ සිට මං ප්‍රතිඥාවක් දෙනවා. නල්ලූර් ප්‍රතිඥාව හැටියට. අන්තවාදය අපේ රටින් තුරන්කරන වැඩපිළිවෙල අපේ රජයක් යටතේ  ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාවයි.”

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,749 views

33 Comments to “‘ජනාධිපති ෆේල්.. මං රට බේරාගන්නවා..’ මුරුගන් දෙවියන්ට සජිත් පොරොන්දු වෙයි…”

  1. සෙරෙප්පු සුප් says:

    දැන් පේනවනෙ මෙයාගෙ නියම ස්වරූපය​.කඳයි බඩයි විතරයි.මෙච්චර කල් ඉඳල තියෙන්නෙ පුෂප් කරපු වෙයාර් එකක් ඇඳගෙන​.ඔය දේවාලෙ කපුව කිව්ව ගමන් ඇඳුම් ගලවනව.ඔය වගේම ජලනිත් කලා නම් දෙන්නව අඳුන ගන්නත් බැරි වෙනව.පෑඩ් විතරක් නෙමෙයි බ්‍රෙෂියරුත් නොමිලෙ දෙනවලු මෙයා ආපුවාම​.

  2. Bredt says:

    ලංතාවටම කිරි ෙදන්න ෙමයාට පුලුවන්ෙන්

  3. Adera says:

    වැරදීමකින් ෙහා ෙම්කා දිනුෙවාත් රටම ඡාතියම ඉවරය්

  4. සනා says:

    මු අගමක් ජාතියක් කුලයක් දන්න එෙකක් ෙනාෙවයි

  5. Chathura says:

    දෙවියාත් දන්නවා තො අමු මොඩයෙක් කියලා

Main News