ජනාධිපති කැබිනට් මණ්ඩලයට දරුණුවටම බැණ වදී.. ආණ්ඩුව ඉක්මනින් පෙරලෙන බවත් මූණටම කියයි.. කැබිනෙට්ටුව තක්කු මුක්කු වේ..

March 26, 2019 at 10:21 pm | lanka C news
ජනාධිපති කැබිනට් මණ්ඩලයට දරුණුවටම බැණ වදී.. ආණ්ඩුව ඉක්මනින් පෙරලෙන බවත් මූණටම කියයි.. කැබිනෙට්ටුව තක්කු මුක්කු වේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී එහි සාමාජිකයන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද කැබිනට් මණ්ඩලය රැස් වූ අතර එහිදී ජනාධිපතිවරයා විසින් මෙම දොස් පැවරීම සිදු කර ඇතැයි වාර්තා වෙයි.

රට පුරා සිදුවන විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී දැඩි දෙස විවේචනාත්මකව අදහස් දක්වා ඇති අතර ජනතාව ආණ්ඩුවට අම්මා අප්පා මතක් කරමින් කුණුහරුපෙන් බනින බවද පවසා තිබේ.

මෙහෙම ගියොත් ඉක්මනටම පෙරෙලන බව මතක තබා ගන්නැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් සකස් කිරීමට අමාත්‍ය අනුකමිටුවක් අදම පත්කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුවයි.

මහජන උපයෝගිතා කොමිසමේ ඉහල නිලධාරියෙකුටද දැඩිව දොස් පවරමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඔහුව හැකි ඉක්මනින් ඉවත් කල යුතු බවත්ය.

131 views

22 Comments to “ජනාධිපති කැබිනට් මණ්ඩලයට දරුණුවටම බැණ වදී.. ආණ්ඩුව ඉක්මනින් පෙරලෙන බවත් මූණටම කියයි.. කැබිනෙට්ටුව තක්කු මුක්කු වේ..”

  1. කැලණියෙ දමියා says:

    අවුරුදු 3 ක් රනිල්ව හුරතල් කරපු මෙතුමා, කරපු එකම දේ රාජපක්ෂලාගෙන් සහ විපක්ෂයෙන් පලි ගත්තු එකයි කලේ. දැන් මෙතුමා නින්දෙන් නැගිටිලා වගේ ආණ්ඩු පෙරලන්න හදනවා. බුද්ධිමත් ජනතාව රවට්ටන්න බැහැ.

  2. john the baptice says:

    මේ රජය පන්නන්න පුලුවන් එකම මග ජනතාව පාරට බැසීම පමණි ඇල්ජිරියාව ජයගත්තේ මේ පිලිවලට

    • රයන් says:

      ඇයි එලවන්නෙ? ලංසල, කුඩු දුමියල ආයෙ ගෙනත් රට කුඩු පුරයක් කරන්නද?

  3. සේනක says:

    කෙලෙහි ගුන නොදත් අධම ජාතියක් ඉන්න රටකට හරියයිද

    • හැමදාම කෙලෙහිගුන සලක සලක හිටියනම් රටේම මිනිස්සු කුඩ්ඩො වෙලයි නවති⁣න්නෙ. අවුරුදු 10 දුන්නනෙ කලගුණ සලකලා.

Main News