ජන බලය කොලඹ ආක‍්‍රමණය අරඹයි.. ඈත එපිට දිස්ත‍්‍රික්කවලින් බස් රථ සිය ගණන් එයි..

September 5, 2018 at 3:21 am | lanka C news
ජන බලය කොලඹ ආක‍්‍රමණය අරඹයි.. ඈත එපිට දිස්ත‍්‍රික්කවලින් බස් රථ සිය ගණන් එයි..

ඒකාබද්ධ විපක්ෂය විසින් අද දිනයේ කොළඹදී සංවිධානය කර ඇති ‘ජන බලය කොළඹට’ විරෝධතාවයට සහභාගී වීම සඳහා දිවයිනේ ඈත එපිට දිස්ත්‍රික්න වල සිට බස් රථ විශාල ප‍්‍රමාණයක් පිටත්වීමට සූදානම් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඊට අමතරව ජනතාව සිය පුද්ගලික වාහන වලින් ද එම දිස්ත්‍රික්කයන්හි සිට ගමනාරම්භ සඳහා සියලු කටයුතු සූදානමින් තිබේ.

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිවු, මන්නාරම දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙසේ සිය ගමන ආරම්භ කිරීමට සූදානමින් ඇතැයිද සහන්ය.

ඔවුන් කොළඹ හා සම්බන්ධවෙමින් අවශ්‍ය ස්ථානය කරා යොමු කරනු ඇතැයි ද වාර්තා වෙයි.

163 views