‘ජන මතයට හිස නමනු..’ GMOA රට පුරා විරෝධතා අරඹයි..
April 28, 2022 at 6:20 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමණාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීම සහ රට ස්ථාවර කිරීම සඳහා වර්තමාන රජයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා විපක්ෂ සියළු දේශපාලනඥයනුත් අසමත් වී ඇත.
මේ සම්බන්ධයෙන් විරෝධතාවය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජ කරවූ මර්දනකාරී ආණ්ඩුව ජනමතයට හිස නවනු” යන තේමාව යටතේ රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතියි.
හෙට දිනයේදීද එම විරෝධතාවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සමිති කලින් සැලසුම් කරගත් පරිදි රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී අනෙකුත් වෘත්තීය සමිති විසින් ගෙන යන විරෝධතා සමඟ සහයෝගයෙන් සහ සමගාමීව කටයුතු කිරීමට අපගේ ශාඛා සමිති කටයුතු කරනු ඇත.
මෙම සියළු ජනතාවාදී අරගල වලදී ඊට සහය දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොත වන විට අතිශය පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරමින් වැඩවර්ජනයක නිරත නොවුනද රජයට එරෙහි විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. රජය මෙම විරෝධතා වලට සවන් දීමට සුදානම් නොවන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යමකාරක සභාව තීරණය කරනු ඇත.
එමෙන්ම පවතින අර්බුදයට විසඳුමක් ලෙස ඇති කරනු ලබන ඕනෑම තාවකාලික යාන්ත්‍රණයක (අන්තර්වාර රජයන්/ සභාග රජය/ සර්ව පාක්ෂික ආණ්ඩු) මූලික අවශ්‍යතාවය රට ස්ථාවර කිරීම සහ දූෂණය පිටු දැකීම වන බැවින් සෞඛ්‍ය ඇතුලු කිසිදු ආමාත්යාංශයකට දූෂිත හෝ දූෂණ චෝදනා වලට ලක් වූ කිසිදු පුද්ගලයෙක් පත් නොකරන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටින අතර එසේ නොවුනහොත් ජනතා අරගලය සැබෑ විසඳුමක් නොලැබෙනවා මෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ලෙසකින් නොපැකිලෙන බව අවධාරණය කරමු.
මේ මෝඩ දොස්තරලා 0.5%ක් මැරෙන රෝගයකට රට වහන්න බලපෑම් කරපු කණ්ඩායම. අද්දැකීම් අඩු ගෝඨා අවුරුද්දකට රට වැහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා ඔයාට පේනවද?
ඔබ නිවැරදියි!
ඒකනේ. ලෝකේ පුරාම මාස්ක් ඉවත් කරන කොට මෙයාලට ඕනලු.
මුලින්ම දොස්තරලා හොයපු චැනල් ආදායම හොයාගන්න. උන් වැඩකරපු හැම තැනකින්ම , හැම ඉස්පිරිතාලෙකින්ම පහුගිය කාලවල හොයපු ආදායම් විස්තර පහසුවෙන් ගන්න පුලුවන්. විස්තර දෙන්නේ නැති ඉස්පිරිතාවල වලට නඩු දාන්න. මුන්ගේ බදු විස්තර හොයාගන්න. නොගෙවපු බදු අයකරගන්න නඩු දාන්න. දොස්තර මට්ටමෙන්ම වංචාව, හොරකම අල්ලලාම පටන් ගමු. රටට කොච්චර ආදායමක් වංචා කරලාද කියලා හෙලිකරන්න. කන්ඩායමක් ඉදිරිපත් වෙලා වැඩේ පටන්ගන්න.
Is it possible for the people who are in glass houses to commence an investigation into the matters referred to, is the Problem!!!
Unp anduwak gonna mara try eka.kalakanni
.rata wahala artike kaput Amanda rata.army eka natnam coving walin kelawela apita.
පොහොර අර්බුදයට විසදුම් එපාද? කාලකන්නි හැත්ත
ෂු ෂු සමන් සබන් නැති ශෝකේ
නිදහස් අධ්‍යාපනයේ සූපිරි මිනී කාක්කෝ …. මූංට තලන්න කබර වලිග හොයපල්ලා.රටට කොරන හැටි. දවල් මිගෙල් රෑ ඩැනියෙල් සංවිධානය.
සේරටම කලින් පස් සම්බන්ධ විශේෂඥ ,,සෑම ගෙදරකම සෙක්කුවක් තියෙන්න ඕනෙ කියපු බල්ලව එලවන්න
ඈ බං GMOA , බොලට බැයිද බං ඔය වැඩිවෙන බෙහෙත් මිලට ඒ කොම්පැණි වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න..ඒවට බයයි මොකද සේනක බිබිලෙ මතකයිනෙ..දැං ඔය බොල දැඩි ක්‍රියාමාර්ග ගන්නෙ එදාවේල හම්බ කරන දුප්පතාට නේද ..මොකද දියවන්නා කුමාරියො යන්නෙ සිංගප්පූරුනෙ…හැබැයි බොල මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම පටන් ගත්තොත් බොලගෙ ගෙවල් වටකරන්නෙ…!
GMOA is a damn curse. CURSE THE ENTIRE GMOA STRIKERS.
GMOA is responsible in one part for the present dollar scarcity in this country.
They do not allow rulers to establish private medical colleges. Students go out of the country with lots of dollars using undial method so they have no right to participate in this struggle
අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. පරීක්ෂණ මොළය මත පදනම් විය යුතුය. ගිරවුන් ක්‍රමය වෙනස් කළ යුතුයි.එහෙම නොවුනොත් අපිට සදාකාලිකවම මේ වගේ දොස්තරලා දකින්න පුළුවන්.