මහ පොලොවේ ජන සටන ගිනියම් වේ.. හම්බන්තොට වරාය චීනයට විකිණීම කල් දැමේ..

January 5, 2017 at 8:40 am | lanka C news
මහ පොලොවේ ජන සටන ගිනියම් වේ.. හම්බන්තොට වරාය චීනයට විකිණීම කල් දැමේ..

චයිනා මර්චන්ට් සමාගමට හම්බන්තොට වරාය පැවරීමට අනිද්දා දිනයේ අත්සන් කරන බවට කලින් පැවසූ ගිවිසුම අත්සන් කිරීමේ කටයුත්ත මේ මස අග දක්වා කල් දමන බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

අදාල ගිවිසුම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් පසු අත්සන් තබන බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් පෙර යොදා ගත් පරිදිම දක්‍ෂින සංවර්ධන කලාපයේ වැඩ කටයුතු ආරම්බ කිරීම අනිද්දා දිනයේ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

මෙම වරාය ගිිවිසුමට විරුද්දව ජනසමාජයේ සියළු ක්‍ෂෙත‍්‍රයන්හි විරෝධය මතුව ඇත. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සියළු පළාත් සභාවන්හි පරාජය වීමත් සමග ගිවිසුම අත්සන් කිරීමට දැඩි නීතිමය බාධාවක්ද ඇතිවී තිබේ.

නීතිමය වශයෙන් නිරවුල් නොවූ මෙම තත්වය මත වරාය ගිවිසුම අත්සන් කිරීමට චීන සමාගම අකමැත්ත පල කර ඇති බවටද වාර්තා වෙයි.

49 views
Main News