ජපානයෙන් ජනපතිට පණිවුඩයක්…

July 2, 2022 at 8:40 am | lanka C news
ජපානයෙන් ජනපතිට පණිවුඩයක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග 01 පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා පැවසීය.

ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

60,873 views

4 Comments to “ජපානයෙන් ජනපතිට පණිවුඩයක්…”

  1. Silva says:

    ගොඩාක් අය දැන් නිවෙස් වගාව පටන් අරගෙන.වසවිස වලට හුරු වු අපි දැන් දේශියත්වයට නැඹුරු කල ඔබ ට දිර්ඝායුෂ. තෙරුවන් සරණයි

    • සහන් says:

      තන්කොල කන උබල වගේ උන්ට නම් කොහොමත් අහාර හිග වෙන එකක් නෑ.

  2. SL says:

    මිනිස්සුන්ට ඕන උනේ අලුත් ජාතික ප්‍රතිපත්ති හදල, තියෙන ප්‍රශ්න වලට හැමෝටම සාධාරණ වන යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත වෙලා. හොඳ ඉදිරි දැක්මක් එක්ක යන ජාතික ආණ්ඩුවක්
    මේ කේ අපේ කොමෙට් දාන්නේ නැහැ දැන්, මොකද අපි නිර්පාක්ෂිකව රට වෙනුවෙන් කතා කරන නිසා.

    මේ ලබ්බේ ආණ්ඩුව,රනිල් ගෝටා මේ වෙනකල් කෙලින්නේ පිස්සු. උන්ට කිසිම plan එකක් නැහැ.

  3. john the Baptice says:

    sayonara

Main News