ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…
February 8, 2022 at 6:20 pm | lanka C news
මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්රදානය කෙරේ.
ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් අද (08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබිණ.
ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700ක් වේ.
ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මිය වාහන සහ උපකරණ භාර ගනු ලැබූහ.
අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඔබට සක්තුටියි ද දැන්
💥ලෑන්ඩ් කෘසර් 28
මැදමුලනට තැබූ
පෙරේත ගොටු නොවේවා ! 💣
මාත්රෘභූමියට බෝම්බ හෙළනාලද ඡා පනුවන්, සහ ඵවකට ත්රීමළය බලහත් කාරයෙන් අත්පත්කරගන්නා ලද බ්රීතාන්ය ”සුදු ත්රස්තයන්” සහ රට තුල ත්‍රස්ථවාදය ව්‍යාප්තකර ඡාතික නායකයන් ගාථනය කරනාලද කුරිරැ ඉන්දියානු කළු සුද්දන්, ආදිවාසීන් සංහාරය කරනාලද ඔස්ට්‍රේලියානු නාසිවාදීන්ගේ, සමුහ මෙහෙයුම තුළට දුශිත කලවම් බුරැවන් වන රඡපකස සුකරයන් ක්රමාණුකූලව ගොදුරැවෙමින් පවතී!
ජපානෙටත් පිස්සුද කොහෙද…
සුනාමි ආධාරත් හොරා කාපු හොර නඩයට උදව් කරන්නේ….
ස
පොලිස් ලොකු පුටුවල වනිතාවන්ට ය.
වාහන ටිකටනං දෙයියන්ගෙ පිහිටයි
28 ටෙන් අටක්………ට. අනිත් ටික …….ට.
🌷🌷🌷👍
KEEP CHECKING WHETHER IGP C,D. WICKRAMARATHNA USE THIS FACILITIES. IF HE USES THEM HIA MENTOR RANIL WILL BE IN TROUBLE