ජපානයේ අනිවාර්ය රැකියා… අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

September 15, 2022 at 4:40 pm | lanka C news
ජපානයේ අනිවාර්ය රැකියා… අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ රැකියා අවස්ථා ලැබෙන උපාධි ප්‍රදානය කෙරෙන ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයේ උපාධි වැඩසටහන් ඇරඹේ.

මහරගම ඉදිකෙරුණු එම නව ජපන් තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය මෘදුකාංග  ඉංජිනේරු විද්‍යාව සඳහා පිළිගත් විද්‍යාවේදී උපාධි ප්‍රදානය කරන ආයතනයකි. සිය පළමු උපාධි වැඩසටහන 15  දින පෙරවරුවේ ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජපාන තානාපති මිසුකොශි හඓකි මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රටට අවශ්‍ය මොහොතක මෙවැනි උපාධි වැඩසටහන් හඳුන්වා දීම සම්බන්ධයෙන් අගමැතිවරයා එම ආයතන වෙත ස්තූතිය පළ කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන ලද ජපන් රැකියා ඉලක්ක කරගත්  වැඩසටහන් ඉදිරිපත් කරන මෙරට ප්‍රථම සහ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනය වන්නේ LNBTI  හෙවත් ලංකා නිපොන් බිස්ටෙක් ආයතනයයි.

මෙම උපාධි වැඩ සටහනේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙම විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන්ට අනිවාර්යෙන් ජපාන පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමිවීමයි.

තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන අවස්ථා,මෙන්ම මෙරට තොරතුරු  තාක්ෂණය ආශ්‍රිත  වැඩසටහන් සඳහා ද මෙම විශ්වවිද්‍යාලයේ සහය ලබාගත හැක.

මෙහි අධ්‍යාපනය ලැබීමෙන් ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුළුල් වෘත්තීය අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය කුසලතාව සහ පුහුණුව සිසුන්ට ලබා දීම සහතික කරයි.

ජපන් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ස්ථිර රැකියා සහතික කරන උපාධි පිරිනමන දකුණු ආසියාවේ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනය මෙය වේ. එය ජපානය සියලු ව්‍යාපාරික ආයතන සමඟ ශක්තිමත් සබඳතා පැවැත්වීම ද සිසුන්ට වාසි රැසක් උදාකර දී තිබේ.

මෙම අවස්ථාවට ලංකා නිපෝන්  බිස්ටෙක් ආයතනයේ සභාපති  කොර්ගො මිච්‍ යෝ සහ මහාචාර්ය ආනන්ද කුමාර් යන මහත්තුරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

34,762 views

4 Comments to “ජපානයේ අනිවාර්ය රැකියා… අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ…”

  1. රුසියානු හදවත says:

    ආර්ථික බෙලහීනතාවයට පත්ව ඇති රටවල් වලට රුසියාව නොමිලේ පොහොරද ධාන්‍යය සහනාධාරද සැපයීමට සූදානම්.  
    Russia is set to ramp up grain exports, seeking to supply some 30 million tons this year, President Vladimir Putin has announced. The supplies will prioritize less well off and food-insecure nations. “We believe it to be right to ramp up deliveries to the poorest countries,” Putin said during a meeting of the Security Council on Friday. “In total, by the end of this year, we will supply some 30 million tons of grain and are ready to increase this volume to 50 million tons or more, because, thank God, we have a good harvest this year,” he added. Moscow is also ready to supply fertilizers to the poorest nations free of charge, the Russian president said. “Our producers – if I remember correctly, we’re talking about potash fertilizers – are ready to deliver them free of charge to developing nations that urgently need them,” Putin said, instructing the Russian Foreign Ministry to work on the plan.
    නමුත් බටහිර අතකොළු වූ ෆැසිස්ට්වාදී පාලකයන් සහ නිලධාරීන් ජනතාවට ඒවා ලෑබීම වැලකීමට කටයුතු කරනු ඇත.

  2. HaraKiri says:

    ලංකාවේ වත්මන් ආර්ථික අර්බූදයට මෙන්ම බලශක්ති අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පාර්ශ්වකරුවෙක් ජපානය. පාවිච්චි කල වාහන වලින් ලංකාව පුරවලා තෙල් අර්බූදයට පාර කැපුවා. අපට අවාසිදායක ගිවිසුම් අපමත පටවා අපේ මත්ස්‍යයන් ඇතුලු මුහුදු සම්පත කොල්ලකනවා පමණක් නොව අද දරුවන්ට ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට මන්දපෝෂණය ඇතිවන තැනට වැඩ කෙරුවා.

    • මොහොඩයා says:

      තෙල් අර්බුධයට පාර කැපුණෙ ලංකාවෙ මිනිස්සු ඇද ඇද තෙල් ගහන්න පටන් ගත්ත නිසා සහ ඩොලර් ආදායමක් නැති වීම නිසා
      නැතුව ජපානය අඩු මිලට වාහන දීපු නිසා නෙමේ
      මොන මෝඩයෙක්ද මේ
      ජපානෙන් ගොං කරත්තද ගේන්න කියන්නෙ? ඔබතුමාට ඇදගෙන යන්න?

      • ජපන් හපන්කම් says:

        ජපනා නය දෙන්නේ ණය වලින් කොටසක් Used ජපන් වාහන ආනයනය සඳහා යොදාගත යුතුයි යන නිල නොවන කොන්දේසිය යටතේ. තමුසේ ඒක දන්නවාද?

Leave a Comment

Main News