ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

January 15, 2021 at 6:28 am | lanka C news
ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

59,768 views

21 Comments to “ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..”

  1. SL says:

    වසරකට ආණ්ඩුව වාහන කීයක් ගන්නවද , පර්මිට් කීයක් දෙනවද . මේ වාහන සියල්ල ලංකාවේ හදන්න කීවොත් ?

    දැන් සුකොප

  2. මායාදුන්නේ says:

    මේක නේද වෙන්න ඕනෙ. උන් අවුරුදු 100ක් විතර වාහන හදලා ගත්තු අත්දැකීම් අපට එක පාර ගන්න බෑ. ඒත් මේ වැඩෙන් අපට අලුත් වාහනත් ලැබෙනවා, රස්සා ලැබෙනවා, රටට අලුත් තාක්ෂණය එනවා, ආණ්ඩුවට බදු ආදායමත් ලැබෙනවා, උන්ට ලාභෙ විතරක් ලැබෙනවා. රටක් හැටියට ප්‍රතිපත්තිමය ලෙස වාහන ගෙන්වීම නැවැත්තුවම බලන්න ලස්සනට ලොකු ලොකු රටවල් නැමෙන හැටි.මම විමල්ගෙ කතාවලට වැඩිය කාලෙ නාස්ති කරන්නෙ නෑ. ඒත් ඊයෙ අහම්බෙන් දෙරණෙ විමල්ගේ වැඩසටහන බැලුවා. ඇත්තටම රටේ මොකද්ද වෙන්නෙ කියන එක තර්කානුකූලව මෑන්ස් පහදල දුන්නා. දාපු හැම චෝදනවකටම කරුණු සාක්ෂි එක්ක පැහැදිලි කරා. 3% කට්ටියයි අපේ රනිල් මහත්තයා සජිත් මහත්තයා ගෙ කට්ටියයි කියන කරන දේවල් අපටත් පිලිගන්න වෙනවා ඒ තර්ක අනුව හරිම වැරදි ලජ්ජා සහගත බව. මේ පාර අලියට නොගහ ගෙදර හිටිය එකට සතුටුයි. මේ ආණ්ඩුවෙන් පිටත නොපෙනුනාට ලොකු දිඝුකාලීන වැඩ පිලිවෙලක් කරගෙන යනවා. මට ලොකු සතුටක් දැනුනා මේ අවුරුද්දෙ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියෙ වැඩ ඉවර කරල පාර්ලිමේන්තුවට දානවා. වෙළඳ ප්‍රතිපත්තියකුත් දැන් හදනවා. එතකොට මොන ආණ්ඩුව ආවත් රටේ ජාතික දියුණුව එකම විදියට යනවා. තෙල්, රත්‍රන්, යපස්, පොස්පේට්, මිනිරන් ඉල්ලම් ආණ්ඩුවෙන් සහ පුද්ගලික-ආණ්ඩු හවුල් නව ව්‍යාපාර හදලා නිෂ්පාදනයට එකතු කරන්න හැම සතියෙම වැඩේ ඉස්සරහට යනවා. ඊයෙ පෙරේදා රත්තරන් ඉල්ලම් කතාවත් ඒකෙන් ලීක් වුන නිව්ස් එකක්. හැබැයි එතුමා කිව්ව වගේ ඉන්දියාවත් යටින් අපේම තෙල් ලිඳෙන් තෙල් ගන්නවා. ඒක නිසා ආණ්ඩු පෙරලන්න ඒගොල්ලො ඕන ගේමක් ගහන බවත් මෑන්ස් කිව්වා. 2015දි අපි දැන හෝ නොදැන කරගත්තෙත් ඒක. අපේ පක්ෂෙන් ඒ අවු. 5ට ඔය ඉල්ලම් ගැන කිසිම කතාවක් වැඩක් ඉස්සරහට ගෙනිච්චෙ නෑ. එතකොට කොරෝනා තිබුනෙත් නෑ. ඉන්දියාවයි ඇමෙරිකාවයි හරි යාළුයි.

  3. Elakiri says:

    Good but first bring people on the table with paper. Don’t hurry to say what’s going to happen before it’s disappear..Most politicians has empty talks no actions..

Main News