ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

January 15, 2021 at 6:28 am | lanka C news
ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

59,833 views

21 Comments to “ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..”

  1. බන්ඩා says:

    ලංකාවට රඟ කාරීව වාහන නිපදවන්න ටත් එකලස් කරන්නවත් බැහැ. අද වාහන හදන්නේ මෙගා ෆැක්ටරි වල රොබෝ තාක්ෂනයෙන් මිසක් කුලියපිටියෙ වගේ හුන්ඩු ෆැක්ටරි වල cheap labour වලින් නෙවෙය්

    • Jepi buster says:

      ලන්කාවෙ තිබ්බ කර්මාන්තශාලා ටික ජෙප්පො ගිනි තියල විනාශ කරල දැම්මා.
      අලුතෙන් කර්මාන්තශාලා දානවටත් ජෙප්පො කැමති නෑ.

    • Dp says:

      So called mega companies didn’t come up at once..the start is always small. Get a start and things Will gradually improve

  2. බන්ඩා says:

    ලංකාවට රඟ කාරීව වාහන නිපදවන්න ටත් එකලස් කරන්නවත් බැහැ. අද වාහන හදන්නේ මෙගා ෆැක්ටරි වල රොබෝ තාක්ෂනයෙන් මිසක් කුලියපිටියෙ සහ මයික්‍රෝ වගේ හුන්ඩු ෆැක්ටරි වල cheap labour වලින් නෙවෙය්

    • Karunadasa says:

      ඔහොම ගොබිබ විදියට හිතුවොත් හැමදාම වලේ. මැලේසියාව තායිලන්තේ ඉන්දියාව පටන් ගත්තෙත් මෙගා රොබෝලගෙන්ද බං? කොතනින් හරි පටං ගන්න එකයි විය යුත්තේ

    • ගරසරප says:

      එහෙමනම් මොකද ජපන් බ්‍රෑන්ඩ් තායිලන්තයේ හදන්නෙ. රොබෝල උනත් එතන මේන්ටේනන්ස් වලට ජොබ් හැදෙනවා. ඒ වගේම උපාංග නිශ්පාදනය මිනිස් ශ්‍රමය යොදාගෙන කරන්න පුලුවන්.

  3. Banda says:

    VVolkswagen – 2

  4. ExUNPer says:

    Excellent!
    We want to hear this kind of development. Not political rubbish.

  5. ආන්ඩුව නාගන්න යන්නෙ says:

    එන්න අපි අලි සබ්‍රි ඊලග අගමැති කරමු තව අවුරුදු 10කින් පොලිස් පති හා රටේම පොලිස් ලොක්කො මුස්ලිම් නානල කරමු.
    යාහපාලන ආන්ඩුව හොඳ යිනෙ බලන් ගියා ම

  6. අලි සබ්‍රි says:

    නිකන් බොරු කරන්න එපා ලන්කවෙ රෙදි නිස්පාදනය කරන ව කියල හොඳ ට චිනෙන් බාල රෙදි ආනයනය කරල පාසල් නිල අදුම් රෙදි හා ත්‍රිවිධ හමුදා වට පොලිසියට නිල අදුම් රෙදි දෙන්නෙ මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනෙක් .

  7. Hudson says:

    Only fart and no shit.

  8. වාසුකී says:

    විමල් මහත්තයෝ මෙන්න අතගහනව නම් ව්‍යාපෘති. රට ගොඩ ගන්න ඔබේ ශක්තිය මේ ව්‍යාපෘති වලට ලබාදෙන්න.

  9. SLCommunity says:

    Superb idea. This should do immediately while continue the import vehicle banned. This will create much opportunities to grow our economy as a country and people can buy a good vehicle for a discounted price.

  10. Sara says:

    Amatituma
    Kauruth loku company mehe wahana ekalas karanna enne ne.mokada mehe market ekak ne.bike threeweel nam hariyawi.

Main News