ජපාන කෝටිපතියෙකුගේ ලාබාල දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවේ.. ජපාන තානාපතිත් අත දමයි..

November 26, 2020 at 9:20 am | lanka C news
ජපාන කෝටිපතියෙකුගේ ලාබාල දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවේ.. ජපාන තානාපතිත් අත දමයි..

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම පෙම්වතාගේ ඥාති සොහොයුරියගේ නිවසේ සැඟව සිටියදී ඔවුන් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මේ වන විට එම තරුණිය සිවු මස් ගැබිනියක බව ද පොලිසිය කියා සිටී.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයකු විසින් පැහැරගෙන පැමිණි බව ම තරුණියගේ මව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

තම දියණිය සතුව ලක්ෂ 10ක පමණ මුදලක් සමග තිබු බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ද මේ බව ශ්‍රී ලංකා බලධාරීන් වෙත දන්වා තිබිණි.

එම තරුණයා කොච්චිකඩේ පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කරද්දී ජපන් තරුණිය ඔහු අසලම සිට ඇති අතර ඉවත්වීමට අකැමැත්ත ද පළකර තිබේ.

එහිදී පොලිසිය සඳහන් කර ඇත්තේ මෙම කටයුත්ත සිදු වෙන්නේ ඇයගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත බවයි.

202,735 views

30 Comments to “ජපාන කෝටිපතියෙකුගේ ලාබාල දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවේ.. ජපාන තානාපතිත් අත දමයි..”

  1. Kalana says:

    Kona kapapu ekek neda? Unge wede oka thamayi… Kello ussanawa…Lankaaweth owa wediyen wenawa… Unta 4k bandinnath puluwanne…

    • GU-VP SAKKILI API says:

      Adoooooooo Ape URU-Mallila ehematamai, Nadda haaaaaa

    • CAT says:

      ජපන් කෙල්ල අපේ රටේ කොල්ලා සමග ඇවිත් තියෙන්නේ කැමැත්තෙන් …ඔවුන්ගේ ආදරයට ඉර්ශියා නොකර සුභ පතපියව් මිනිසුනේ
      මේ දෙපලට අපේ සුභ පැතුම් ..ඔහුව නිදහස් කලයුතුයි

      • CAT-Ge Gani says:

        CAT kiyanne kotaluwek Mata yanna ona allapu gedara malli ekka
        Yko mama yanne api denna ge kamatten………
        ඉර්ශියා නොකර සුභ පතපියව් මිනිසුනේ

      • Kalana says:

        කැමැත්තෙන් නෙමෙයි, ඕකට කියන්නේ නොදැනුවත් කම සහ රැවටීම.

    • Sudharaka Vipulaguna says:

      කසුන් මධුශංක කියන්නේ මුස්ලිම් ද?

Main News