ජපාන ගිලන් රථයක මිලට බෙන්ස්-ෆෝඩ් ගිලන් රථ 22ක් ගන්න පුළුවනි..- රාජිත

April 14, 2019 at 10:00 am | lanka C news
ජපාන ගිලන් රථයක මිලට බෙන්ස්-ෆෝඩ් ගිලන් රථ 22ක් ගන්න පුළුවනි..- රාජිත

“ගිලන් රථ අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. මට වාර්තා වෙලා තිබෙනවා පළාත් වල ඉන්න දේශපාලනඥයින් උත්සව තියලා තමන් දෙනවා වාගේ ගිලන් රථ බෙදා දෙන්න සුදානමින් සිටින බව. මම කියන්න කැමැතියි අනුන්ගේ මගුල් ගෙදර කෑම බෙදන්න එපා කියලා. බෙදනවා නම් තමන්ගේ මගුල් ගෙදර කෑම බෙදන්න. මොකද මම නම් අනුන්ගේ කෑම බෙදන්න යන්නේ නැහැ.” එවැනි පහත් තත්ත්වයට වැටෙන්න එපා යැයි මම පළාත්වල සිටින දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් බෙදා දෙනු ලැබුනි. ඒ කොළඹ මහ නගර සභා භූමියේ දී ය.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් මෙහිදී බෙදා දෙන ලදි.  එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.

මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවීන ගිලන් රථ 118 ක් අද රෝහල්වලට බෙදා දෙනවා. මීට පෙර ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 132 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 60 ක් බෙදා දෙනු ලැබුවා. තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. 2015 වසරෙන් පසු වත්මන් රජය විසින් රේඛීය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් 42 කට සහ පළාත් සභා රෝහල් 203 කට ගිලන් රථ ලබා දී තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගිලන් රථ 05 ක් ද, නව ජන්ම ළදරු ඒකක සේවාව සදහා ගිලන් රථ 10 ක් ද මෙවර ලබාදෙනවා. නව ජන්ම ළදරු ඒකක ගිලන් රථ සේවාව 2015 වසරින් පසු ආරම්භ කළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමගයි. පුහුණුව ලත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් එම ගිලන් රථ සේවාව සමග ඒකරාශී වී සිටිනවා. මෙම බෙදා දෙනු ලබන ගිලන් රථ ලබාගන්න වෛද්‍යවරුන්ට, රෝහල් අධ්‍යක්ෂවරුන්ට එන්න එපා කියලා පළාත් දේශපාලන බලධාරීන් බලපෑම් කර තිබෙනවා. පළාත් සභා සෞඛ්‍ය බලධාරීන්ට පමණක් ඒවා බාරගන්න කියා දැනුම් දී තිබෙනවා. නමුත් අද දින රෝහල් අධ්‍යක්ෂවරුන්ට ගිලන් රථ ලබාදෙන අතර, අනෙකුත් ගිලන් රථ එක් එක් පළාත්වල මැතිඇමැතිවරුන් සමග ඒකාබද්ධව බෙදාදීමට නව වැඩපිළිවෙළක් සකස් කරනවා. රාජකාරීමය වශයෙන් පමණක් අද ගිලන් රථ අධ්‍යක්ෂවරුන්ට ලබාදෙනවා.”

“2015 වසරින් පසු අපි ලබාදුන්නේ නියම ගිලන් රථ. නව ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදා දෙනවා. ජර්මනියේ නිෂ්පාදිත ෆෝර්ඩ් වර්ගයේ සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ බෙදා දෙන අතර, මෙම ගිලන් රථ නියම ගිලන් රථ බව ද ප්‍රකාශ කළ යුතුයි. මීට පෙර ජපානයේ නිෂ්පාදිත වෑන් රථ වලට උපකරණ සවිකර ගිලන් රථ විදිහට භාවිත කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන් රථ මිලදී ගැනීමේ දී අදාල ටෙන්ඩරය ලබාදී ඇත්තේ ද එවැනි ගිලන් රථ ආනයනය කරන සමාගමටයි. මෙවරත් එම ගනුදෙනුව සිදු කරන්න උත්සාහ කළත් එය ව්‍යර්ථ වුනා. ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ මුළු ලෝකයම භාවිත කරනවා. ජපානයේ වෑන් රථ වලට උපකරණ සවිකර නිෂ්පාදනය කරන ගිලන් රථ වලට වැය කරන මුදලින් ෆෝර්ඩ් වර්ගයේ ගිලන් රථ 22 ක් ලබාගන්න පුළුවන්. එවැනි අධික මිලකට තමයි මීට පෙර ගිලන් රථ ලබාගෙන තිබුනේ. මෙම ගසාකෑම මම නතර කළා. නියම ගිලන් රථ ලබාදීමට තීන්දු කළා. මෙම ගිලන් රථ ඉතාම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. රෝගීන් වෙනුවෙන් පමණක් භාවිත කරන්න. වෙන ගමන් යන්න එපා. ඔස්ට්‍රියානු ණය ආධාර යටතේ තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් ඉදිරියේ දී බෙදා දෙනවා. හොද ගිලන් රථ සේවාවක් ආරම්භ කිරිම මගේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරීමය කටයුතු සදහා දෛනිකව භාවිතා කරන සාමාන්‍ය රථ වසර 15 ක් 20 ක් පැරණි ඒවා. ඒවා වෙනුවට නව සාමාන්‍ය රථ 450 ක් මිල දී ගෙන සෞඛ්‍ය ප්‍රවාහන සේවාව ද විධිමත් කරනවා. මෙමගින් රෝගීන්ට අවශ්‍ය සියළුම පහසුකම් කඩිනමින් ලබාදීම මගේ අරමුණයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප්‍රසන්න අධිකාරී

18,882 Viewers

8 Comments to “ජපාන ගිලන් රථයක මිලට බෙන්ස්-ෆෝඩ් ගිලන් රථ 22ක් ගන්න පුළුවනි..- රාජිත”

  1. උකුස්සා says:

    මේ ගිලන් රථ සේවාව නිසා ඔබ ලැබූ වාසිය කොපමණද ? හැම දෙයකින්ම ඔබේ මඩිය තර කර ගන්නා බව ජනතාව දන්නවා ….
    අපි නොදන්න රාජිතගේ කෙරුවාව ..ජන්දේ ලග නිසා දැන් ජනතාව රැවටීමට කරන දේවල් මේ ..වසර 4ක් මොකද්ද කල සේවය ?

  2. Gamini says:

    සුපිරි ගිලන් රථයකින් රජයේ රෝහලකට ගෙනවිත් ඇදන් යටට රෝගීන් විසි කරයි..ඉන් පසු පුද්ගලික චැනල් සේවය හරහා පුද්ගලික රෝහල්වලට රෝගීන් යොමු කරයි..ඔන්න ඕකයි ඇත්ත තත්ත්වය…..

  3. Siripala says:

    මේ කියන විදියට ජපන් ගිලන් රතයක් රුපියල් කෝටි 19ක් 20ක් විතරසිරිපාල යනවනෙ ඇමති තුමා . ගාන හරිද

    මේවා කවුරු බෙදුවත් සල්ලි වියදම් කරන්නේ පොදු මහජනතාව තමයි

  4. Gayantha says:

    ඉන්දියන් කසිකබල් වලට වඩා මේවා දීපු එක නම් හොදයි. හරියට වෙලාවට maintenance කරනවා නම් සෑහෙන කාලයක් කරදරයක් නැතුව පවිච්චි කරන්න් පුලුවන් benz සහ ford වාහන.

  5. siri says:

    api nodanna muge sewawa , boru kiyala meelaga chandayatath lakunu ganna hadanawa, api kalutara janathawa, balamu eelaga chandedi.

  6. Love nature says:

    Which country has the world’s best healthcare system?

    Sweden is ranked third by the Commonwealth Fund, with a high proportion of doctors, above-average healthcare spending, and relatively low prescriptions of drugs.

    Patients wishing to see a doctor pay a fee that varies depending on where they live, but usually about 100-200 kronor (£8-£16) for adults. Children pay only if they go to emergency rooms, about 120 kronor. For a visit to a specialist you pay up to 400 kronor and for emergency about 400 kronor. A hospital stay costs 100 kronor a day. You usually pay the same whether you choose a private or public clinic or hospital, as long as the private clinic is connected to the general healthcare system. And most are.

    There is a limit to how much you pay for healthcare within a 12-month period. In most regions that is 1,100 kronor, but there are regions where the limit is just 900 kronor. Everything is free after that. Prescriptions are subsidised and you never pay more than 2,200 kronor in a 12-month period.

    If you are referred to an expert, you pay a lower fee of about 100 kronor. If there are recurring visits you pay each time, but only up to 1,100 kronor within a 12-month period. Some regions charge small fees for the cost of an ambulance, about 150 kronor.

    Only about 600,000 Swedes have a private health insurance – usually paid for by employers. It gives them the ability to skip the queue for procedures and operations, and to get to a doctor more quickly.

  7. john the baptice says:

    තවත් බල මාලු ගැහිල්ලක් වගේ

  8. Sadda says:

    මෙච්චරකල් ජපන් ගිලන් රථ 1 ක් මිලදී ගත් ගානට බෙන්ස් ෆෝර්ඩ් ගිලන් රත 22 ක් ගත හැකි කතාව හරිද? ටයිපින් මිස්ටේක් එකක්ද. මෙය වහාම අපි දැනගත යුතුයි.

Main News