ජපාන සමාගමකට විරුද්දව ජපාන රජයට පැමිණිලි කරයි..

February 21, 2021 at 4:40 pm | lanka C news
ජපාන සමාගමකට විරුද්දව ජපාන රජයට පැමිණිලි කරයි..

කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් අවසන් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන ජපන් කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට තීරණය කෙරේ.

මෙරට ජපන් තානාපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කටුනායක ගුවන්තොටුපලේදී පැවති අවස්ථාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම උපදෙස් ලබාදුන්නේය.

2014 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ශිං ශුවා අබේ මහත්වරුන් අතර ඇති වූ එකඟතාවයක් මත කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,394ක මුදලක් ණය මුදලක් ලෙස පිරිනමා ඇත. මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 21,645 කි. මෙම ව්‍යාපෘතිය ඒ සහ බී පැකේජ දෙකක් යටතේ සිදුකෙරෙන අතර බී ව්‍යාපෘතිය සඳහා ඇස්තුමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන 06කි.

මෙම බී පැකේජයේ ඉදිකිරීම් භාරව සිටින්නේ ජපන් කොන්ත්‍රාත් සමාගමකි. ගුවන්යානා නැවතුම් අංගන,  කුලී රථ ගාල්,  බැහැරුම් පථ වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2017 වසරේ අප්‍රේල් 27 වන දිනයි. එය 2019 ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණි. විවිධ හේතුන් මත එහි ඉදිකිරීම් ප්‍රමාද වුණු අතර අවස්ථා කිහිපයකදී ඒ සඳහා අමතර කාලයද ලබා දීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පියවර ගත්තේය. අවසන් වරට කාලය දීර්ඝ කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය අවසන් කර භාර දීමට තිබෙන්නේ මේ වසරේ පෙබරවාරි මාසයේදියි.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අඳාල සමාගම විවිධ හේතු දක්වමින් තවදුරටත් කාලය ඉල්ලා සිටි අතර ඇමතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය.

“මේක ආධාරයක් නෙමෙයි.ණයක්.දැනටත් මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න අවුරුදු 1 ½ කට ආසන්න කාලයක් ලබා දීලා තියෙනවා. අපිට කිසිම ආදායමක් නැතුව ණය ගෙවන්න වෙනවා. මේක ඉක්මන් කරන්න කියලා අවස්ථා ගණනවාවක කිව්වා. නමුත් විවිධ හේතු දක්වමින් තවත් ඒක අදිනවා. මේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා අපිට මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙනවා. ඒ නිසා අපි මේ පිලිබඳව ඔබේ රජයට පැමිණිලි කරනවා.ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ” ඇමතිවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කලේය.

– ප්‍රදීප් අනුර කුමාර

19,823 views

5 Comments to “ජපාන සමාගමකට විරුද්දව ජපාන රජයට පැමිණිලි කරයි..”

  1. වැල ජුවාන් says:

    සල්ලී ගත්තේ ණයට නන්, පොරොන්දු වු කාල සිමාව තුල හදා නිමකිරිමට අපොහොසත් නන් මෙමගින් ලංකාවේ රජයට වෙලාතිබෙන පාඩුව ගනන් බලලා එම මුදල කොන්ත්‍රාත් කරැගෙන් අයකරගත යුතුයි. ජපන්නු මොනොරෙල් එකේ අලාභය ඉල්ලනවා නන් අපි තව උන්ට දෙකට නැවෙන්නේ.

  2. කොන්ත්‍රාත් says:

    ගිහිසුම් වල තියනවා පැනල්ටි ගහන විදිය. කොන්ත්‍රාත්කාරයා වෙලාවට වැඩේ දෙන්නේ නැත්තං ජපන් රජයට කියනවා කියන එක විහිළුවක්. මහදැනමුත්තා මොඩල් වැඩක්. හැබැයි පැමිණිලි කරන්න කලින් හොඳට හොයලා බලන්න කොන්ත්‍රාත් එකේ අපි විසින් කලයුතු මොනවා හරි ප්‍රමාද වෙලා ද කියලා. නැත්තං පැමිණිල්ල අනික්පැත්ත හැරිලා අපටම ගෙවන්න වෙයි.

  3. Wickrema says:

    This i s useless and cheap popularity. Actions shall be taken according to the Contract and apply Liquidated damages. Complain to different irrelevant party will lead unnecessary issues. The issues already having with Japanese Aid are sufficient. People can’t fool for everyday though politicians are practiced it masterly .

  4. NAK says:

    විහිළු විහි්‍ළු පෙනල්ටි ක්ලෝස් නැතුව කෙන්ත්‍රාත් අත්සන් කරපු එවුන්ට කස පහර දීපන්

  5. Amila says:

    මේකේ ඈත්ත කතාව වියපෘතියේ ඉන්න අයගෙන් අහලා ම දැනගන්න… ජපන් කොන්තරත්කරු නෙවි .වැරදි..එකේ ඉන්න වියපෘති ඉන්ගිනේරු ප්‍රදනිය හා…වියප්රිති අධාක්ස්ක, හා ප්‍රසන රණතුංගගේ ගොලොයෝ …..උන් ඔකොමල මේක ප්‍රමදකරන්න තම අ…වැඩකරේ ජනදිහිපතිතුමනි….විෂෙසා මෙහුමකින් මේ ඇත සොයාගන්නා මේක මුලුරටටමා අවනුම්බුවක්, ජපන් කොන්ත්‍රාත්කරු හොද …

Main News