ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්..
February 12, 2021 at 6:28 am | lanka C news
අපි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළේ ජපානය හා අපේ රජය අතර තිබෙන ප්‍රශ්නයකට නෙවෙයි. එම ව්‍යාපෘතියෙන් කෝටි ප්‍රකෝටි ගණනක කොමිස් මුදලක් ලබා ගැනීමට එදා යහපාලන රජය සැලැස්මක් සකස් කරගෙන තිබුණ නිසයි. මේක අපි වගේම මේ රටේ ප්රගතිශීලී ජනතාවත් දන්නවා. එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු හතරක් සහිත කුලුණු මත දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට අපගේ රජය කටයුතු කරනවා. මෙම මාර්ගය ඉදිකිරීම තුළින් ජනතාවට ප්‍රමාදයකින් තොරව කඩිනමින් පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා ගමන් කිරීමට අවකාශ ලැබෙනවා. මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සැලසුම් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරට දරණ කාලයේ දී. නමුත් යහපාලන ආණ්ඩු සමයේ එම ව්‍යාපෘතිය භාරව සිටි අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය වෙනස් කරලා අධික වියදමකින් එය ආරම්භ කිරීමට සැලසුම් සකස් කළා. එම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රමුඛව අපේ ආණ්ඩුව එම ව්‍යාපෘතිය අවලංගු කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. යැයි මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදියෙකු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. මේ රටේ ජනතාවට නිදහසක් නොතිබූ කාලවකවානුව තමයි 88-89 කාලය. මිනිසුන්ට පාරට එන්න දුන්නේ නැහැ. වෙඩි තියලා මරලා ටයර්වල දමලා පිච්චුවා. කෘෂිකර්ම මධ්‍යස්ථාන ගිනි තිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවා හැරියා. බස් ඩිපෝ ගිනි තිබ්බා. උසාවි ගිනි තිබ්බා. පාසැල් ගිනි තිබ්බා. මිනිය දනිස්සෙන් උඩට වඩා උස්සගෙන ගෙනියන්න එපා කිව්වා. මේවා තමයි සැබෑ නිදහසක් නැති දේවල්. මේවා මේ අනුර දිසානායක ඇතුළු කල්ලියේ වැඩ. මේවා තමයි ඔවුන් නියෝජනය කරන පක්ෂයේ ක්‍රියාකාරී දේවල්. දැන් වර්තමානයේ දී මේ දේවල් සිද්ද වෙනවාද? දැන් මේ රටේ සැබෑ නිදහසක් තිබෙනවා. දැන් රටේ ජනතාව අපට චෝදනා කරන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්නේ නෑ කියලා. අපි රටේ සියලුම දෙනාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා නියෝග කර තිබෙනවා. මිනීමරුවා, මිනිස්සු මරලා කිඹුලන්ට කන්න දානවා කියලානේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පසුගිය යහපාලන රජය චෝදනා කළේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අතිදක්ෂ නායකයෙක්. දූෂණයට ඉඩදෙන්නේ නැති නිසා බංකොලොත් විපක්ෂය එතුමාට මඩ ප්‍රහාර දියත් කරනවා. එතුමා දූෂණයෙන්, නාස්තියෙන් තොරව මේ රට පාලනය කරනවා. යහපාලන නඩය විනාඩියක් ඇතුළත අහිංසක මිනිස් ජීවිත 300කට වැඩි ප්‍රමාණයක් බිලිගන්නකම් හිනාවෙවී බලන් හිටියා. අනුර දිසානායක ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණ යහපාලනයට කඩේ ගිය නඩයක්. ඒ පවෙන් යහපාලනයටයි, ජනතා විමුක්ති පෙරමුණටයි බේරෙන්න බැහැ. ඒ නිසා ජවිපයේ සියට හය සීයට තුනට බැස්සුවා මේ රටේ ප්රගතිශීලී ජනතාව. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්න යන පුහු මතවාදයට මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව අසුවන්නේ නැහැ.
අපගේ රජය විදේශ රටවල් සමග තිබුණ සම්මුතීන් අවලංගු කරනවා කියලා ජවිපය සමග විපක්ෂය අපිට චෝදනා කරනවා. හම්බන්තොට වරාය අවුරුදු 99 ඒවා දෙකකට බදු දුන්නා පසුගිය යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව තමයි මේවා සියල්ල පැවසුවේ. අද වරාය වෙනුවෙන් පෙනී සිටින බහුතරය එදා හම්බන්තොට වරාය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ වෙනුවෙන් පෙනී හිටපු සුළුතරය හිරේ දාලා යහපාලනය හම්බන්තොට වරාය වික්කා. අපි ලෝකයේ රටවල් සමග ගැටුම් ඇතිකරගෙන සම්මුතීන් කඩ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විදේශ රටවල් සමග මිත්‍රශීලී පිලිවෙතත් අනුගමනය කරන ආණ්ඩුවක්. 69 ලක්ෂයක් ජනතාව අපිට ඡන්දය දීලා තිබෙනවා. අපි ඒ හැමෝගේම හඩට ඇහුම්කම් දෙන්න ඕනා.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
සැහැල්ලු දුමිරියක කාර්ය්ය භාරය හා එලිවේඩට් මාර්ගයක වෙනස හදුනා ගන්න බැරි ඇමතියෙක්නෙ. සැහැල්ලු දුමිරිය වාහන කොළඹ නගරයට එන එක පාලනය කරන්නත් අතරමග දුමිරියෙන් බසින් ජනතාවට පහසුව සලසන එකකි. එහෙත් එලිවේටඩ් පාරක අනිවාර්ය්යයෙන් වාහනයකින් ගමන් කල යුතුවේ.එසේම පිටවිය හැක්කේ අනුමත් සිමිත ස්ථාන වලින් පමනි. එවිට ඉන්ධන පිරිවැය, පරිසර දුෂනය, වාහන තදබදය, නවතුම් ප්‍රශ්ණය කිසිවකට විසදුම් නොලැබේ. සාමාන්ය් ජනතාවට මෙමෙගින් කිසි ප්‍රයෝජනයක් නොලැබේ.
අපි දන්නා විදියටනම් කථාව වෙනත් දෙයක් එනම් මෙය ප්‍රථමයෙන්ම අරම්භාවුයේ ජපානයේ අනුකෘතියකට අවුරුදු ගණනාවක් ඉතාමත් අඩු සහන පොළියකටත් දිර්ගකාලින වගකීමත් ඇතුළුව මේම සංවර්දානය සිදුකිරීමටයි,නමුත් දැන් පවතින රජයේ යම් අය විසින් මේ ජපානයේ අනුකෘතියට අනුව වැඩ කරගෙනයාමට චීනයට දීමට කටයුතු කළා. නමුත් එයට ජපානය කැමතිවුයේ නැහැ,එහෙත් ජපානය කියා සිටියා ඔවුන්ගේ අනුකෘතියට චීනය විසින් වැඩ ඉදිරියටත් ගෙන යාමට නම් ඔවුන්ට 2.5%පොලි අනුපාතයක් අවශ්‍යය බව ඒ වෙනකෝටත් ජපානය විසින් සැහැහෙන්න මුදලක්ද මේ සඳහා වියදම් කර තිබෙනවද ඇත.,අන්තිමට එයට අකමැති වු නිසා පවතින රජයේ ඒ විෂයභාර අය ගත් අවසාන තීරණය මත එය අතරමග නවතා දැමීමට තීරණය වුවා.දැන් පවතින රජයට ජපානයට මේ සම්බන්දව විශාල මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා,මේ සමහරකගේ අත්තොනමතික තකතීරු ක්‍රියාවල් නිසා.ප්‍රදානම හේතුව වන්නේ ජපානය මේ ආයෝජනය සඳහා කිසිවෙකුටත් කොමිෂන් දීමට අකැමති වූබව නම් කිවයුතුයි මයි.
අධිවේගී මාර්ග වල යන්න හැමෝටම වාහන නෑ.
අනික කොළඹට එන වාහන අඩුවෙන්නේ නැ. වාහන අඩු කරලා පරිසරය ,වායු ගෝලයයි පිරිස්සිදු විය යුත්තේ..
ඔය මාර්ග දේශපාලකයින්ට හොද වුනාට දිනපතා රැකියාවට පාසලට යන අයට ඕවායේ යන්න සල්ලි නෑ.
නුවරටත් හදනවා කියලා තියන ඒවාත් නැති කරයිද මන්දා. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වැඩක් නෑ.
It says at today’s cost the final price of this train ticket can be high as Rs 700. So common people can afford that?
අධිවේගී මාර්ගවලින් සිදු වන්නේ නගරයෙන් පිටත තියෙන තදබදය නගරය තුළට යොමු කිරීමයි.
noselen soura me parisudda anduwaki