ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..

September 29, 2021 at 9:20 am | lanka C news
ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..

කොරෝනා වසංගතයේ තරුණම අවධිය පසු කර ඇතැයි අනුමාන කළ හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවරන්දර මහතා කියා සිටී.

අමෙරිකානු පර්යේෂක වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා කියා සිටින්නේ එම දත්තවලට අනුව වසංගතයෙන් නරකම අවධිය අවසන් වී ඇතැයි උපකල්පනය කළ හැකි බවයි.

ඇමරිකානු පර්යේෂකයන් ට අනුව කොරාන මර්දන එන්නත ලබා ගැනීම මගින් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමට යම් කාර්ය භාරයක් කළ හැකිය.

වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම ලෙස පෞද්ගලික මට්ටමින් එන්නත ලබා ගැනීම කළ යුතු බවද පර්යේෂකයන් සදහන් කර ඇත.

88,282 views

25 Comments to “ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..”

  1. සම්පත් says:

    රට ඇරපු ගමන්, ආයි ජෙප්පොයි, පෙරෙට්ටොයි, NGO කාරයන්ගෙන් යැපෙන සෙට් එකයි උද්ඝෝසණ කරලා ආයි ලෙඩේ පතුරවන්න ගනියි. ඒක නිසා රට අරින්න කලින්, මේවා සංවිධානය කරන නායකයන්ව කුදලගෙන යන්න තියෙන්නේ. ප්‍රේමදාස වෘත්තීය සමිති නැවැත්තුව විදියට කරා නම් මේ මොකුත් ප්‍රශ්ණයක් නෑ.