කොරෝනා පරීක්ෂණ ජ’පුර පොසිටිව් ඒවා පස් වතාවක් නෙගටිවු..- ජාසිංහ
July 17, 2020 at 12:02 am | lanka C news
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නතර කිරීම පිළිබඳවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කළේය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී ඔහු මෙම පැහදිලි කිරීම් කළේය.
“ජපුර අපට පී.සී.ආර්. ගොඩක් කරලා උදව් කළා. ජපුර කීර්තිමත් පර්යේෂණාගාරයක්. ඒත් රටට වගකියන වැඩපිළිවෙළක් තියෙනකොට හැමදෙනාම සතුටු වෙන ආකාරයෙන් වැඩ කරන්න බෑ. ඇතැම් පරීක්ෂණවලදී පොසිටිව් කිව්වට නෙගටිව් කියන තත්ත්වයක් ආවා.
ජින්තුපිටියේ සිද්ධිය මෙහිදී ප්‍රධානයි. ජපුර පරීක්ෂණාගාරයේ කරපු එක පොසිටිව් වුණා. ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ තුනක් හා අයි.ඩී.එච්. එකේ පරීක්ෂණ දෙකක් කළා. ඒ පහ නෙගටිව් වුණා. ඒකයි මේක නැවැත්වූයේ. ඒක හොඳ සාකච්ඡාවකින් පසුව ගත් පොදු තීරණයක්. පසුව ජපුර පරීක්ෂණ කිරීමෙන් ඉවත් වුණා.
ජපුර පරීක්ෂණාගාරය ගැන අපි ඔක්ස්ෆර්ඩ් එකෙන් ඇහුවා. මේ ඇතිවෙන තත්ත්වය බරපතළ බව ජපුර කියනවා. පී.සී.ආර්. විශාල ප්‍රමාණයක් කළේ ජපුර විශ්වවිද්‍යාලය. ඔවුන් එන්නත් හදන්න පවා උත්සාහ කළා. නිදි නොලබා වැඩ කළා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
– ada
korona negative kiyala kiwwata ada weddin lankawe athule nirodayanaya wena pirisa 20000 adikayi korona rogin ganana samaga baluwama 1;2000 withara nirodayanaya wenawa