ජ’පුර මහ රෝහලේ අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ…

November 16, 2016 at 2:05 am | lanka C news
ජ’පුර මහ රෝහලේ අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ…

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය දහනය කිරීෙමි මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙම මධ්‍යස්ථානය පරිසර හිතකාමි ලෙස ඉදිකර ඇති අතර, දහනය කිරීෙමි ක‍්‍රීයාවලියේ දී දුම් පිට නොවීම ද විශේෂත්වයකි. ජපානයෙන් ආනයනය කරන ලද යන්ත‍්‍ර සුත‍්‍ර භාවිත කරමින් ඉදිකරන ලද මෙම සායනික ද්‍රව්‍ය දහනය කිරීෙමි මධ්‍යස්ථානයට වැයකරන ලද මුදල රුපියල් මිලියන 22 කි. පැයකට සායනික අපද්‍රව්‍ය කිලෝග්රැුම් 100 ක් දහනය කර විනාශ කළ හැකි මෙම යන්ත‍්‍රය මගින් දිනකට එම රෝහලේ එකතු වන සායනික කසල කිලෝග්රැුම් 300 ක් විනාශ කිරීමට නියමිතය.

මිීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය ද විනාශ කිරිමට මෙම යන්ත‍්‍රය යොදාගැනිමට නියමිතය. එම රෝහල්වල එකතු වන සායනික අපද්‍රව්‍ය ෙමි වනවිට විනාශ කරනුයේ පෞද්ගලික අංශය මගිනි. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කරන මුදල මෙමගින් අවම කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
එමෙන්ම මෙම යන්ත‍්‍රය මගින් දිනකට උණුවතුර ගැලුම් 28,000 ක් ද නිෂ්පාදනය කරනු ලබයි. එමගින් රෝහල්වල දෛනික උණු වතුර අවශ්‍යතාවය සදහා වැයවන මුදල ද අවම කර ගත හැකිවනු ඇත.

– නිපුන් ඒකනායක

0 views
Main News