ජ’පුර රෝහලේ ඥාණසාර හිමිට ශල්‍යකර්මය ඇරඹේ.. ශල්‍යාගාරය වටා දැඩි රැකවල්..

August 20, 2018 at 12:00 pm | lanka C news
ජ’පුර රෝහලේ ඥාණසාර හිමිට ශල්‍යකර්මය ඇරඹේ.. ශල්‍යාගාරය වටා දැඩි රැකවල්..

සය වසරක සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිට එම රෝහලේදී සැත්කමකට භාජනය වෙමින් සිටී.

උන් වහන්සේගේ වකුගඩු ආශ්‍රිතව ඇතිව තිබෙන ගල් තත්ත්වයක් හේතුවෙන් මෙම සැත්කම සිදුකරන බව රෝහල් වෛද්‍යවරු සඳහන් කළේය.

අද පෙරවරුවේ උන්වහන්සේ ශල්‍යාගාරය වෙත ගෙන ගිය අතර ඒ අවට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විසින් දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවකට උන්වහන්සේ වරදකරු කරමින් වසර 19 ක සිර දඬුවමක් හය වසරකින් ගෙවී යන ලෙස උන්වහන්සේට දඬුවම් පනවා තිබේ.

50 views
Main News