ජයගත හැතිනම් ජනාධිපතිවරණයට මා එනවා..- රනිල් කෙලින්ම කියයි..

September 13, 2019 at 10:40 am | lanka C news
ජයගත හැතිනම් ජනාධිපතිවරණයට මා එනවා..- රනිල් කෙලින්ම කියයි..

ඉදිරි ජනාධිපතිවරණය ජය ගත හැකි නම් තමන් ඊට තරග කිරීමට ඉදිරිපත් වන බවත් ජයගත නොහැකි නම් තමන් පිට වී යන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කර ගත්තේ නායකයා ලෙස තමන් බවත් අගමැතිවරයා සදහන් කර ඇත.

අවුරුදු හැත්තෑවක් වන තෙක් දේශපාලනයේ කටයුතු කර තනතුරු රැසක් දැරූ තමනට දේශපාලනය සමුගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව ද ඔහු සදහන් කළේය.

බියගම හා කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයින් පිරිසක් අරලියගහ මන්දිරයේ දී හමුවෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී නායකත්ව අභියෝගය බාර ගනිමින් අසීරුම කාලයේ දී කටයුතු කළ ආකාරයත් එහිදී මතක් කර දුන් අගමැතිවරයා පක්‍ෂය වැටුනු සෑම අවස්ථාවකදීම ගොඩ ගත් ආකාරයද මතක් කර දුන්නේය.

25,729 Viewers

7 Comments to “ජයගත හැතිනම් ජනාධිපතිවරණයට මා එනවා..- රනිල් කෙලින්ම කියයි..”

  1. sw says:

    පක්ෂය තිබුනොත් ඇති .රට විකුනනමි .

  2. Royal Fool says:

    හැකි නම් කියන්නේ මොකද සර්…
    සර් ඉල්ලුවොත් උඩින්ම දිනනවා.
    ගෝඨා කැලේ.
    ඉල්ලන්න සර් බය නැතුව .
    උපන් ගෙයි UNP කාරයො ඉතරක් නෙවි,
    ලංකා C නිවුස් බලන ලියන අයත් අපි ඔක්කොම ලා දෙන්නේ අපේ රනිල් සර් ට තමා.

    ජනාධිපති වෙලා හමුවෙමු සර්.

    • Samuel says:

      අමිමප සර් ඹබතුමා මෙි රටට කරල තියන වැඩ කිඩ දැක්ක මොන යකාද චන්දෙ නොදී ඉන්නෙ. මමම හිතන්නෙ ඹබතුමා 65.7%ක ප්රතිශතයකින් දිනනවා. බය නැතුව ඉල්ලන්න.

  3. wije says:

    As a Citizen out of party politics I think what PM has said is correct more than enough. He is the only person in politics with a vision for the future.But most of the adults of the country has no sense of that.That is because of the bad luck of the whole people of the country at large. PM is a pride a country like us in the international arena.

  4. “එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී….” එතකොට නම් මතක් වෙන්නෙ එකම එක දාස කෙනෙක්..එහෙම බලන කොට නම් සජී ට අපේක්ෂක කම නොදෙන්න රනිල්ට ඇති දැඩි අකමැත්ත යූඇන්පී නොවන අපටත් තේරුම් ගන්න පුලුවන්..

    ඒත් ඉතිං තේරුම් ගන්නම බැරි.. තම පක්ෂ සාමාජිකයන් දස දහස් ගණනින් මැරෙද්දී ආණ්ඩු කළ පක්ෂයක් සමග ‘සහෝදරවරු’ දීග කන හැටි තමයි..

    එහෙම බැලුවහම රනිල්ට යම් ප්‍රතිපත්තියක් තියෙනව..

    • Rupa says:

      රටම විකුනන් කෑවත් අනුන් තම අනසකට ගැනීමෙදී මට රනිල් එඩිතර නැතත් කට්ට කමට නමි දක්ශයෙක්ම වගෙ පේන්නෙ.. සජිත් ඒ අතින් කිසිම අවදානමකට මුහුන දීමකට හෝ අලුත් සැලසුමකට හෝ පදනමක් නැති පිරිමියෙක් නොවන පිරිමියෙක්. ඕ හින්ද එජාපෙ මෙි පාර පැරදුනත් දුර දිග බලල තීරන ගන්න්ව නමි රනිල් තමයි අපේක්ශකය විය යුත්තේ.

  5. gamarala says:

    කෝට්ටේ දොන් ජුවන්ට අන්තිමට මොකද උනේ මේ ගැන අප සොයා බැලිය යුතුය

Main News