ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් ජයන්තට කැටගොඩ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට ගහන්න පනී..

October 21, 2020 at 1:20 pm | lanka C news
ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් ජයන්තට කැටගොඩ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට ගහන්න පනී..

’ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය.

අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි.

මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ.

එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය.

– repoter

144,565 views

46 Comments to “ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් ජයන්තට කැටගොඩ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට ගහන්න පනී..”

  1. සිංහල බන්ඩා says:

    කැටගොඩ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවට සුදුස්සෙක් උනේ කොහොමද?

    • ක්‍රිමිනල් says:

      කැටගොඩයා මොනාද බෛයො ! අර මිණීමරු චෝකා මල්ලිත් උබලා උඩ දාගෙන පාර්ලීමේණ්තුවට එව්වේ! උබලා වගේ වෝට’ර් බෆලෝස් ලා ඉන්නකං මේ රටට සදා සොත්තී.

      • මැකෝ says:

        ඕක මොකක්ද ගවපාලන මී හරකො, බටලන්දෙ, ටයර් සෑවල මිනීමරුවොයි, උන්ට විරුද්ධව අරගල කරපු ගල්කටස් ඩප්පි JVP මිනීමරුවොයි එකට තියල බලයට ගෙනාවෙ රටට යහපාලනේ ගේන්න කියල.

    • Alapaluwa says:

      උබ ඡන්දෙ දුන්න එකාගෙන් අහගනින්.

    • සිරිසේනගෙ තාත්තා says:

      කැටයා කාලයක් අවිස්සාවේල්ල යූඑන්පී සංවිධායක වෙලා හිටියා වගේ මතකය්.

  2. ක්‍රිමිනල් says:

    20 ගේන්න ඉස්සෙල්ලා අමූ බෛයන්ටම කෙලලා පටං ගන්න එක හොදයි ! එකෙන් මුළු රටටම අදහසක් ගන්න පුළුවන් , සර්වබලධාරී බලතල 20 න් ලැබුනහම මොනවා වෙයිද කියන කාරණාව . මේ ගැටුමම ඇති 20 වෙනි සංශෝධනය පරාජය කරන්නේ . ලබ්බට තියපු අත පුහුළට අනිවාර්යයෙන්ම තියනවා ආයේ දෙකක් නෑ !
    #20පරාජය කරමූ !

  3. Raymond says:

    දිත්ව පුරවැසියන් ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩදීම බයානකයි. මොකොද දෙමළ ඊලාම්කාරයෝ බටහිර රටවල්වල පුරවැසියන්, ඔවුන් එම රටවල්වල ක්‍රියාකාරී සහ සංවිදානාත්මකයි, සල්ලි තියෙනවා. බටහිර රටවල් දිවිත්ව පුරවැසිකම් ඇති දෙමලුන් පිල්ලි වශයෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න පුලුවන්.

  4. Raymond says:

    දිත්ව පුරවැසියන් ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩදීම බයානකයි. මොකොද දෙමළ ඊලාම්කාරයෝ බටහිර රටවල්වල පුරවැසියන්, ඔවුන් එම රටවල්වල ක්‍රියාකාරී සහ සංවිදානාත්මකයි, සල්ලි තියෙනවා.

    බටහිර රටවල් දිවිත්ව පුරවැසිකම් ඇති දෙමලුන් පිල්ලි වශයෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න පුලුවන්.

  5. Kodituwakku says:

    විමල් මහතාගේ ඍජු ප්‍රතිපත්තියට ජයවේවා ! ජනමතය විකුර්ති කරන්න දෙන්න එපා.

  6. කාන්තාර පළඟැටියා says:

    පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙ අනිත් අය එක්ක බලද්දි කැටගොඩ හාදයා නිකම්ම නිකම් කබ්බෙක්. වෙන සුදුසු මිනිස්සු නැතිවට නෙවෙයි මේ කබ්බව දැම්මේ. මේ කබ්බා ගිරවෙක්. ද්විත්ව පුරවැසියන් ගිරවුන්ට ආසයි. ඒ නිසා කබ්බව දැම්ම ජාතික ලැයිස්තුවට. මහින්ද මහත්තයවත් පරද්දලා ගෝඨාභය මහත්තයවත් පරද්දවන්නයි ද්විත්ව පුරවැසියගේ මේ වෑයම..

  7. මුල අමතක කර ජාතික නිදහස් පෙරමුනේ නිදහස් මතයට එරෙහිවීම, මීලග මැතිවරනයකදී, පොහොට්ටුව අරබන අපගමනයේ, මංගල කෙලවා ගැනීමයි. විමල් යනු ජාති හිතේශි ජාතික නායයකු බව තේරුම් ගැනීමට බැරි, ජාතික ලැයිස්තු පිම්පියන්ට, ඊලග චන්දයකදී මතක් කර දීමට අපි සූදානම්

  8. SANKA says:

    අහක ඉන්න වැඩකට නැත් ගඳයන්ව පාර්ලිමේන්තුවට ගත්තහම මේවා තමා බලාපොරොත්තු වෙන්ඩ වෙන්නේ.

    චන්ද 10 ක් ගන්ඩ බැරි උන්ව ඇතුලට ගන්නවා. වැඩ කරලා කටු කාපු උන් එලියේ තියලා.

    තව එකෙක් ඉන්නවා ටිරාන් කියලා. එක වචනයක් කතාකරලා නෑ. හැබැයි හැමදාම ජාතික ලැයිස්තුවේ .

  9. අතුලසෞදි says:

    මම ජයන්ත කැටගොඩ ගැන කිසිත් නොකියමි .හැබැයි ජා.නි.පෙ. විමල් වීරවංශ ,මුසමිල් යන මන්ත්‍රීවරු පටු ලාභ ප්‍රයෝජනයට තම ප්‍රතිපත්ති පාවා නොදෙන බවට කැට තියල කියන්නේ .

  10. අතුලසෞදි says:

    මා දන්නා එක් කරුනක් කියන්නම්,සිය දරුවව පාසලට දාගන්න සිය මන්ත්‍රී තනතුර අවභාවිතය නොකරපු කෙනෙක් තමයි මොහොමඩ් මුසමිල් .මෙය මීට වසර කීපයකට පෙර සිදුවු දෙයක්.මගෙ පුතත් එම වසරේම පලමු වසරට ඇතුලත් වීමට ඉල්ලුම් කලාමගේ පුතා රාජකීය විදයාලය තේරුණා . මුසමිල් ගෙ පුතා වෙනුවෙන් ඇවිල්ලා හිටියේ අම්මා විතරයි .එයාව තේරුනෙ නැහැ .සත්‍යය සිදුවීම් .

Main News