ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් ජයන්තට කැටගොඩ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට ගහන්න පනී..
October 21, 2020 at 1:20 pm | lanka C news
’ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය.
අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි.
මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ.
එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත.
මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය.
– repoter
mu kalawaddage otthukarayek
දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව හෝ රජයේ කිසිදු තනතුරක් හෝ රජයේ දෙපළ දැරීමට නොහැකි කරන්න
US citizens should not be allowed to visit Sri Kanka.
We like Thaleiban system!
කැටයා පන්නමු…
මෙලෝ රහක් නැති,ගමට,රටට වැඩක් නැති ,මහජන ප්‍රසාදයක් නැති,ලැයිස්තු මන්ත්‍රී කැටගොඩයා පන්නා දමව්.
පල ගොන් හම්බයා ඒක අපි බලාගන්නම්.
උඹ කැටගොඩ කියන ගොන් නාම්බගෙ හෙන්චයියෙක්ද?ලැජ්ජයි බං.
wimalge adahasa api anumatha karanawa. ketagoda maha para…….
bankuwata singappuru para path kara siduwu winansa dekkada,,,, basil sure rat kala wanasa america paninawa.. ayya malo eya rakinawa
devi pihitayi wimal
රට සෑම උපදුවයකින්ම බේරා ගැනීමට ඉදිරිපත් වූ දේශහිතෛශී චරිතය විමල් වීරවංශයි….ඔහු නොහිටින්නට මෙරටට වන අගතිය මෙතකැයි කිව නොහැක….ජයන්ත කැටගොඩ මහතා සරත් ෆොන්සේකා මහතා සමග සිට පසුව මෙම කදවුරට එක්වූවෙකි…නිවැරදි මත දරන්නන් නොමගට ගැනීමට .ඔහු දැරූ ප්රයත්නය ලජ්ජා සහගතය….කල වරද පිළිනොගෙන ගෝත්‍රික ගති පෙන්වීමට යාම කණගාටුදායකය…එක කදවුරක සිට සත්‍ය විනාශ කිරීමට යත්න දැරීම ජයන්ත කැටගොඩ නොකල යුත්තකි..
Ketagoda Nove, Ketha Goda..
Muu Sarath Fonseka Baradunnu Manthrikama, aapasu illuwahama, behe kivva Jadayek.
Mona magulakata muuwa Manthri kolada?.
Kata hari Badu supply korada.
කැටගොඩ අශූචි කන ගමන් අනික් අයටත් අශූචි කෑමට ආරාධනා කරනවා. හරිම අපූරුයි.
දැන් තේරනවද විමලෝ සල්ලි හම්බකරල ජීවිතෙ ලැබුවාද? Jvp එකේ හිටියන්ං කොන්ද කෙලින් තියන් ඉන්නව නේද? හිටුවට ජීවිතේ ආතල් කියල
ලැජ්ජවෙනව , ගුටිකනව, ගේම් ප්ලේ කරනව, මහන්සි නැද්ද.