ජයම්පති, සුමන්තිරන්, පාක්‍යසෝති නීතිඥකම විෂචාරයේ යොදවලා.. අගවිනිසුරුවරැට පැමිණිලි කෙරේ.. ජනාධිපති සාක්ෂියි..
June 28, 2019 at 4:40 pm | lanka C news
පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකර ඇති ”19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ නීති විශාරදයන්ද එහෙම නැත්නම් දේශපාලන මකබාස්ලද කියා තමන්ට ප්‍රශ්නයක් ඇති බව” යන ප්‍රකාශයෙන් නීතීඥවරයන් කිහිප දෙනෙකු විසින් 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීති උල්ලංඝනය කිරීම් සිදුවී ඇති බවත් ජයම්පති වික්‍රමරත්න,එම්. ඒ. සුමන්තිරන් සහ පාක්‍යසෝති සරවනමුත්තු යන නීතිඥවරයන් නීතිඥ වෘත්තිය පිළිබද ඇති සමාජයේ පිළිගැනීම, ගරුත්වය සහ වෘත්තීයභාවය අභිමානය බිද වැටිය හැකි ආකාරයට ක්‍රියාකර ඇති බව දක්වමින් නීතිඥ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරිම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.
ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශ අනුව නීතිඥවරයන් සියලු කටයුතුවලදී සෘජු ලෙස සහ අවංකව කටයුතු කළ යුතු වීම, සේවාදායකයාට අවාසිදායක හානිකර වන අකාරයකින් ක්‍රියා නොකළ යුතු වා මෙන්ම නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයකින් කටයුතු නොකිරීමත්, වෘත්තීය කටයුත්තකදී පෞද්ගලික බැදීම් සහ පෞද්ගලික සම්බන්ධතාවලින් එයට බලපෑම් වීමට ඉඩ නොදිය යුතුය යන්නෙන් බැහැරව ජනාධිපතිවරයා සැළකුම් ලබා ඇති බව දක්වමින් ඒ සම්බන්ධව පරීක්ෂා කරන ලෙසද ඉල්ලා ඇත.
වර්ෂ 2015 අප්‍රේල් 27 වන දින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාව අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති අතර නමුත් පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී ඒ සම්බන්ධව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශ මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී එනම් 2015 දී එතුමා බරපතල ලෙස නීතිමය නොමග යැවීමකට සහ රැවටීමකට ලක්ව සිට ඇති බව පැහැදිලි වන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයකු සතුවිය යුතු රටේ ආරක්ෂාව සම්බන්ධ විධිවිධාන අහිමිකර ඇති අතර තවද ජනමතවිචාරණය සම්බන්ධව ජනතාව සතුව තිබූ ඡන්ද බලයේ එක් අවස්ථාවක් ජනතාවගේ කැමැත්තෙන් තොරව ඉවත්කර ජනතා පරමාධිපත්‍යය අභිබවා යමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇති බවත් අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කර ඇත.
(එකී පැමිණිල්ල පහත දැක්වේ)
– අරුණ ලක්සිරි
එංගලන්තය ජනාධිපතිවරයාගේ කනෙන් රිංගා ආරක්ෂක අමාත්‍යාංශය බෙදුම්වාදීන්ට ලබා දී ඇත..කොහොමද පොළොන්නරුවෙ ගල් ආදගෙ කනෙන් රිංගපු හැටි
ආප්පයා කෙලින්නෙ තනිකර පිස්සු
නීති විශාරද ශිරාල් ලක්තිලක ගොයිය මොනවද? බොල කොලේ..දතා එක්ක කූරු හිටෙව්වද?
බෙදුම්වාදීන් බල්ටිගහන පාර්ලිමේන්තුවේ කවුරු ආරක්ෂක ඇමතිකම ගත්තත් රට අනාථයි…හමුදාව අනාථයි..!
19 ගෙනවිත් ඇත්තේ සිංහලයන්ගේ ඇහැට වැලි ගසා ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිගෙන් පන්නා ගැනීමට වගේ. 2009 යුද්ධය දිනුවේ ජනාධිපති ලග ආරක්ෂක අමාත්‍යාංශය තිබූ නිසා බව කොටි නඩය හොදින් දනී. දැන් සුමන්තිරන්ට පුලුවන් අගමැට්ටා හරහා ආරක්ෂක අමාත්‍යාංශය අබරවන්න..කොහොමද 19 ගෙනාපු NGO හාල්පාරුවන්ගෙ ටිකිරි මොලේ..
කොටි පැටවුන්ට ආරක්ෂක අමාත්‍යාංශය කෙලිබිමක් කිරීමට පාර්ලිමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය ගත් බව පැහැදිලිය. රවුෆ් හකීම් වරායේ සිටියදී ඔහුගේ ඇම්බැට්ටයන්ගෙන් වරාය පුරවා ඇත. මංගල සමරවීරටහ් එසේමය. ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුට ගියහොත ලංකාවට දෙවි පිහිටයි.
19 අටමගුල ගෙන ආ මෛත්‍රී ම එය ඉවත්කිරීමත් කළ යුතුය.
Jayampathi was a questionable character even from university days.
ජයම්පතිගෙ කෙරුවාව බලාගතහැකියි වික්ටර් අයිවන්ගෙ අධිකරණ ස්වාධීනත්වය පොත කියෙව්වනම්…ඔය වගේ අයනෙ රටට පාර කියන්න යන්නෙ
ඌ NGO කුක්කෙක්! තුට්ටු දෙකේ අරික්-කාල් මාක්ස් වාදියෙක්!
මේ සුනඛයෝ තුන් දෙනාගෙන් එක සුනඛයෙක් නේද අතිපූජ්‍ය අස්ගිරි මහා නායක හිමියන්ට
විරුද්ධව උසාවියේ නඩු දාල තියෙන්නෙ?