ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට.. ඇමතිනි පවිත‍්‍රාගේ දැනුම් දීමක්..

November 14, 2020 at 9:38 pm | lanka C news
ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට.. ඇමතිනි පවිත‍්‍රාගේ දැනුම් දීමක්..

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අද දිනයේ අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසීමේදී ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමනට එම ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම මත ධුරයෙන් ඉවත් වූයේ යැයි සඳහන් කර ඇතැයි ‘රිවිර’ වෙබ් අඩවිය වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුට දැනුම් දී ඇතැයිද සදහන්ය.

මීට පෙර ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලදී.

ඊට පසුව එම ධුරය සඳහා වෙනත් අයෙකු නම් කරමින් ඔහු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලද අතර ඔහු එම ධුරයේ කටයුතු කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

144,457 views

39 Comments to “ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට.. ඇමතිනි පවිත‍්‍රාගේ දැනුම් දීමක්..”

  1. Janaka from Matara says:

    ..The peoples of a land are owners of that land and therefore are supreme.
    ..to manage the affairs of their land, the people need to empower a ruling team – called government.
    ..the problem is that power corrupts – it corrupts individuals, it corrupts governments.
    ..change of power has never been an easy thing for humans, – it has been very bloody affairs in the past. Many thousands get killed each time there was a change/transfer of power.
    ..democracy as a means of governance is not the most efficient – that is true.
    ..but it is the best mechanism available to humans to give the power to rule, from one team to another, that people think are better suited.
    …if a system becomes corrupt, it is no longer efficient, it is not fair, it is not law-abiding, and it is not moral.

  2. Kevin says:

    අන්න ප්‍රජාතන්ත්‍රවාදය. ….

  3. ට්ට says:

    මේකේ ඇත්ත දාන්න අය මේකට මුකුත් කියන්නේ නෑ.
    ඔහු විශේෂඥ වයිද්‍යා වරයෙක් නොවෙයි..ඔහු හිටියේ වඩා බලන තන තුරේ. පසුව ඔහු නියම තනතුර ලබා දෙනු ලැබීය. නමුත් වාචාලකම උරුම කොට උපන් පින්වත් කුමරුට කොච්චර ඉගෙන ගත්තත් වගකීමෙන් කතා කාල නොහැකි නිසා දැන් බලු වි ඇත

Main News