ජයරුවන් රහස් පොලිසි නොපැමිණේ.. ඔහු වෙනුවෙන් සජිත්ගේ නීති ලේකම් පැමිණේ…

September 1, 2021 at 10:00 am | lanka C news
ජයරුවන් රහස් පොලිසි නොපැමිණේ.. ඔහු වෙනුවෙන් සජිත්ගේ නීති ලේකම් පැමිණේ…

දේශීය ඖෂධ නිෂ්පාදනය සහ කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිදු කල දැනුම්දීම අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි නොපැමිණි අතර නීතීඥවරු මගින් දැනුම් දුන්නේ තමන්ට කොරෝනා රෝගය වැලදී සිටින බවයි.

මෙහිදී විශේෂත්වය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන වීමයි.

ඊයේ දිනයේ රහස් පොලිසියට කැදවා තිබුනද ඔහු එහි නොපැමිණ දින 14ක කාලයක් ඉල්ලා සිට ඇත.

58,162 views

63 Comments to “ජයරුවන් රහස් පොලිසි නොපැමිණේ.. ඔහු වෙනුවෙන් සජිත්ගේ නීති ලේකම් පැමිණේ…”

  1. Pushpa Ekanayaka says:

    මෙයාලා කරන දෙයින් වෙන්නේ විපක්ෂයේ සෑබැ භූමිකාව මිනිස්සුන්ට තේරෙනවා…. මෙයාලා මිනිස්සු ගැන හිතනවානම් මෙහෙම කිසිම පදනමක් නැති දේවල් සමාජගත කරන්නේ නැහැ…. ලැජ්ජයි ඇත්තටම මේ වගේ අයටනේ අපිත් ජන්දේ දුන්නේ .. බලාගෙන යනකොට UNP,සමගි JVP මෙයාලයි fail..

  2. Nimesh pathirana says:

    ඖෂද මාෆියාව තරම් ලංකාව තුල ශක්තිමත් මාෆියාවක් නැහැ… මාෆියාකාර වරුන් රජ කරන මේ වහේ යුගයක සම්පදායික දේශපාලනය ඔබ්බට ගිහිල්ලා නව දේශපාලන මුහුනුවරක් ගත්ත පිරිසක් මේ ආණ්ඩුවේ ඉන්නවා දැන්… ඇත්තටම සතුටුයි.ඒ අභියෝගයන් වලට අභියෝග කරලා ඖෂධ අපේ රට තුලම නිෂ්පාධනය කරන්න ගත්ත තීරණයම පිනක්.. ජයරුවන්ලා විපක්ෂ සමග එකතු වෙලා නතර කරන්න ගියේ මේ වගේ දේවල් තමයි. අරමුණු ගොඩක් තියෙනවා කියලා පැහැදිලි..