ජයලලිතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝක ප‍්‍රකාශයක්.. උතුරු පළාත් සභාවේ දැඩි ශෝකය.. වතුකරයේ පුද පූජා..

December 6, 2016 at 3:50 pm | lanka C news
ජයලලිතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝක ප‍්‍රකාශයක්.. උතුරු පළාත් සභාවේ දැඩි ශෝකය.. වතුකරයේ පුද පූජා..

හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කිරීමේ ප‍්‍රකාශයක් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාස්ල් නිර්මලනාදන් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබීය.

උතුරු පළාත් සභාව විසින්ච අද ශෝක යෝජනාවක් සම්මත කලේය. මහ ඇමති විග්නේෂ්වරන් විසින් එම සභාවට ඉදිරිපත් කරනු ලැබීය. සභාව හෙට දක්වා කල් දැමීය.

අද දිනයේ පළාත් සභාව ආරම්භ වූ අවස්ථාවේදී ජයලලිතා වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලදී.

මේ අතර වතුකරයේ දෙමල ජනතාවද ජයරාම්ගේ අභාවය නිසා ආශිර්වාද පූජා බොහෝමයක් පැවැත්වීය.

44654565

42 views
Main News