ජලගැලුම් නිම්නය වනසන බවට ඇමති විමලවීරට චෝදනා.. වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක් යලි අරඹති..
December 6, 2020 at 4:40 pm | lanka C news
එක්බද්ධ වනජිවි නිලධාරි (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා (06) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ බැව් පැවසිය.
සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනිතිත කටයුතු සිදු කිරිම සදහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්නවා.
අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමින් විසදුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නැ.
එ නිසා (07) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹි ගහ කොල සතු සිව්පාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා.
(07) දිනයෙත් සංකේතාත්මක වැඩ වර්ජනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා.
ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා එතෙක් සංකේත වැඩ වර්ජනය සිදු කරනවා.
ජෛව සම්පත ආරක්ෂා කරගැනිම සදහා තමයි මේ ජල ගැළුම් නිම්නය ඉදි කරලා තියෙන්නේ.
රක්ෂිතය තුලට ගවයන් ඇතුලු කලහොත් පොලොන්නරුව දිස්ත්‍රික්කයටම අලි මිනිස් ගැටුම වලක්වන්න බැරි වෙනවා.
අලින්ගේ නිජභුමිය තමයි ජල ගැළුම් නිම්න රක්ෂිතය.
මේ රක්ෂිතයට ඇතුල් කරන ගවයෙක් දිනකට කිලෝ 40 ක් පමණ ආහාරයට ගන්නවා.
ගවයන් පස් දෙනෙක් අලියෙකුගේ දිනක ආහාර ප්‍රමාණය නැති කරනවා.
ගවයන් විසිදහසක් තිස්දහසක් පමණ ප්‍රමාණයක් තමයි මේ රක්ෂිතයට ඇතුල් කිරිමට කටයුතු කරන්නේ.
එ නිසා අලි මිනිස් ගැටුම වලක්වන්නේ කොහොමද?
කිලෝමිටර් 11.5 මාර්ගයක් තමයි මේ ඉදි වෙන්නේ, මෙම මාර්ගය වර්ෂයක මාස දෙකක් ජලයෙන් යට වෙනවා.
මේ ගම්වාසින්ට කිලෝමිටර් 30 කපට් ඇතිරු මාර්ගයක් ලබා දිලා තියෙනවා, මෙම මාර්ගය තිබියදි තව මාර්ගයක් ලබාදිමේ අවශ්‍යයතාවයක් අපි දකින්නේ නැ?
අවු 34 භාවිතා නොකල මාර්ගයක් ඇයි දැන් අවශ්‍යය වෙන්නේ? මෙම මාර්ගය හරහා වෙනත් අනිතික කටයුතු සිදු කිරිමට තමයි කටයුතු කරන්න හදන්නේ.
මහවැලි ගගේ වැලි නිධි හරහා තමයි මෙම මාර්ගය ඉදි කරන්න හදන්නේ.
ගම්වාසින්ට අවශ්‍යය මාර්ගය මහවැලි යෝජනා ක්‍රමය මගින් ඉදි කරලා දිලා තියෙනවා.
මේක දේශපාලනික වාසි ලබා ගැනිම එක් අරමුණක් වෙනවා. මේ රක්ෂිතයේ තිබෙන වාණිජ සම්පත් තවත් එක් අරමුණක් වෙනවා.
මහැවැලි නිම්නයේ වැලි ගොඩ ගත්තොත් මුහුදු ජලය රට තුලට එනවා. ඒ තුලින් පරිසර පද්ධතියේ ලවණතාවය වැඩි වෙනවා.
පොලොන්නරුව මුහුදු මට්ටම සමග ඉතාමත් පහතින් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා භුගත ජලය සමග මේ ලවණතාවය මිශ්‍ර වෙනවා.
මේක අවුරුදු ගණනාවකින් ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා, 1984 දි මේක රක්ෂිතයක් බවට පත් කල යුත්තේ ඇයි කියලා සදහන් කරලා තියෙනවා. යනුවෙන් පැවසිය
– හැටන් රංජිත් රාජපක්ෂ
අපි ස’ලට ඕනතරම් ගස් කපාගන්න වැලි ගොඩ දාගන්න ඡන්දෙ දීල තියෙන්නෙ. පැරදිච්ච හිපාටු UNP/SJB/JVP හිඟන්නු කට වහගෙන හිටපල්ල.
ස’ කරපු දෙයක් නෑ.
ගස් කපනකොට, වැලි ගොඩ දානකොට ස’ බලයේ හිටියා පමණයි.
උඹ කියන්නෙ ස’ත් හිටං වගේ පඹයෙක් කියලද? අනේ නිකං වැඩක් බලාගෙන පලයං ජෙපි හිපාටුව.
මේ ගව ප්රශ්නය 1940 ගණන් වල ඉඳලා තිබුනා. අලිත් බෝවෙනව.
ප්‍රශ්න මවල රස්සාවල බලය පුම් බන වෘත්තිය සමිති කාරයෝ.
රජයෙ සෙවයට ආව නම් රජයෙ සේවය කරන්න.
රජය කරන්නෙ ඒ පෙදෙසේ ජනතාවගේ පාර නැවත ලබා දීම.
තමන් ට ඕන විදියට රජයට නියෝග දෙන්න යන සමිති කාරයො.
Eka ඇත්ත mun ekka kisi deyak nidahase karanna baha . parisaraya kannda . api chande dunne oona deyak nidahase karanna . ගස් kannada pittani tike තණකොළ thibbama athi apita
අපිත් බය්යො තමා හැබැය් ඔච්චර බය්යෙක් වෙන්න යන්න එපා…. ඒක ලෙඩක්..!!
Ethakota UNP balaye innakota witharada Kala kapana eka waradi. Nikan katata awata gon Katha kiyanna epa. Parisa winashaya kawuru kalath waradi. Mokada Polo maruwata karapu winasha athi. Thawath atha thiyanna denna epa. E wagema mulu lankawe okkoma ekathu wenna one. Amathilata license deela na eyalage awurudu 5ta rata winasha karanna.
දැන් වන ජීවි ඇමතියගෙන් තමයි වනය බේරගන්න වෙලා තියෙන්නෙ , පරිසර ඇමතිය ගෙන් පරිසර යත්, කුෂිකර්ම ඇමතියගෙන් ඒකත් බේරගන්න ජනතාවට වෙලා තියෙන්නෙ .
හරකුන්ට ඉඩ දීපියව්.හරකුන් වෙනුවෙන් හඬ නගන ඇමතිට අත නොතබව්.බුලත් විටක් හපල එනකං ඉඳිව්.
වනජීවියෙක් වනජීවි ඇමති වුන කල මෙසේ සිදුවේ.